ලක්බිමේ යථාර්ථය හඳුනාගත් කළු සුද්දා - ඩී.එස්.


(මාර්තුවේ යෙදෙන ඩී.එස්.සේනානායක සමරුව නිමිත්තෙනි)
කේ.ඒ.කුලතිලක - 077-4106350

ජාතික සටනට සම්බන්ධ වූ සියලු නායකයන් (වාමාංශිකයන්ද ඇතු`ඵ) නාගරික මධ්‍යම හෝ ඉහළ පංතියට අයත් වූ බටහිර අධ්‍යාපනය ලද අයයි. එම නිසාම රටේ පොදු ජනතාවත් ඔවුනුත් අතර පැහැදිලි කඩ ඉමක් තිබුනි. මේ බොහෝ අය අතර ඩී.එස්. විශේෂ විය. ඔහු බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් සමාජයේ ඉහළ පංති මෙන්ම ගමේ ‘අප්පුහාමිලා’ ද මින්නේරියේ ‘කරෝලිස්ලා’ ද එකසේ ඇසුරු කළ බව ඔහුගේ චරිත කතාව විමසීමේදී පෙනී යයි.

නිදහස් ලංකාවේ දේශපාලන ඉතිහාසය ද සිංහල බෞද්ධ මහාවංශ ඉතිහාසයේම දිගුවකි. සිංහල බෞද්ධ වැඩවසම් මානසිකත්වයෙන් මිදීම ලාංකික දේශපාලනයේදී අවදානම් සහිත බව බොහෝ නායකයන් තේරුම් ගත්තක් විය. නව යුගයකට අවශ්‍ය ඉදිරිගාමී ක්‍රියාමාර්ග ඔවුන්ට මඟ හැරුනේ ඒ පසුබිම තුළයි. එහි ප්‍රතිඵලය වූයේ සුද්දා අපට භාරදී ගිය සමෘද්ධිමත් ආර්ථිකය, නීතියේ ආධිපත්‍යය වැනි විශිෂ්ට දේ යටපත් වී වර්තමාන පරිහානියට අප ඇද වැටීමයි. ඉන්දියානු දේශපාලනය තුළදී වැඩවසම් පසුගාමී චාරිත්‍ර පිටුදැකීමට කටයුතු කළ “රාම් මෝහන් රෝයි” වැනි නායකයන් අපට ආදර්ශයක් වූ බවක් නොපෙනේ.

ඩී.එස්. චරිතය විවේචනය කළ බොහෝ අය දක්වා ඇති කරුණක් වන්නේ ඔහු “හෙමින් හෙමින්” ප්‍රතිපත්තියක් අනුගමනය කළ අයෙකු බවයි. එය සැබෑය. ඔහු විප්ලවාදී වෙනස්කම් අපේක්ෂා කළ අයෙකු නොවීය. ඔහුගේ හෙමින් ප්‍රතිපත්තිය ගැමි බෞද්ධ සංස්කෘතිය හා සමපාත වූවකි. විප්ලවාදී වෙනස්කම් කිරීමට ගොස් අප ලැබූ අත්දැකීම් සුබවාදී ඒවා නොවීය. 1956,1972,1977 අවධි පිරික්සීමේදී මේ තදියම් ක්‍රියාවල අවදානම ප්‍රත්‍යක්ෂ නොවන්නේද? අධිරාජ්‍යවාදීන් යටතේ වසර 400 ක් පමණ කාලයක් තුළ බිහිවුන ගැට`ඵ ක්ෂණිකව විසදිය නොහැකි බව ඩී.එස්.මතය විය. ඉන්දියාව වැනි රටවල ඇතිවූ ජාතිවාදී අරගල, ඉන්දු පකිස්තාන බෙදීම, අප්‍රිකානු රටවල නිදහසින් පසු ඇතිවු අරගල දෙස ඔහු අවධානය යොමු කරන්නට ඇත. විප්ලවවාදී කම්කරුවන්ට වඩා ඔහු ගොවිජනතාව දෙස සානුකම්පිතව බැලූ බව පෙනේ. ඔහු ගැමි ජනතාව දුටුවේ අතිධාවනකාරී බලවේගයක් ලෙස නොව සමාජය තුළ සාමය, ස්ථිරතාවය ආරක්ෂා කරන බලවේගයක් ලෙසය. මිනිරන් ව්‍යාපාරවල හා වතුපාලන කටයුතු වල යෙදී සිටියදී ගැමි ජනතාවට සමීප වීමට ඔහුට අවස්ථාව ලැබීම මේ තත්වයට මුල් වී ඇත.

