විද්‍යාවේ දියුනුවට මහඟු මෙහෙවරක් කළ අබු අල් හසේන් ඉබන් අල් තායි Posted by Dilshan Sanjeewa on May 21, 2018
රාවණා යළි ඉපැද්දවීම Posted by Unknown on March 05, 2015 Get link Facebook X Pinterest Email Other Apps ලංකාවේ අතීත වීර චරිත වලට පණ දෙමින් නිශ්පාදනය කෙරෙන කලා කෘතීන් බහුලව මතුවනු දක්නට ලැබේ. මෙම තත්ත්වය වඩාත් කැපී පෙනෙනුයේ පශ්චාත් යුද සමය තුළ වීමද විශේෂ ලක්‍ෂණයකි. යුදකාමී රණවිරුවන් පිළිබඳ වෘත්තාන්ත චිත්‍රපට, ටෙලි නාට්‍ය පෙන්වීම තුළින් හුදු අතීතකාමී රසාස්වාදයක් ප්‍රේක්‍ෂකයන් තුළ ජනිත කිරීම සාමාන්‍ය දෙයක් වුවද එමඟින් එතරම් අහිංසක නොවන පරමාර්ථද ඉටුකර ගැනීමට එම කලාකෘතිවල නිෂ්පාදකයන් යත්න දරණ බව ප්‍රායෝගිකව දක්නට ලැබෙන්නකි. එම අතීත රණවිරුවන්ගේ ක්‍රියාකාරකම් වර්තමාන පාලක පන්තිය සමඟ සසඳමින් සිංහල බෞද්ධ මතවාදය පෝෂණය කිරීමට වඩාත් නැඹුරුවක් දක්වන එම පාලක පැලැන්තියෙන් නොයෙක් තාන්න මාන්න හා වරදාන ලැබීමට නියමින් හා අනියමින් කෙරෙන උත්සාහයන් ද දක්නට ලැබේ. පැරණි භාරතීය සම්භාව්‍ය සාහිත්‍ය කෘතියක සඳහන්වන ‘රාවණ’ නැමැති චරිතය සැබෑ ශ්‍රී ලාංකික වීර චරිතයක් ලෙස යළි පණ ඉපැද්දීමට ගන්නා උත්සාහයද මෙබඳු තවත් ව්‍යාපෘතියකි. මෙහි සැබෑ තතු හෙළි කෙරෙන විශ්ලේෂණාත්මක දේශනයක්, කොළඹ හේතුවාදී සංගමයේ මෙහෙයවීමෙන් 2014-11-26 දින ආචාර්ය නිර්මාල් රංජිත් දේවාසිරි විසින් එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. රාවණ නමින් ඓතිහාසික චරිතයක් මේ රටේ සිටි බවට කිසිදු පිළිගත හැකි මූලාශ්‍රයක් මෙතෙක් හමු වී නැති බවත්, මෙය යම් පිරිසක් විසින් ඇළුම් කරන ෆැන්ටසියක් බවත් ඔහු සාධක සහිතව පෙන්වා දුන්නේය. ෆැන්ටසිය යනු යම් සංකල්පයක් හෝ චින්තනයක් යථාර්තයක් නොවන නමුදු එය යථාර්තයක් වී ඇතැයි හෝ යථාර්ථයක් බවට පත්වනු ඇතැයි යන මානසික තත්ත්වයයි. නමුත් ඉන් එහාට ගමන් කර ඇති උග්‍ර ජාති හා ආගම්වාදී දුෂ්ඨ සංවිධානද (රාවණ බලය වැනි) මෙම ෆැන්ටසිය තුළින්ම බිහිවනු දක්නට ලැබේ. රාවණා රජු සිංහල ජාතියේ ඓතිහාසික වීරයා ලෙස අභිෂේක කිරීමේ ව්‍යාපාරයක් ‘රාමායන පර්යේෂණ කමිටුව’ නමින් ‘විද්වත් ඉතිහාසඥයන්’ පිරිසක් විසින් පිහිටුවා ගෙන ඇති බවට තොරතුරු තිබේ. මෙහි