විද්‍යාවේ දියුනුවට මහඟු මෙහෙවරක් කළ අබු අල් හසේන් ඉබන් අල් තායි Posted by Dilshan Sanjeewa on May 21, 2018
නායකත්වයට වින කරන අහංකාරෝන්මාදය Posted by Unknown on March 04, 2015 Get link Facebook X Pinterest Email Other Apps සාර්ථක මෙන්ම ජයග්‍රාහී නායකත්වය සමඟ අත්වැල් බැඳගත් ලක්ෂණ අතර ජනකාන්තභාවය, ජනයා පොළඹවා ගැනීමට ඇති හැකියාව, පුළුල් දර්ශනයක් ඇති බව, අති මහත්වූ අපේක්ෂාවන් තිබීම, අවදානම් සහගත තීරණ ගැනීමට පසුබට නොවීම ආදිය බොහෝ විට දකින්නට ලැබේ. එතරම් පැහැදිලි නොවන අවස්ථාවන්හි පවා ක්ෂණික තීරණ ගැනීමේ හැකියාවද මෙහිදි වැදගත් වෙයි. එසේම, ජනතාව විසින් එල්ල කරන විවේචන ඉදිරියේ නොසෙල් වී ඔබේම මෙන්ම සිය හිතවත් පාක්ෂිකයන් විසින් ඇතැම් විට පසු පස සිට එල්ල කරන්නාවූ පිහි ඇනුම් ආදියටද ඔරොත්තු දීමේ හැකියාවද නායකයාට තිබීම අත්‍යාවශ්‍යය. සමහර විටෙකදී ඉහත සඳහන් ගුණාංග අයත් නායක පිළිරුවට තවත් පැතිකඩක්ද සමගාමීව පිහිටිය හැකිය. මෙහිදී තමා හට ලැබෙන්නාවූ අවවාද අනුශාසනා එකහෙළා ප්‍රතික්ෂේප කිරීම, අවධානය, බොහෝ විටදී ගැඹුරෙන් කටයුතු විමසීම් නොසලකා හැරීම සහ අනවශ්‍ය ලෙස අධිවේගී ස්ව භාවයෙන් කටයුතු කිරීම යනාදී ලක්ෂණද ඇතිවිය හැකිය. ඉහත සඳහන් අංග ලක්ෂණ සියල්ල එකට පිහිටි නායකයෙක් ඇති වූ විටදී දකින්නට ලැබෙන්නේ සියළු සීමාවන් ඉක්මවූ උඩඟු බවක් ආරු`ඪ කරගත් අතිමහත් වූ ආත්ම විශ්වාසයක් දරන්නාවූත් සැමවිටම අන්‍යයන් පහත්කොට සලකනු ලබන්නාවූත් චරිතයකි. මෙවැනි චරිතයක් රාජ්‍ය පාලකයන්, හමුදා නිළධාරීන්, ව්‍යාපාරික ප්‍රමුඛයන් මෙන්ම විශ්වවිද්‍යාලවල අංශ ප්‍රධානීන් අතර ද බිහිවිය හැකිය. මෙවැනි වූ හැසිරීම් රටා පිළිබඳව අධ්‍යනයක් කල බි්රතාන්ය ජාතික මනෝවෛද්‍ය විශේෂඥයෙකු වන ඬේවිඞ් ඕවන් මෙම තත්වය 2006 දී හුබ්රීස් සින්ඩ්‍රෝමය ලෙස (අහන්කාරෝන්මාදය) හැ`දින්විය. වෛද්‍යවරයෙකු මෙන්ම දේශපාලකයෙකු වූ ඬේවිඞ් ඕවන් කලක් බි්රතාන්ය කම්කරු පක්ෂය නියෝජනය කරමින් විදේශ ඇමතිවරයා ලෙසද සේවය කර ඇත. ඔහු 1995 දී ක්‍රියාශ්‍රීලි දේශපාලනයෙන් බැහැරවිය. හුබ්රීස් (Hubris) යනු අතිමහත් උඩඟුභාවයට ග්‍රීක භාෂාවේ ඇති වදනකි. අහන්කාරෝන්මාදයට සමාන ලක්ෂණ ඇති වෙනත් මානසික