බි්‍රතාන්‍යයන්ට වඩාත් නැඹුරුවූ ප්‍රතිපත්තියක් අනුගමනය කළාය යන්න ඩී.එස්. ට ඇති තවත් චෝදනාවකි. එයට පිළිතුරු දී ඇති ඔහු සෘජුවම ප්‍රකාශකර ඇත්තේ “යුක්තිය, සාධාරණත්වය, නීතිය ඉදිරියේ සමානාත්මකතාවය වැනි මූලධර්ම පිළිපැදිම අතින් බි්‍රතාන්‍යයන් විශිෂ්ඨ බව”යි. දෙවන ලෝක සංග්‍රාම අවධියේදී ජාතික සංගමයේ තරුණ කොටස් (ඩඞ්ලි සේනානායකද ඇතු`ඵ) බි්‍රතාන්‍යයට එරෙහිව ජපානයට ආධාර කළ යුතු යයි ගෙනා අදහස ඔහු ප්‍රතික්ෂේප කළේ දූරදර්ශී නායකයකු ලෙසිනි. ඔහු ප්‍රකාශ කළේ “නොදන්නා යක්ෂයාට වඩා දන්නා යක්ෂයා හො`ඳ’ බවයි. නිදහස ලැබීමත් සමඟ අත්සන් කළ බි්‍රතාන්‍ය ලංකා ආරක්ෂක ගිවිසුම තවත් එවැනි දූරදර්ශී පියවරකි. අනාගතයේ දී ඉන්දියාවෙන් එල්ල විය හැකි තර්ජනයක් පිළිබඳ අදහස එයට පදනම් වී ඇත.

රටේ දේශපාලන පක්ෂයක් බිහිකිරීමේදී ජාති, ආගම්, කුලභේද ආදියෙන් තොර වු තරමට නිදහස ලබා ගැනීමේදී වාසි සහගත විය හැකි බව එතුමා දැන සිටි බව පෙනේ. දේශපාලන පක්ෂයක්  තනා ගැනීමේ යෝජනාව ඉදිරිපත් වූ විට ඩි.එස්. කීවේ “අපි ලංකාවේ පක්ෂයක් හදනවා නම් එය කාටත් තම තමන්ට රටේ සමාන අයිතිවාසිකම් තිබෙනවාය කියා සිතෙන පරිදි ජාතික පක්ෂයක් විය යුතුය. අපට ජාතිභේද වාදී පක්ෂ හෝ එක්සත් පක්ෂයක් ඇතුලේ තවත් පක්ෂ හෝ නොතිබිය යුතුය” යනුවෙනි. රටේ සාමය හා ස්ථාවරභාවය පිළිබඳ එතුමා තුළ පැවති යහපත් ආකල්පය වූයේ එයයි. තම පළමු අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී එතුමාගේ සහජීවන සංකල්පය තව දුරටත් පැහැදිලි විය. එයට සිංහල අය මෙන්ම සී. සිත්තම්පලම්, සී. සුන්දරලිංගම්, ජී.ජී. පෙන්නම්බලම් සහ ටී.බී. ජයා වැනි අය ඇතුලත් විය. ඒ තුළින් ජාතික සමඟිය තහවුරු කෙරුනි.

ඩී.එස්.ගේ භාෂා ප්‍රතිපත්තිය අතිශයින්ම දූරදර්ශී එකක් විය. ඔහුගේ අදහස වූයේ රටේ සිංහල හා දෙමළට නිසි තැන ලබා දෙන අතර දුප්පත් පොහොසත් සෑම දරුවකුටම ඉංග්‍රීසි ඉගැන්විය යුතු බවයි. සිංහලය රාජ්‍ය භාෂාව කිරීමේ අවාසිය ඔහු පැහැදිලිව සඳහන් කළේය. “සිංහල පමණක් රාජ්‍ය භාෂාව කළොත් අන්තිමේදී එයින් සිංහල ජනයාට සිදුවන්නේ පාඩුවකි. මු`ඵ අධ්‍යාපන ක්‍රමයම රාජ්‍ය භාෂාව හා බැඳී පවතිනු ඇති බැවින්, සිංහල ජනයා ලෝක ජනගහණයෙන් ඉතා ටික දෙනෙකු පමණක් දන්ත භාෂාවක ප්‍රවීනයන් වනු ඇත.” පහු කාලයේ අවස්ථාවාදීව සිංහලය රාජ්‍ය භාෂාව කිරීම තුළින් රටේ උද්ගත වූ ගැට`ඵත්, අතරමං වූ පරම්පරාවක් දෙස බැලීමේදී ඩී.එස්.වැනි ඉතා උසස් අධ්‍යාපනයක් නොලද අයකු තුළ පැවති දූරදර්ශීභාවය හොඳින් පැහැදිලි වනු ඇත.

කෘෂිකර්මය අතින් රටට කරන ලද සේවය ඩී.එස්.ගේ සියලු සේවාවන් අභිබවා සිටී. ඔහුගේ කෘෂිකර්ම ප්‍රතිපත්තියේ ප්‍රධාන අංග වූයේ නව ඉඩම් සංවර්ධන පනත, ආහාර නිෂ්පාදනය වේගවත් කිරීම, වාරි කර්මාන්ත දියුණු කිරීම හා ගොවිජනපද පිහිටුවීමයි. පැවති ඉඩම් පිළිවෙත ධනවාදී ව්‍යාපාරිකයන්ට වාසි සහගතව සැකසී තිබූ බැවින් ගොවි ජනතාවට ඉඩම් හිමිකරදීමේ වැඩ පිළිවෙලක් අවශ්‍ය බව ඩී.එස්. පිළිගෙන තිබුනි. ඒ අනුව අධිරාජ්‍ය පාලනය නිසා ඉඩම් අහිමිව සිටි ගැමි ජනතාවට වියළි කලාපීය ජනපද ව්‍යාපාරය තුළ ඉඩම් හිමිකර දීම අපේක්ෂාව විය. ඒ අනුව කාලීන අවශ්‍යතාවයක් වූ ආහාර නිෂ්පදානය වේගවත් කිරීමට හැකිවන බව ඔහු පෙන්වා දුන්නේය. 1930 ගණන් වල පැවති ආර්ථික අවපාතයට මුහුණ දීමේ සුදුසුම පිළිවෙත වියළි කලාපීය ජනපදකරණය තුළින් ඉටු කර ගැනීම අපේක්ෂාව විය. ඩී.එස්. තම කෘෂිකාර්මික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා තෝරා ගත්තේ උපරිම සුදුසුකම් ඇති පිරිසකි. ඔවුන් අතර සී.වී. බ්‍රෙන්, ඒ.ජී. රණසිංහ, සී.එල්. වික්‍රමසිංහ, ආර්.එල්. බ්‍රෝහියර්, සී.පී.ද සිල්වා යන කේෂ්ත්‍රයේ ප්‍රවීනයන් වූ බව පෙනේ. වියළි කලාපීය ගොවිජනපද හරහා ක්‍රියාත්මක වූ ඔහුගේ කෘෂිකාර්මික සේවාවේ උපරිම අවස්ථාව වූයේ ගල්ඔය සංවර්ධන ව්‍යාපාරයයි. විදේශ ප්‍රාග්ධනයට ගැතිනොවී පරි සමාප්තියට පත්වූ ගල්ඔය සංවර්ධන ව්‍යාපාරය ඩී.එස්.ගේ පෞද්ගලික ජයග්‍රහණයක් මෙන්ම, ඔහුගේ සිහිනය සැබෑ විමක් බව පසු කාලයේදී වාරිමාර්ග පිළිබඳ විශේෂඥයකු වූ ආර්. එල්. බ්‍රෝහියර් පවසා ඇත.

ඩී.එස්.ගේ ආගමික සංහිඳියා පිළිවෙත වර්තමානයටද ආදර්ශයකි. එය බහු ආගමික බහු ජාතික රටකට බෙහෙවින් ගැලපෙන්නක් විය. ආගම හා රාජ්‍ය පාලනය එකිනෙකින් වෙන්විය යුතු බව ඔහු ඇදහුවේය. ආගම ලෝකෝත්තර වූ ආධ්‍යාත්මික පක්ෂයට බර වූවක් බවත්, රාජ්‍ය පාලනය හුදෙක් ලෞකික කටයුත්තක් බවත් ඔහු ප්‍රකාශ කර ඇත. වරක් රටේ ප්‍රධාන පෙළේ භික්ෂුවකට එතුමා කියා ඇත්තේ “හාමුදුරුවෝ ආගම ගැන බලා ගන්න, මම රටේ පාලනය ගැන බලාගන්නම්” යනුවෙනි. මෙවැනි දූරදර්ශී පාලකයන් අනුගමනය කළේ නම් “ අනාගමික ව්‍යවස්ථා” පිළිබඳ උද්ගතවී ඇති අනවශ්‍ය ගැට`ඵ පැන නොනගිනු ඇත.

ඩී.එස්. මහා උගතකු නොවීය. එහෙත් ඔහුගේ දැක්ම ආචාර්ය මහාචාර්ය උගතුන් ඉක්මවා ගියේය. ඔහු උගත් සරසවිය වූයේ කාලීන පොදු ජනතාව නියෝජනය කළ සමාජයයි. ලෝකයේ ඔහු දුටු යථාර්ථයයි ඒ. මේ ක`ඵ සුද්දා ටේල් කෝට් ටොප් හැට් පැළඳියත් ඔහු තුළ ජීවත්වූයේ නිර්ව්‍යාප් ගැමියෙකි. ව්‍යාජ ජාතික ඇඳුමට මුවාවූ ක`ඵ සුද්දන් අතර ඒ ක`ඵ සුද්දා විශේෂ වන්නේ ඒ නිසාය.

 ‘For a Sovereign State’ නම් ග්‍රන්ථයේ ලේඛකයාගේ සටහන මෙහි දක්වන්නේ ඩී.එස්.ට උපහාරයක් වශයෙනි.
“D.S Senanayake did not read shakespeare Nither did he read ‘ The Prince’ by Niccola Machiavelli, When others has intelligence, he had wisdom. When others had knowledge he had vision. This little learned man understood very early in life that Sri Lanka is a Country too Small to be divided.”

Comments