විද්‍යාවේ දියුනුවට මහඟු මෙහෙවරක් කළ අබු අල් හසේන් ඉබන් අල් තායි Posted by Dilshan Sanjeewa on May 21, 2018
ආගම වෙනුවට දරැවන්ට සොබාදහමේ ඇත්තක අරුමය උගන්වමු Posted by Unknown on March 06, 2015 Get link Facebook X Pinterest Email Other Apps දශක ගණනාවක් පුරා අප රටේ පාසල් තම ආගම අනුව දරුවන්ට ආගමික අධ්‍යාපනයක් දෙයි. නිදසුන් ලෙස බුදුන් දෙසූ හේතුඵලවාදී දහම වෙනුවට ප්රාග් බෞද්ධ ඇදහිලි සහ පූජා විධි උගන්වයි. මහනුවර යුගයේ සහ ඊට පෙර බුද්ධාගමට ඇතුළු වූ පූජා විධි සහ ආභිචාර විධි උගන්වයි. හුරුකරයි. අද සිංහල බෞද්ධ පාසල් යනු දහම් පාසල්ය. උදයේම ගුරුන් ද සිසුහු ද පන්සිල් ගෙන පාසල අරඹති. දහවල් වන විටම සමහර ගුරුන්ම පන්සිල් පද එක දෙක කඩති. (පන්සිල් ගන්නේම කඩන්නටය. දිනපතාම පන්සිල් ගන්නේ එබැවිනි.) සමහර තැනක ගුරුන් අතින් සිසුවියන් දූෂණය වෙයි. දරුවන් ගුරුන්ගේ අපචාරයට ලක් වෙයි. ගුරුන් අනුව යන සිසුන් අතින් සිසුවියන් අපචාරයට ලක් වූ අවස්ථා වාර්තා වී ඇත. සමහර උසස් පාසල් වල සිසුහු පන්තිකාමර තුළම රහමෙර පානය කර අසු වී පන්ති තහනම් කළ අවස්ථා වාර්තාගතය. මේ ආගමික අධ්‍යාපනයෙන් හික්ම වූවා යැයි කියන සිසුහුය. පාසැල් කාලයේම පාසල් තුළ අනේක විධ පූජා සහ පෙරහර පවත්වන පාසල් එමටය. පාසල් වේලාවේ පාසල් තුළම නොදරුවන් සමඟ ගුරුහුද අටසිල් ගනිති. ක්‍රීඩාවට - කලාවට - සංගීතයට යොමු කළ යුතු ළමා මනසට ශීලයක බර පටවන්නට නීති හැදූ අමන - අධ්‍යාපනඥයින් කවරහු ද? “පළමුව අධ්‍යාපනඥයින්ට අධ්‍යාපනය දිය යුතුයයි ” එදා කාල් මාක්ස් කී කියුම එදාට වඩා ගැලපෙන්නේ අදටය. අද මේ රටේ අධ්‍යාපනය විගඩමකි. ආගම ඊටත් වඩා විලම්බීතයකි. “සියල්ල ඔලූවෙන් හිටගත් සමාජයක එකක් පමණක් දෙපයින් සිටගන්නේ නැහැයි” මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් කිවේ 1950 දශකයේදීය. බර්ට්‍රම් රසල්ට අනුව “ආගම ප්‍රධාන වශයෙන් හා මූලික වශයෙන් පදනම් වී ඇත්තේ භයමතය.” මේ බව ධම්ම පදයේ 188 වන ගාථාව මැනැවින් දක්වයි. බහු මේ සරණං යන්ති - පබ්බතානි වනානි ච ආරාම රුක්ඛ චෙත්‍යානි - මනුස්සා භය තජ්ජතා ආරාම-රුක්ඛ-වන-පබ්බත සරණ යන්නේ ම බියට පත්වූ මිනිසුන්ය. ඊනියා දහම් පාසල් යවන දරුවන්ට මෙම ගාථාව තේරුම් කර දෙන්නට දහම් පාසල් ගුරුවරුන්වත් මේ ගාථාවේ තේරුම පේලි අතර කියවා ඇත්ද? අද පළමු ශ්‍රේණියේ සිට නොදරුවන් දහම් පාසල් යවන්නට බල කරති. දහම් පාසලේ කාර්ය සාධන වාර්තාව ගුරුවරු විසින් සහතික කර තිබිය යුතු යැයි නීති පනවා ඇත. (විශේෂ කොට සබරගමුව පළාත) දහම් පාසලේ පාලි ගාථා කටපාඩම් කල පමණින් හා ආමිස පූජා විධි ඉගැන්වූ පමණින් ළමුන් යහපත් පුරවැසියන් වන්නේ නම් 1950 දශකයේ සිට දහම් පාසල් ගිය ආගම උගත් දරුවන් වැඩිහිටියන් වී ඇති වර්තමාන ශ්‍රී ලාංකේය සමාජය දැහැමි සමාජයක් වී ඇත් ද? 2013 වසර ළමා අපයෝජන, ස්ත්‍රී දූෂණ, මිනී මැරුම්, මංකොල්ලකෑම් සිදු වූ ප්‍රමාණය කොතෙක් දැයි වාර්තා වී ඇත. ආගම උගන්වා මිනිසුන් යහපත් පුරවැසියන් කළ හැකි නම් මේ රට අශීලාචාර පාදඩයන්ගේ දේශයක් වී ඇත්තේ කෙසේද? මිනිසුන් බියට පත්කර යහමඟ යවන්නට තැත් කළ නොදියුණු වැඩවසම් යුගය අද අවසන්ය. අපාය-සාතන්-ස්වර්ගය-දිව්‍ය ලෝකය-ගලවා ගැනීමට සිටින දෙවිවරු සහ පව් සමාකරන්නන් සහ දඬුවම් දෙන දෙවිවරු සිටින නූතන සියළුම ආගම් පල්ලියද, පන්සලද, කෝවිලද, තම බඩ වඩා ගැනීමේ ආගමික වෛරසය එන්නත් කර මිනිසුන් මුලා කිරීමේ කටයුත්තේ යෙදී සිටී. කර්මවාදයෙන්-ආත්ම වාදයෙන් පැරණි ගල්වැදි යුගයේ පුනරුත්පත්තිවාදයෙන් පෝෂිත පන්සලේ බුද්ධාගම පන්සලට සීමාකළයුතුය. බර්ට්‍රම් රසල් කීවාසේ වයස 21 පිරෙන තුරු දරුවන්ට ආගම හඳුන්වා දියයුතු නැත. ලෝකයේ රටවල් දියුණුවූයේ ආගම උගන්වා නොවේ. විද්‍යා දැනුම, තාක්ෂණය ද, විද්‍යාත්මක චින්තනයෙන් පොහොසත් මිනිසුන් කාල නිර්මාණාත්මක ගවේෂණ ගැන ඒවායේ ප්‍රතිපල ගැන සහ සමාජ විද්‍යාවන්ට අනුව විෂය නිර්දේශයන් මගින් නව දැනුමෙන් පෝෂිත මිනිසුන් බිහි කිරීමෙනි. සමාජය තුළ නීතියේ ආධිපත්‍ය තහවුරුකර රටේ සාමාන්‍ය නීතිය දරුවන්ට උගන්වා නීතිගරුක පුරවැසියන් බිහි කිරීමෙනි. කලාව, සංගීතය, ක්‍රීඩා යන අංශ කෙරේ ළමා මනස යොමු කරවා නිර්මාණාත්මක හැකියාවන් සහිත දරුවන් බිහිකිරීමෙනි. ස්කැන්ඩිනේවියානු රටවල්, ප්‍රංශය, ඇමෙරිකාව, ජපානය, ඉන්දියාව වැනි දියුණු රටවල ආගම් පුද්ගලික දෙයකි. එය රාජ්‍ය ආයතන පද්ධතිය තුළට වැද්ද ගන්නේවත් නැත. ඇමරිකා එක්සත් ජනපදයේ ගුරුවරුන්ට හෝ දරුවන්ට ආගමික ලාංඡනයක්වත් පැළැඳ පාසලට ඇතුල්වීමට නොහැක. නිර්ආගමික වුද, හේතුවාදියෙකු වූද විශ්ව කීර්තිධර ආතර් සී ක්ලාස් හැමවිටම කීවේ “සංවිධානගත ආගම අපට සදාචාරය සහ ආත්ම විමුක්තිය ලබාදෙන මුවාවෙන් අපගේ මනස දූෂණය කරන බවත්, මේවා අන් සැමට වඩා අපගේ මනස පුරා තදින්ම පැතිරී යන අනර්ථකාරී වෛරස බවට පත්වී ඇති බවත්ය.” ඒනිසා කුඩා කළ සිට දරුවන්ගේ මනසට ආගමික වෛරසය එන්නත් කිරීමට ඉඩදිය යුතු නැත. දරුවන් තමන් ජීවත්වන අවට ලෝකය පිළිබඳ සොබාදහම විද්‍යාත්මකව උගත යුතුය. (කලා විෂයන් උගන්නා දරුවන් ද ඇතුළුව) දරුවන්ට ගෙදරදී මව්පියන් ද, පාසලේදී ගරුවරුන් ද සොබාදහමේ ඇත්තක