ව්‍යාධීන් කිහිපයක් ඇති අතර ඒවා මෙම තත්වය අතර ඇති ප්‍රධාන වෙනස වන්නේ එවැනි ව්‍යාධි තත්වයන් යෞවන සමයේදී ඇති වී පරිණතභාවය දක්වා පැතිර යෑමයි. අහන්කාරෝන්මාදය බොහෝ විට ඇතිවන්නේ ජීවිතයේ පසුභාගයේදිය. එය බලපරාක්‍රමය ලැබීමත් සමඟ ඇතිවන අතර බලය ගිලිහී ගිය පසු සාමාන්‍ය තත්වයට පත්වීමද සිදුවනු ලැබේ. ඬේවිඞ් ඕවන් පවසන අන්දමට අහන්කාරෝන්මාදය ඇති අයට පහත සඳහන් ලක්ෂණ තිබිය හැකිය. ලොවත්, අවට පරිසරයක් දකින්නේ තමන්ගේ බලපරාක්‍රමය සහ අභිමානය පෙන්විය හැකි සංග්රාම භුමියක් හෝ රඟමඬලක් මිස එහි ඇති ගැටළු නිරාකරණය කර ගනිමින් ප්‍රායෝගික පිළිවෙත් අනුගමනය කරමින් ඉදිරි දැක්මකින් යුතුව කටයුතු කිරීම නොවේ. සෑම ක්‍රියාකාරිත්වයක් තුළම තමන් ඉහළ තලයක සිටිනා බව පෙන්වීම තහවුරු කෙරෙන ප්‍රතිරූපයක් ඇති කිරීම. සිය ප්‍රතිරූපය අතිමහත් ලෙස ප්‍රදර්ශණය කිරීමට ඇති ලැදියාව. දැනට කරගෙන යන්නාවූ කටයුතු පිළිබඳව දැඩි වූ උද්යෝගයෙන් සහ උද්දාමයකින් කථා පැවැත්වීම. තමා නියෝජනය කරන රාජ්‍යය හෝ ආයතනය සහ තමන් දෙකක් නොව එකක් බව හුවා දැක්වීම ඉහළ පෙළේ රාජකීයන් ලෙසින් භාෂාව හැසිරවීම. ඉතා ඉහළ මට්ටමේ ආත්ම විශ්වාසයක් තිබීම සහ තම නිගමනට ඉහල අගයක් තැබීම. අන්‍යයන්ගේ උපදෙස් සහ අදහස් අවමානයෙන් යුතුව බැහැර කිරීම. තම හැකියාවන් පිළිබඳව ඇති අතිශයෝක්ති ආත්ම විශ්වාසය. මෙය සර්වබලධාරී තත්වයට බොහෝ දුරට සමානය. මහජනයා සහ සිය සමීපයන් අදහස්වලට එකඟ නොවුවද, ඉතිහාසය සහ දෙවියන් ඉදිරියේදී තමන්ගේ නිවැරදිභාවය පැහැදිලිවන බව දැඩි ලෙස විශ්වාස කිරීම. යථාර්ථයෙන් ක්‍රමයෙන් ඈත්වීම සහ හුදකලා තත්ත්වයට පත්වීම. නොසන්සුන්කම, අපරික්ෂාකාරිත්වය, සහ ආවේගශීලි බව පෙන්නුම් කිරීම. සිය “පුළුල් දැක්ම” හරහා ක්‍රියාත්මක වන ව්‍යාපෘති වල නිවැරදි භාවය පිළිබඳව දැඩි විශ්වාසයක් තබාගෙන සිටීම. ඒවා කෙතරම්දුරට ප්‍රායෝගිකද, ඒවාට දරන්නට වෙන (බොහෝ දුරට අනවශ්යතරම් ඉහල වූ) වියදම් සහ ඒවා නිසා ඇතිවිය හැකි අහිතකර බලපෑම ගැන නොසලකා හැරීම. අහන්කාරෝන්මාදී අකාර්යක්ෂමතාවය :-අහන්කාරෝන්මාදී නායකයෙක් යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ සම්මත ක්‍රමවේදයන් මත පදනම්ව නොව නායකයාගේම අදහස් සහ උපදෙස් අනුවය. වඩාත් ඉහල