සිරිපාල රණවක කන්කානම්ගේ (077-8049059)
කෙනෙකු කරන පිං තව කෙනෙකුට පවරා දෙන්න පු`ඵවන්ද?
නොහැකියි. ඒ වුනත් ආගම්වල පිං දෙන්න ක්‍රියා කරනවා. කෙනෙක් මැරුණාම දින තුනෙන් දින හතෙන් තුන් මාසෙන් අවුරුද්දෙන් ඉන් පසු වාර්ෂිකවත් පිං දීම සිදුකෙරෙනවා. මියගිය තැනැත්තා නරකතැනක ඉපදිලා තියෙනවා නම් පිං බලාපොරොත්තු වෙනවා නම් පිං දුන්නාම හොඳ තැනකට යනවා කියන විශ්වාසය මත මෙය පැවිද්දන් විසින් සිදුකරනු ලබනවා. මියගිය තැනැත්තා කෙරෙහි තිබූ ආදරය නිසා ඥාතීනුත් මෙය සිදුකරනවා. ඒත් මේ ගැන ප්‍රශ්න කරන විට විද්‍යාත්මක මේවා මිථ්‍යාවන් බව හඳුනාගන්න පු`ඵවන්. කෙනෙක් මැරුණම නැවත උපදිනවද? එසේ වෙන්නේ නෑ. විඤ්ඤාණය කියන එකක් උපදින කොට ලැබෙන බවක් විශ්වාස කරනවා. ස්ත්‍රී හා පුරුෂ ජන්මානු එකතුවක් දරු උපතකට මුල් වෙනවා මිස වෙන කිසිවක් ඊට සම්බන්ධ වෙන්නේ නෑ. විඤ්ඤාණයක් තවතැනකට යන්නේ කොහොමද කියලා කිසිම ආගමකින් ඔප්පු කරලා නෑ. ඒක සාම්ප්‍රදායික පිළිගැනීමක් පමණයි. මැරුණු කෙනෙකුගේ මොළයක් ශරීරයෙන් තොරව පවතින් බෑ. නැවත උපතක් නැත්නම් එබඳු අමනුෂ්‍ය බලවේගද නැත්නම් ඒ බව විද්‍යාව තහවුරු කරනවානම් පිංදීම ජීවත්වීමේ මාර්ගයක් මිස සත්‍යය ක්‍රියාවක් නොවේ. ඒ නිසා පිංදීම අර්ථවත් ක්‍රියාවක් වෙන්නේ නෑ. විද්‍යාඥ රිචඞ් ඩෝකින්ස් මෙය සාම්ප්‍රදායික විශ්වාසයක් පමණක් බව පැහැදිළි කර තිබෙනවා.
දිව්‍යලෝක තිබෙනවාද? එසේ නම් ඒ කොහේද?
එහෙම එකක් ඇත්තේ නෑ. පොළොවෙන් උඩ අහසේ තිබෙන සැපදායක තැනක් හැටියටයි ආගම් මෙය පවසන්නේ. ඊට ආශාවක් ඇති වුනාම එතනම තෘෂ්ණාවක් ඇතිවෙනවා. නැති තැනකට යන්න පු`ඵවන්ද? සමහරු මේකට දෙන තවත් පිළිතුරක් නම් දිව්‍යලෝකය තියෙන්නෙත් මනුෂ්‍ය ලෝකෙමයි කියලා. එතනදීත් දිව්‍ය ලෝකය කියන එක මුසාවක් වෙනවා. මෙලොව සිය`ඵ සැප සම්පත් විදින අය තමයි දිව්‍ය ලෝකයේ ඉන්නේ කියන අදහසයි මේ තුළින් මතුවෙන්නේ. නමුත් ආගම් වල කියන්නේ එවැනි ස්ථාන දිව්‍යලෝක නොවන බව. ඒ නිසා ඒ අදහසත් අසත්‍යයක් බවට පත්වෙනවා. විද්‍යාත්මකව දිව්‍යලෝකයක් ගැන ඔප්පු කරන්න බෑ. එයත් සම්ප්‍රධායිකව පිළිගන්නා මතයක් පමණයි.