සභාපති ලෙස කටයුතු කරන්නේ කිරිඇල්ල නමැත්තකු වන අතර සූරිය ගුණසේකර, රාමායන විශේෂඥයකු ලෙස හඳුන්වාගන්න ඉන්දීය ජාතික ආචාර්ය සුබාස් චම්ලා (මොහු පිටකොටුවේ ව්‍යාපාරිකයකු වන අතර හින්දු මූලධර්මවාදී ක්‍රිෂ්ණා සංගමයේ සභාපතිය) හා ජයන්ත ශ්‍රීපති ආරච්චි සෙසු සාමාජිකයෝ වෙති. කමිටුවට අවශ්‍ය ප්‍රචාරක මූල්‍යාධාර සපයා දෙන්නේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියයි. මෙම කමිටුව විසින් කරන ලද පර්යේෂණ වල ප්‍රතිඵල ඉතාමත්ම රසවත්ය. ඉන් කිහිපයක් මෙසේය. රාවණා රජු විසින් හෙළදිවට (රාමායණයට අනුව ලංකා පුරය) අමතරව මහද්වීප 7 ක් පාලනය කර ඇත. ලංකාවේ පිහිටා තිබූ රාජධානිය සුනාමියේ දී විනාශ වී ගොස්ය. රාම කුමරුගේ බිසව පැහැරගෙනවිත් සඟවාගෙන සිට ඇත්තේ සීගිරියේය. එම යුගයේ ලංකාව හා ඉන්දියාව අතර පාලමක් තනා තිබී ඇති අතර නාසා ආයතනය විසින්ද ඒ බව තහවුරු කොට තිබේ. රාවණා විසින් පරිහරණය කර ඇති ගුවන්යානා “පුෂ්ප විමාන” යනුවෙන් නම් කර තිබී ඇති අතර ඒවා නවතා තැබීමට ඉදිකොට තිබී ඇති ගුවන් තොටුපලවල් 05 ක් විය. ඉතා දියුණු තාක්‍ෂනයක් එම යුගයේ පැවතින. ළඟාවිය නොහැකි ගුහාවක රාවණාගේ දේහය තවමත් සුරැකිව පවතී. ඒ “රාමායණ කමිටුව” විසින් රාවණා පිළිබඳව සොයා ගෙන ඇති අපූර්ව ආශ්චර්යාත්මක සාධකය. මෙවන් මිථ්‍යාවන් වැපිරීමට ආණ්ඩුවද අනියම් ආකාරයෙන් සහාය දක්වන බවට වාර්තා ඇත. සංචාරකයන් මෙරටට ආකර්ෂණය කර ගැනීමට ලංකා සංචාරක මණ්ඩලයද මෙම තොරතුරු සිය වෙබ් අඩවිවලට ඇතුළත් කර තිබෙන බව රාජකීය ආසියාතික සංගමයේ සභාපති ආචාර්ය සුසන්ත ගුණතිලක විසින් පවසා තිබීම හොඳම සාක්‍ෂියකි. ඒ අනුව මේ “රාමායණ පරීක්‍ෂණ සංචාරය” වැනි ආයතන වලින් සිදුකරනු ලබන්නේ ඉතිහාසය ගවේෂණය කරනවාට වඩා පාලක පැලැන්තියට හා ඇතැම් අන්තවාදී වර්ගවාදී බෞද්ධ ආගමික කණ්ඩායම් වලට අවශ්‍ය හෙළ රණකාමිත්වයේ ස්වයං වින්දනයට ඉතිහාසයෙන් මුක්කු සැපයීමයි. අතීතකාමය පෙරදැරි කර ගෙන සිදු කරන ‘රාවණා නැගිට්ටුවා’ ගැනීම වැනි ගවේෂණ වලින් අවසාන සේවය සැපයෙන්නේ රටේ ජාතික හා ආගමික සංහිඳියාවට පස මිතුරු ප්‍රචණ්ඩකාරී බලවේගයන්ට බව වගකීමෙන් යුතුව පවසා සිටිමි. එස්. රණතුංග, සභාපති හේතුවාදී සංගමය, කොළඹ. Comments
Comments
Post a Comment