මට්ටමේ අකාරයක්ෂමතාවයන් මෙහිදී සිදුවෙයි. නායකත්වයක් තුළ ඉහත සඳහන් ලක්ෂණ වලින් තුනක් හෝ සතරක් ඇත්නම් එය අහන්කාරොන්මාදය ලෙසට පිළිගත හැකි බව ඔවුන්ගේ මතයයි. ඔවුන් විසින් මෙම අදහස් පළමුවරට බි්රතාන්යයේ රාජකීය වෛද්‍ය සංගමයේ සඟරාව තුළින් ප්‍රකාශයට පත්කළේ 2006 දීය. ඉන්පසුව ඔහු මෙන්ම තව තවත් මනෝ වෛද්‍යවරුන්ද වෛද්‍යවිද්‍යාත්මක ප්‍රකාශන සහ දේශන රාශියක් ඉදිරිපත් කොට ඇත. එහෙත් මෙය මේ දක්වා වෛද්‍ය විද්‍යාවේ සම්මත රෝග තත්වයක් ලෙසට පිළිගෙන නොමැත. මෙම තත්වයෙන් පෙළෙන නායකයන් තමන්ට එවැනි තත්වයක් ඇති බව පිළිගැනීම හෝ අපරීක්ෂාවන්ට හෝ ප්‍රතිකාර වලට ලක්වීමට ඇති කැමැත්ත මෙම තත්වය පිළිබඳ වැඩිදුර අධ්‍යයනයට ඇති විශාල බාධාවකි. ප්රජාතන්ත්රීය මෙන්ම රැස් නොවන රාජ්‍ය නායකත්වයන් තුළද අහන්කාරෝන්මාදය ඇතිවිය හැකියි. ප්රජාතන්ත්රවාදී සමාජයක් තුළ එවැනි වූ පාලකයන් සහ නායකයන්ගෙන් සමාජය ආරක්ෂා කර ගැනීමට ක්‍රමවේදයක් ඇති බව සැබෑය. එහෙත් කැබිනට් මංඩල, පාර්ලිමේන්තු සහ ජන මාධ්‍ය හරහා ක්‍රියාත්මක විය යුතු එවැනි ක්‍රියාවලියන් ඇතැම් විටදී අකර්මන්‍ය වී තිබෙනු දක්නට ලැබේ. තියඩෝර් රූස්වෙල්ට්, ලින්ඩන් ජොන්සන්, ජෝර්ජ් බුෂ් යන ඇමෙරිකානු ජනාධිපතිවරුන්ද ඬේවිඞ් ලොයිඞ්, මාග්‍රට් තැචර් සහ ටෝනි බ්ලෙයාර් යන බි්රතාන්ය අගමැතිවරුන් ටද මෙම ලක්ෂණ තිබුණ බව පෙනෙයි. ඔවුන්ට අනුව පහත සඳහන් නායකයන්ද මෙම ලක්ෂණ පෙන්නුම් කර ඇති අය වෙයි. හිට්ලර්, ස්ටාලින්, මාවෝ, පොල්පොට්, ඉඩි අමින් සහ මුගාබේ. බලයට පත් වූ පසුත් තමන් ගතකල සරල ජීවන රටා අගය කරන නායකයන් මෙම තත්ත්වයට පිවිසීමෙන් වැළකෙන බව පෙනෙයි. එවැනි නායකයන් තුළ පිළිබිඹු වෙන යහපත් ලක්ෂණ අතර තමන් දරණ මතයක් පිළිබඳව අන් අයගේ අදහස් විමසීම, පාර්ලිමේන්තුව සහ අනෙකුත් ආයතන ගත සම්මත ඉක්මවා නොයෑම, සම්මත සීමාවන් වක්‍ර ලෙසට ම`ග හැරයෑමෙන් වැලකී සිටීමද දක්නට හැකිය. තවද මිත්‍රයන්, භාර්යාවන් සහ පවුලේ අය අතර සුහද ඇසුර සහ ඔවුන්ගේ විවේචනවලට පහසුවෙන් ඉඩ සැලසීම, ස්වයං විවේචනය, අගය කිරීම, හාස්‍යයට නැඹුරුවක් තිබීමද අහංකාරෝන්මාදයට පහසුවෙන් ගොදුරු නොවන අය අතර දැක්වෙන අංග ලෙස සැලකෙයි. යම් දිනක අහංකාරෝන්මාදය මානසික ව්‍යාධියක් ලෙසට