(වල්පොල රාහුල හිමියන්ගේ ‘සත්‍යෝදය’ ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදි.)
ඒථ තුම්හේ කාලාමා, මා අනුස්සවේන: මා පරම්පරාය: මා ඉතිකිරාය: මා පිටකසම්පදානේන: මා තක්කහේතු: මා නයහේතු: මා ආකාරපරිවිතක්කේන: මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා: මා හබ්බරූපතාය: මා සමණෝ නෝ ගරූති, යදා තුම්හේ කාලාමා, අත්තනාව ජානෙය්‍යාත ඉමේ ධම්මා අකුසලා.... අථ තුම්හේ පජහෙය්‍යාථ: ඉමේ ධම්මා කුසලා...., අථ තුම්හේ උපසම්පජ්ජ විහරෙය්‍යාථ.
අරුත -
කාලාමයෙනි, යමක් ඇසු පමණින් භාර නොගනිව්: පරම්පරාවේ පැවත එන නිසාවත්: එය එසේය යන ආරංචියෙන්වත්: ආගමික පොත්පත්වල තිබුණු පමණින්වත්: තර්කය නිසා හෝ න්‍යායය නිසාවත්: මේ කාරණය කියා තිබෙන හැටි මැනවැයි සිතාවත්: තමන් කලින් සිතූ අදහසට ගැළපුණු පමණින්වත්: මේ පුද්ගලයා සෑහෙන කෙනෙකැ, ඔහු කියන දෙය පිළිගත යුතුය සිතාවත්: මේ තැනැත්තා මාගේ ආචාර්යයන් වහන්සේය කියාවත් යමක් භාර නොගනිව්. නමුත් කාලාමයෙනි, මේ අයහපතැයි යම් දිනක තොපටම වැටහුණොත්, එදින එය හැර දමව්: එසේම මේ යහපතැයි තොපටම වැටහුණොත් එය පිළිපදිව්.
Translation-
It is proper
for you, Kalamas, to doubt, and to
be uncertain. Uncertainty has arisen in you about what is doubtful. Do not go
upon report: Do not go upon tradition: Do not go upon hearsay: Do not go upon
scriptures: Do not go upon dogmatic notions: Do not go upon a person’s seeming
ability. Kalamas, when you yourself
know: “these things are bad: these
things are blamable: these things are censured by the wise: these things lead
to harm” ....... abandon them.
(Translated
by A.T.Kovoor)
Comments
Post a Comment