අරුමය ඉගැන්විය යුතුය. විශ්වයේ, සෞරග්‍රහ මණ්ඩලයේ සමස්ථ සම්බන්ධය එකිනෙකේ සහ ඒකක චලිතය නිසා සියල්ල පවතින බව සහ නිරතුරුව වෙනස්වන විනා, අදෘශ්‍යමාන බලවේග කියා දෙයක් හෝ ඒවාට කළ හැකි දෙයක් හෝ නැති බව ඇත්තක අරුමය දරුවන්ට තේරුම් ගන්නට ඉඩදිය යුතුය. ආචාර්ය රිචඞ් ඩෝක්න්ගේ (Magic of Reality ) පොතේ පරිවර්තනය “ඇත්තක අරුමය” පොත 10 වන ශ්‍රේණියේ සිට සෑම දරුවකුම කියවිය යුතු අත්පොතක් කළ යුතුය. කුඩා කළ සිටම දරුවන් පරිසරයට සංවේදී කිරීමෙන් කුඩා ක්ෂද්ර ජීවියා ගේ සිට ලොකුම සිවුපා-දෙපා-උරග සියළු සතුන් අපේ ජීනිත හා බැඳෙන හැටි ගස්වැල් අපට පිරිසිදු වාතය, ජලය සහ කෑම සපයන අයුරුද සියළු සත්වයෝ සහ ශාකයෝ අපගේ නෑදෑයින් වන බව ද දරුවන්ට ඉගැන්විය යුතුය. මානව සංහතියට ආදරය කරනු ඇත්තේ සොබාදහමට ආදරය කරන සොබාදහමේ ඇත්ත දන්නා මිනිසුන් මිස ඊනියා සුචරිතවාදීන් නොවේ. ඒබ්‍රහම් ලින්කන් තුමා තම පුතා ගැන දන්වා පන්තිභාර ගුරුතුමාට යැවූ ලිපියේ සඳහන් කලා සේ “සියළුදෙනාටමත් සවන්දෙන්නටත්, ඒ අසන සියළු දේ සත්‍ය නැමැති පෙරහන්කඩින් පෙරා එතුළින් එන යහපත් දේ පමණක් පිළිගන්නටත්”’ බුදුන් වහන්සේ කාලාම සූත්‍රයේ දෙසූ පරිදි ඔබගේම බුද්ධියට සත්යසේ වැටහේ නම්, යහපත් යයි පෙනේ නම් පමණක් පිළිගන්නටත් දරුවන්ට ඉගැන්විය යුතුය. ස්වභාවික ලෝකයේ ඇතිවන සංසිද්ධීන් පරීක්ෂණ-නිරීක්ෂණ, නිගමන තුළින් පැහැදිලි කර ගනු විනා කලක් තිස්සේ පැවැති ඇදහිලි සහ විශ්වාස මත ජීවිතය පිළිබඳ තීරණ ගත යුතු නැති බව දරුවන්ට තේරුම් කළ යුතුය. ස්ව ශක්තියෙන් නැඟී සිටින නිර්මාණශීලී මිනිසුන් ඇවැසි යුගයකට අර්ධ වැඩවසම් ආගමික ප්රභූන්ගේ එහෙයියන් පිරිසක් බිහිකර පලක් නැත. අද ඔලූවෙන් සිටගෙන සිටින ශ්‍රී ලාංකේය සමාජය ප්රතිසංස්කරණයක් සමඟින් දෙපයින් සිටුවීමට නම් මුලින්ම කළ යුත්තේ ලෞකික (නිර්ආගමික) රාජ්‍යක් බිහිකිරීමයි. එහෙත් එකිනෙකා පිටකසා ගනු ලබන ආගමික සහ දේශපාලන ප්‍රභූන් ජරාජීර්ණ වූ පවතින ක්‍රමය රැක රැකගැනීමට එකම වර්ගයේ කුරුල්ලන් එකම අත්තේ වසා සිටින බැවින් ඔවුහූ රිසි ලෙස ආගම් විකුණගෙන කති. ඔවුහූ සියළු නීති රිසි සේ සාදා ගනිති. නිර්ආගමික රාජ්‍යක් වෙනුවෙන් පුරවැසි බලයක් මෙහෙය විය යුත්තේ එබැවිනි. නැතහොත් අපගේ දරුවන්ගේ ඔළුගෙඩි තුළට ආගමික වෛරසය ඇතුල් කිරීම තවදුරටත් සිදුවනු ඇත. අටකලන්පන්නේ කුලරත්න, කවුඩුවව අටකලන්පන්න. Comments AnonymousMay 23, 2018 at 12:34 AMNiyamai ! Supiri !! ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
Niyamai ! Supiri !!
ReplyDelete