ජාතිකවාදය ගැන රබින්ද්‍රනාත් තාගෝර්



“ජාතිකවාදයේ වැඞීමත් සමග මිනිසා මිනිසාගේ ම දැවැන්ත තර්ජනය බවට පත් ව සිටියි. ඒ හේතුවෙන් නිරතුරු ව මතු වන සන්ත්‍රාසය ජාතිකවාදය අනවරත තර්ජනයක් බවට යළි යළිත් පමුණුවයි. ජාතිකවාදය වූ කලි, සමස්ත ජනතාවක් පටු පරමාදර්ශයක් වෙනුවෙන් පුහුණු කිරීම යි. එය ඔවුන්ගේ මනස ග්‍රහණයට ගත් විට සදාචාර පරිහානිය සහ බුද්ධි අන්ධ භාවය වෙත ඔවුන් තල්ලූ වී යාම නියත ය. එහෙයින් මම ලෝ පුරා සිටින නිරවුල් ව සිතන්නා වූ ද උදාර හැඟීම් ඇත්තා වූ ද නිවැරදි ව ක්‍රියා කරන්නා වූ ද එමඟින් අධ්‍යාත්මික සත්‍යයේ උල්පත බවට පත් වන්නා වූ ද පුද්ගලයන් කෙරෙහි මිස කිසි ම අලූත් සමාජ සංස්ථාවක් කෙරෙහි විශ්වාසය නො තබමි. අපගේ අධ්‍යාත්මික පරමාදර්ශ නියනෙන් හෝ මිටියෙන් නො තැනේ. ඒවා වෘක්ෂයන් සේ කිසිම නිර්මාණ සැලසුම් ශිල්පියෙකුගේ උපදෙස් නො ලබා ම තම මුල් භූ තලයේත් අහස් කුසෙහිත් පතුරුවයි”
(රබින්ද්‍රනාත් තාගෝර්ගේ “Nationalism” - ජාතිකවාදය නැමැති ලිපියෙනි)
තාගෝර් මේ අදහස් ප්‍රකාශ කළේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යයට විරුද්ධ ව ඉන්දියාව තුළ ජීවිත පූජා කිරීමෙන්, ලේ වැගිරවීමෙන්, දස දහස් ගණන් ජනයා සිර ගෙවල්වල ගාල් වීමෙන් කෙරුණු දීර්ඝ කාලීන අරගලය මධ්‍යයේ ය. මේ අරගලය මධ්‍යයේ වුවත් තාගෝරයන්ට කිසි ම ජාතිකවාදී අවිද්‍යාවක් හෝ රැවටීමක් නො තිබිණි. ඉන්දියාව පුරා ජාතිකවාදී ගිනි ඇවිළෙද්දී, අධිරාජ්‍යවාදීන්ට විරුද්ධ ව මිනිසුන් දිවි පුදද්දී එතුමා තමන්ගේ කාව්‍ය සංග්‍රහයේ මෙසේ ප්‍රකාශ කළේ ය :
“පටු දේශීය පවුරුවලින් ලෝකය කැබිලිති වී නැති, නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය පුබුදු කරනු මැන පියාණෙනි”

පිටපත :

සැම්සන් ගුණතිලක 

Comments