ලෝක කාලාගුන විද්‍යා සංවිධානයේ වාර්තාවකට අනුව 2016 මෙතෙක් වාර්තාවූ උනුසුම් බවින් ඉහලම අගය වාර්තා කල වර්ශය බවට පත්ව තිබෙනවා. මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා පමනක් උශ්නත්ව වර්ධනය සෙල්සියස් අංශක 1.2 ක්. 2015 වසර 2016 ට පෙර වැඩිම උශනත්ව වර්ධන අගය සටහන් කල වසරයි. මෙසේ ක්‍රමානුකූලව වාර්ශික උශ්නත්වය වැඩිවීමට බලපා ඇති ප්‍රධාන සාධක වන්නේ, එල්නිනෝ සංසිද්ධියත්, කාබන්ඩයොක්සයිඞ් හා හරිතාගාර වායු පරිසරයට එක්වීම.
ගෝලීය උනුසුම වර්ධනය හඳුන්වන සංසිද්ධියේ ස්වරූපය වන්නේ, පෘථිවි පෘශ්ඨය මතුපිට ඒ ආසන්නයේ පවතින වාතයේ සහ මුහුද මතුපිට උශ්නත්වය ඉහල යාමේ සාමාන්‍ය අගය වැඩිවීමයි.
මෙසේ උශ්නත්වය ඉහල යාමට මූලික හේතුව ලෙස සලකනු ලබන්නේ, කාර්මීකරනය හේතුකොටගෙන සිදු කෙරෙන අධික ඉන්ධන දහනයත්, වනාන්තර ප්‍රමානය සීඝ්‍ර ලෙස අඩුවීමත්, හේතුවෙන් සිදුවන වායුගෝලයේ පවත්නා හරිතාගාර වායූන්වල සාන්ද්‍රනය ඉහල නැගීමයි. මේ සියල්ල මිනිස් ක්‍රියාකාරකම්.
ඉහත සඳහන් කල පරිදි ගෝලීය උනුසුම ඉහල නැගීමේ ප්‍රතිඵල ලෙස උතතරාර්ධ ගෝලයේ හා දක්ශිනාර්ධ ගෝලයේ අයිස් තට්ටු සීඝ්‍ර ලෙස දියවීම පෙන්වා දිය හැකියි. කාබන්ඩයොක්සයිඞ්, ක්ලෝරෝෆ්ලූරෝ කාබන්, නයිට්‍රස් ඔක්සයිඞ්, මීතෙන් හා බ්‍රෝමීන් හරිතාගාර වායූන් ලෙස දැක්වෙනවා. ඊට අමතරව පහල වායුගෝලයේ දී ජලවාශ්ප හා ඕසෝන් වායුවද හරිතාගාර වායු ලෙස සැලකෙනවා. පාථිවි ගෝලය තුල කාබන්ඩයොක්සයිඞ්, නයිට්‍රස් ඔක්සයිඞ් හා මීතෙන් ආදී වායුන් ස්ථාවර උශ්නත්වයක් පවත්වා ගැනීමට ක්‍රියා කරනු ලබනවා. මෙ මගින් පෘථිවි ගෝලය තුල චක්‍රීය ක්‍රියාවලියක් ලෙස උශ්නත්වය පාලනය වීම නව තත්වයන් යටතේ අභිනවයෙන් එක්වූ හරිතාගාර වායූන් නිසා උශ්නත්වය රඳවා තබා ගැනීමේ හැකියාව ඉහල යමින් තිබෙනවා. ජලවාශ්ප ද හරිතාගාර වායුවක් බැවින් එයද ගෝලීය උනුසුම වැඩිවීමට හේතුවක්. උශ්නත්වය වැඩිවන විට වාශ්පවන ජලය වාශ්ප වන ප්‍රමානයේ වැඩිවීමද මෙම ක්‍රියාවලිය අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිපෝශනය වීමට ද හේතුවක්. උශ්නත්වය සෙල්සියස් අංශක එකකින් ඉහල යනවිට පෘථිවි වායු ගෝලයේ ජල පරිමාව සියයට හතකින් (7%) ඉහලට නැගෙනවා. ජලයේ ආර්ද්‍රතාවය මෙසේ වැඩිවීම නිවර්තන කුනාටුවලට අතවැනීමක්. එමගින් වර්ශාපතනය දෙගුන විය හැකියි.
උශ්නත්වය වැඩිවීම හේතුවෙන් පෘථිවිය දැනටමත් මුහුන දෙන විපාක වර්ධනය වෙමින් තිබෙනවා. මුහුදු ජල මට්ටම 20ජප න් පසුගිය සියවස තුල වැඩිවෙලා. එය මුහුදු ජීවීන්ගේ බිත්තර, කීට, පිලා ආදී අවස්ථාවන් සඳහා අනතුරුදායක වෙලා. එමගින් සාගර ජීවීන්ගේ පැවැත්මට, සාගරික ආහාරදාමයේ පැවැත්මට මෙන්ම මිනිසා සඳහා ආහාර නිපැයුම් ගැටලුද ඇතිකරනවා.
දක්ශින හා උත්තරාර්ධ ගෝලයන් හී අයිස් තට්ටු දියවීමේ ප්‍රතිඵලය වන්නේ සාගර ජල මට්ටම ඉහල යාම. වර්ශාපතන රටාවන්ගේ වෙනස්වීම් ද තවත් අනතුරුදායක තත්වයක්. තෙත් බිම් වියලී යාමට මෙන්ම වියලි බිම් තෙත් බිම් බවට පත්වීමටද එය හේතුවෙනවා. මේ තත්වය ආහාර නිශ්පාදනයට ලොකු අනතුරක්. මේ උශ්නත්වය වැඩිවීම පැලෑටිවල වාශ්පීකරන ක්‍රියාවලිය අධික වී පැලෑටි වියලී යෑම ඉක්මන් වෙනවා. භූගත ජල මට්ටමද පහල වැටෙනවා. වාශ්පීකරනය අධික වීම හේතුවෙන් භූගත ජලය පොලොව මතුපිටට ඛනිජ ලවන ද සමග ඇදී ඒමෙන් පස් මත තැන්පත්වීමෙන් එහි ලවනතාවය වැඩි වෙනවා. ශාක වර්ධනයට එය බලවත් හානියක්. එමෙන්ම පානීය ජලය ද දූෂිත වෙනවා.
පෘථිවි ගෝලයේ උනුසුම ඉහල යාම හා බැඳෙන තවත් සංසිද්ධියක් විදුලි කෙටීම් ඉහල යාම. එය උනුසුම වැඩිවන එක් සෙල්සියස් අංශකයකට සියයට දොලහක (12%) වැවිඩීමක්. ලැව්ගිනි ඇතිවීමටත් මේ විදුලි කෙටීම්/අකුණු හේතු වෙනවා. එමගින් හරිතාගාර වායූන් මුදාහැරීමේ ක්‍රියාවලිය මත සියලු දේශගුනික සාධක අතර ඇතිවන අන්තර් සබඳතා ඇති කරන්නේ ප්‍රබල අනතුරුදායක තත්වයක්.
ලෝකය මේ දේශගුනික විපර්යාස අත්පත් කරගන්නේ ප්‍රධාන වශයෙන් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්. ඉන් ඇතිවන බලපෑම සත්ව සන්තතිය කෙරෙහි ඇතිකරන්නේ විපාක රැසක්. ඒ පිළිබඳ අනාවැකි ද විද්‍යාඥයින් විසින් පෙන්වා තිබෙනවා. ඉන් කීපයක් මෙසේයි.
■ ඉදිරි අවුරුදු සියය ඇතුලත මාලදිවයින් ගිලීයාම
■ සාගර ජීවීන්ට සිදුවන බලපෑම් මත මත්ස්‍ය ආහාර නිපැයුම බිඳවැටීම
■ අයිස් තට්ටු දියවීමේ ප්‍රතිඵලයක් ලෙස ගෝලීය උශ්නත්වය ඉහල යාම මගින් ජීවීන්ට කෙරෙන බරපතල විපාක
■ වර්ශාපතන රටාවන්ගේ වෙනස්වීම නිසා කෘශිකාර්මික කටයුතුවලට සිදුවන හානි
■ ලවන මිශ්‍ර කරදිය ගොඩබිම මත පැතිරීමෙන් පානීය ජලය දූශිත වීම හා කෘශිකර්මාන්තයටත්, ජීවීන්ටත් ඇතිවන හානි
■ විදුලි/අකුණු සංඛ්‍යාත්මකව ඉහල යාමෙන් ලැව්ගිනි වැනි සංසිද්ධි බහුලවීමෙන් සිදුවන හානි
■ වර්ශාව, කුනාටු, සුලි සුලං, නායයාම්, ගංවතුර හානි
■ සත්ව හා ශාඛ වර්ග සියයට තිහක් (30%) විනාශයට ලක්වීම
මේ සියල්ල විද්‍යාඥයින් විසින් විද්‍යානුකූලව සමීක්ශන හා පර්යේශන මත ලබා ගත් දත්ත ඇසුරින් එලඹෙන නිගමන. ජ්‍යොතිශකාරයින්ගේ මනෝ විකාර නොවෙයි. ව්‍යසන පාලනය කර ගැනීමට හා වැලැක්වීමට විද්‍යාඥයින්ට කල හැක්කේ පර්යේශන මගින් සැබෑ තත්වය පෙන්වා දීම. ඒ මේවා ගැන විවිධ සම්මුති ඇති කරගත්තත් ඒවා ක්‍රියාත්මක කිරීමට එරෙහිව බලවත් රටවවල් සැදී පැහැදී සිටින වග පැහැදිලිය. අධි නිශ්පාදනය හේතුකොට ගෙන 2008 වර්ශයේදී ඇරඹුනු ආර්ථික අර්බුදය ලෝකය පුරා ආගමික/වාර්ගික ස්වරූපයෙන් පැතිර යද්දී තවත් අතකින් දේශගුනික වශයෙන් ද ව්‍යසනයක් බවට පත්වෙමින් තිබෙනවා. ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාද අත්සන් කල ගෝලීය දේශගුන සම්මුතිය තවත් සම්මුතියක් පමනක් වී පවතිනවා.
Comments
Post a Comment