- කිසිදු කරුණක් පිළිබඳව ඒකාන්තයෙන් විශ්වාසයක් නොතබන්න
- සාක්ෂි සැ`ගවීමෙන් වලකින්න. සත්‍යය කවදා හෝ එළිදකිනු ඇත.
- ඔබ ලබාගන්නට බලාපොරොත්තුවන ඉදිරි ජයග්‍රහණ පිළිබඳව විශ්වාසයෙන් යුතුව සිටින්න. කිසිවිටෙකත් අධෛර්යට පත් නොවන්න.
- ඔබට විරුද්ධව මතයක් ගොඩනැගෙන සෑම විටදීම, ඔබ පවුලේ අය සමග වුවද, ඒ සියල්ල තර්කයෙන් පරදනවා විනා ඒ සඳහා බලධාරීත්වය යොදා ගැනීමෙන් වලකින්න. බලධාරීත්වය මත ගොඩනැගුණු ජයග්‍රහණයක් සැබෑ නොවූ මෙන්ම මායාකාරීවූ එකකි.
- අන්‍යයන්ගේ බලධාරීත්වයට ගරුකිරීම අවශ්‍යනැත. ප්‍රතිවිරුද්ධ බලධාරීන් එමට ඇත.
- අනර්ථකාරීයයි ඔබට හැf`ගන නිගමනයන් ඔබගේ බල පුළුවන්කම යොදා මර්දනය කිරීමෙන් වලකින්න.
- නිගමනයකට එළඹීමේදී අසම්මතවාදී වීම ගැන බිය නොවන්න. දැනට සම්මත ලෙස පිළිගන්නා බොහෝ නිගමනයන් පෙරදී අසම්මතවාදී ලෙස සැලකීමට ලක්වූ ඒවාය.
- බුද්ධිමත් ලෙස විසම්මතවාදී වීම ගැන සතුටුවන්න. කිසිදු විරෝධයක් නොදක්වා එක`ගවීමට වඩා එය යහපත්ය.
- සත්‍යයය කොතරම් තිත්ත වුවද ඉතා උත්කෘෂ්ට ලෙස සත්‍යවාදී වන්න. එය සත්‍යය සැ`ගවීමට වඩා පහසුය.
- සැපයයි කියමින් මුලාවන් විශ්වාස කිරීමෙන් වළකින්න. එවැනිවූ සැප සොයායන්නේ මෝඩයින් පමණකි.
( නිව්යෝර්ක් ටයිම්ස් ස`ගරාවට රසල් විසින් 1951 දෙසැම්බර් මසදී සැපයූවකි.)
Comments
Post a Comment