අපායක් තියෙනවාද? තිබෙනවානම් ඒ කොහේද?
එහෙම එකකුත් ඇත්තෙ නෑ. පව් කරන දුක් විදින තැනැක් හැටියටයි ආගම් වලින් මෙසේ කියා දෙන්නේ. යම රජ්ජුරුවෝ ඉන්න කටුඉඹුල තිබෙන තැනක්, තියෙන්නේ පොළව යට. සමහරු මේ ගැන අදහස් දක්වමින් කියන්නේ අපාය තිබෙන්නෙත් මිනිස් ලෝකෙම කියලා. ඒත් මෙවැන්නක් පොළව යට තිබෙනවා කියලා ඔප්පු කරන්නට කොහොමවත් බෑ. ඒකත් සාම්ප්‍රදායිකව පිළිගන්නා අදහසක් පමණයි. විද්‍යාත්මක සත්‍යයක් නොවේ. මිනිස්සු වැරදි දේවල් වලින් මුදවාගෙන යහපත් අය බවට පත්කරන්න අතීතයේදී බිහිකළ සංකල්පයි මේවා.
ස්වර්ගය කියලා එකක් තිබෙනවාද?
නෑ. ඒත් ආගම් අදහන්නන් යහපත් දේ කළොත් ස්වර්ගයේ උපදිනවා කියලා විශ්වාසයක් තියෙනවා. ඒත් එහෙම තැනක් තිබෙනවායැයි ඔප්පු කරන්න බෑ. ඒකත් සාම්ප්‍රදායික ආගමික විශ්වාසයක් පමණයි. ආගම් අදහන බහුතරයක් ස්වර්ගයට යන්න හිතාගෙන ඉන්නවා. නැති තැනකට යන්න පු`ඵවන්ද? එතැන ඉපදීම කොහොම වුනත් යහපත් දේ කිරීම හොඳ ගුණාංගයක්.
නිර්වාණය මොනවගේ එකක්ද?
ඒකත් ආගමික සංකල්පයක්. ජිවිතයේ කෙළවර යා හැකි උසස්ම තැනහැටියට ඇති විශ්වාසයක්. යමෙකුට දානයක් දී එබඳු නැතහොත් එවැනි යහපත් දෙයක් කොට එයින් තමාට නිවන් බලාපොරොත්තු වීම පිරිසිදු අදහසක් නොවන බව මහාචාර්ය වල්පොළ රාහුල හිමියන් පවසා තිබෙනවා. “මට නිවන් ඕනෑ යන අදහස ඉතා සියුම් ආත්මාශාවකි. ඒ ආත්මාශාව නැති කරනතුරු නිවන් අවාබෝධ නොවේ.” (සතf්‍යා්දය, පිටුව 45) උන් වහන්සේගේ අදහස අනුව නිර්වාණය යනු බුද්ධියයි.
මැරුණට පසු උපතක් නැති නිසා පිංදීම සාම්ප්‍රදායානුකූල ක්‍රියාවක් බවත් දෙව්ලොව, අපාය, ස්වර්ගය විද්‍යාත්මකව සනාථ කළ නොහැකි සංකල්ප බවත් නිර්වාණය යනු බුද්ධිය / ප්‍රඥාව බවත් මිථ්‍යාවෙන් වෙන්විය යුත්තේ විද්‍යාවට පෙර බියෙන් ඇදහූ දේ වර්තමාන විද්‍යාත්මක ලෝකයේ දියුණු මිනිසා විසින් පවත්වාගෙන යාම ප්‍රඥාඝෝචර නොවන කටයුත්තක් බවත් ය.
Comments
Post a Comment