වෛද්‍ය විද්‍යාවේ පිළිගැනීමක් ඇති වුවද එසේ වූ පමණින් එවැනි තත්ත්වයන්ට නිසි ප්‍රතිකාර කිරීමට හැකිවේද යන්නද අනුමානය. මෙම තත්ත්වයෙන් පෙළෙන අය වෛද්‍ය උපදෙස් හෝ ප්‍රතිකාර සඳහා ඉදිරිපත් වේ යැයි සිතීම අපහසුය. මෙම තත්ත්වය පිළිබඳව වෛද්‍යවරුන් සහ සමාජය දැනට දක්වන සැලකිල්ල යහපත්ය. මෙම සින්ඩ්‍රෝමය පිළිබඳව බහුතර සමාජයේ අවධානය යොමු වේ නම් විවිධාකාර නායකයන් සමාජගත ප්රජාතන්ත්රවාදී සීමාවන් ඉක්මවා නොයෑමට පරිස්සම් වෙනු ඇත. ඇමෙරිකානු ජනාධිපති පදවියේ දෙවරක් තර`ගවැද වසර 8 ක උපරිම සේවා සීමාව යහපත්ය. මහා පරිමාණ ආයතන ප්‍රධානියෙකුට, අහංකාරෝන්මාදාත්මක හැසීරීම් ඇතිවූ විටදී අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයන්ට ඔහුව නැවත පත්වීම වැළකීමට හෝ ස්වේච්ජාවෙන් ඉල්ලා අස්වෙන ලෙස බලපෑම් කළ හැකිය. එහෙත් එවැනි බලපෑම් කැබිනට් මණ්ඩලය හරහා රාජ්‍ය නායකයාට කිරීම එතරම් පහසු නැත. ජනාධිපති තුමන් විසින් සුප්‍රසිද්ධ මෙන්ම දඩබ්බර සෙන්පතියෙකු වූ ඩග්ලස් මැක් ආතර් පහ කිරීම මෙහිදී සැලකිය යුතුය. වසර කිහිපයකට පෙර එන්රොන් ආයතන අර්බුදයේදී දැඩි මූල්‍ය අවුලක් ඇති කිරීමට මූලික වූ ප්‍රධානීන් සිරගත වීම ද වැදගත් සිදුවීමකි. බලයෙන් මත් වී සිටින පාලකයෙකුගෙන් රටවැසියන්ට බොහෝ අහිතකර දේ සිදුවිය හැකි බැවින් පාලකයන් සිය වගකීම් පිළිබඳව අවධාණයෙන් සිටිමින් සිය කටයුතු පාලනය කරගනිමින් සිටීම ඉතා වැදගත්ය. වසර 4 ක කාලයකට තේරී පත්වීම සහ නැවත තේරී පත්විම දෙවතාවකට සීමා කිරීම මෙහිදී යහපත් කොන්දේසි ලෙස සැලකිය හැකිය. ඒ කෙසේ වුවද රාජ්‍ය නායකයා විසින් තෝරා පත්කරනු ලබන කැබිනට් සාමාජිකයන්ට සිය නායකයාගේ හැසිරීමේ වෙනසක් දැනුනද ඒ පිළිබඳව වැඩි යමක් කළ හැකි වනු ඇද්ද යන්න ගැනද සිතා බැලිය යුතුය. එහෙත් හදිසියේ ඇමතිවරයෙක් ඉල්ලා අස්වීම වැනි සිදුවීමක් හරහා ජනතාවට යම් ඉ`ගියක් ලැබෙනු ඇත. ඇමෙරිකානු ජනාධිපතිට දෝෂාභියෝගී යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඉඩකඩ ඇත. බි්රතාන්ය අගමැතිවරුන් සතර දෙනෙකු මන්ත්‍රණ සභාවේ බලය අහිමි වීමේ අවදානම මත ඉල්ලා අස්වනු ලැබීය. ඔවුන් සියළු දෙනාම අහංකාරෝන්මාදයෙන් පෙළුන අය වූහ. ලොයිඞ් ජෝර්ජ්, චෙම්බර්ලේන්, චැතර් සහ බ්ලෙයාර්. දේශපාලනඥයන්ට වැළඳෙන අනෙකුත් රෝගවලට වඩා අහංන්කාරෝන්මාදය හරහා ඔවුන්ගේ නායකත්වයේ යහගුණ කෙරෙහි මෙන්ම රාජ්‍ය කළමනාකරණයටද එල්ලවන්නේ බලවත් තර්ජනයකි. ධූරයේ රැඳී සිටින කාලය දීර්ඝවීමත් සම`ග රෝගයේ උත්සන්නතාවයද වැඩි වෙයි. පාලකයා කොතෙක් දුරට සාර්ථකද යන්න ජනතාව තීරණය කරනු ලබන්නේ සිය ධුර කාලය තුළදී ජනතාවට ලබාදුන් යහපත් ප්‍රතිඵල මතය. මෙහිදී තවත් කරුණක් අමතක කළ යුතු නැත. ජනතාවද පාලකයාට සිදුවන දේ පිළිබඳව හොඳ අවබෝධයකින් සිටිය යුතුය. අහංන්කාරෝන්මාදය මෙහිදී සැලකිල්ලට ගතයුතු එක් වැදගත් අංගයකි. අවසාන වශයෙන් ඇක්ටන් සාමිවරයා 1887 දී තැබූ සටහනක් සිහිපත් කිරීම වටී. “මහරජ සහ පාප්තුමා සාමාන්‍ය මිනිසුන්ට වඩා වෙනස්ය. ඔවුන් අතින් වැරදි සිදු නොවෙති යන මතය පිළිගැනීමට අපහසුය. මෙහිදී අනුමානයෙන් යුතුව පිළිගත හැකි වුනේ එහි අනෙක් පැත්තය. බලය විෂමාචාර කෙරෙහි පෙළඹවීම් ඇති කරයි. අධික බලතල ඇති විටදී ඇති වන්නේ අධික වූ විෂමාචාරයන්ය.” Hubris syndrome : An acquired personality disorder ?David Owen and J. Davidson / Brain 2009 පිටපත වෛද්‍ය සේන ද සිල්වා Comments Hasantha GunaweeraMarch 12, 2015 at 7:51 PMthank you Dr Sena, this is really applicable to Sri Lankan Situation too, as per my analysis our former President is also a victim of this situation. and there is an error, akametta is mentioned as kametta. ReplyDeleteRepliesReplyProf Lasantha PethiyagodaMarch 12, 2015 at 9:22 PMIts about time that a Sinhala description of Hubris and related delusionary behaviour is made public and there very welcome.ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
thank you Dr Sena, this is really applicable to Sri Lankan Situation too, as per my analysis our former President is also a victim of this situation.
ReplyDeleteand there is an error, akametta is mentioned as kametta.
Its about time that a Sinhala description of Hubris and related delusionary behaviour is made public and there very welcome.
ReplyDelete