විද්‍යාවේ දියුනුවට මහඟු මෙහෙවරක් කළ අබු අල් හසේන් ඉබන් අල් තායි Posted by Dilshan Sanjeewa on May 21, 2018
යථාර්ථය නොදකින විට ඇද වැටෙන්නේ මිථ්‍යාවට - ආචාර්ය වික්‍රමභාහු කරුණාරත්න Posted by CreativeBug on April 07, 2015 Get link Facebook X Pinterest Email Other Apps (2015 මාර්තු 15 වෙනි ඉරිදා උතුවන්කන්ද සරදියෙල් ගම්මානයේදී ශ්‍රී ලංකා හේතුවාදි සංගමයේ මහනුවර ශාඛාවේ මෙහෙයවීමෙන් පැවති වැඩ සටහනේදී ආචාර්ය වික්රමබාහු කරුණාරත්න මහතා පැවැත් වූ දේශනය ඇසුරෙනි.) බුදුන්ගේ උත්පත්තිය සිදු උනේ ක්‍රි.පූ 500 කට පෙර කියල මුලදි විශ්වාස කළා. නමුත් පසුව හොයා ගත් ආකාරයට එය සිදු වී ඇත්තේ ක්රි.පූ 700 කට පෙර. බුදු දහමේ එන කතාවක් තමයි මුචලින්ද නාග රාජය මහා වර්ෂා කාලයක බුදු හාමුදුරුවො ළඟට ඇවිත් බුදුු හාමුදුරුවො වටේ දරන ගහල පෙණ ගොබය දිග ඇරල බුදු හාමුදුරුවන්ව වැස්සෙන් ආරක්‍ෂා කළා කියන එක. මේක විශ්වාස කරන්න පුළුවන්ද? මෙච්චර විශාල නයි ඉන්නවද? මේක පට්ට පල් බොරුවක් හැබැයි හැම බොරුවක්ම හැදිල තියෙන්නෙ නිකම්ම නෙවෙයි. සත්‍යයක් පදනම් කරගෙන. මේ සිද්ධියට සම්බන්‍ධ වන්නට ඇත්තේ නාග නමින් හඳුන්වන මිනිස් කොට්ඨාශයක් වෙන්නට පුළුවන්. ඒ කාලයේ මිනිස්සු නාගයො අදහනව. බුදුන් ධර්මය දේශනා කරපු භාෂාව ප්රාකෘත භාෂාව. මේ භාෂාව පසු කාලයකදි නොතේරුණු අය මේවාට වැරදි අර්ථ කථන දුන්නා වෙන්න පුළුවන්. මොකද යමක් වටහා ගන්න බැරි උන තැන මිනිස්සු සාමාන්‍යයෙන් කරන්නෙ මිථ්‍යාව දෙසට හැරීම. මේ තත්ත්වය අදටත් එහෙමමයි. මතකද ලංකාවට පෘතුගීසින් ආව වෙලාවෙ ගෙතුන කතාව. පෘතුගීසින් ඇවිත් ඉන්නහැටි දැකල මිනිස්සු රජ්ජුරුවන්ට සැල කළා තිරුවාණ ගල් කමින් ලේ බොන යක්‍ෂයින් වගයක් රටට ඇවිල්ල කියල. පෘතුගීසින් පාන් කකා වයින් බොන හැටි දැකපු ලංකාවේ මිනිස්සු හිතුවෙ පාන් තිරුවාණ ගල් හැටියටත්ල වයින් ලේ හැටියටත්. ඉතින් මෙහෙම තමයි මිථ්‍යාව බිහිවෙන්නෙ. යමක් තේරුම් ගන්න බැරි උනාම එතනට මිථ්‍යාව ආදේශ කරනව. බුදුන්ගේ කාලෙ පර්සියාවෙ සැප සම්පතින් පිරුණු දියුණු රජවරු මිනිස්සු දුටුවෙ දෙවියන් විධියට. පර්සියාව දිව්‍ය ලෝකයක් විදියට. බුදුන් දේශනා කළ නිවන් සිතට ඇතුළත් වන්නේ කරුණු හතරක්. ඒල මෙත්තාල කරුණාල මුදිතාල උපේක්‍ෂා. මෙත්තා කියන එකෙන් අදහස් කරන්නේ මම ජීවත් වෙන්න කැමතියි. එසේනම් අනිත් කෙනාටත් එසේම ජීවත් වෙන්නට ඉඩ දිය යුතුයි. කරුණාව කියන්නෙ මට පංගුවක් ඕනෑ. එහෙනම් අනික් කෙනාටත් එයාගෙ පංගුව දිය යුතුයි. ඊළඟට මුදිතාව. එනම් මම කැමතියි මගේ ජයග්රහණයට. ඒ වගේම අනිත් කෙනාගේ නිර්මාණයකිනුත් අපි ආශ්වාදය ලැබිය යුතුයි. නැත්නම් එය අගය කළ යුතුයි. මොකද්ද උපේක්‍ෂාව කියන්නෙ? මම මගේ වැරදි වලට සමාව දී ගන්නව. එහෙනම් අනිකාගේ වැරදි දිහාත් උපේක්‍ෂාවෙන් බැලිය යුතුයි. මේක මහ ලොකු දෙයක් නෙමෙයි. අපි මේ විදියට හිතුව නම් අපේ රටේ ජාතික ප්රශ්නයක් ඇතිවෙන්නෙත් නැහැ. එහෙම නම් ලංකාවෙ ජනගහණයෙන් වැඩි දෙනෙකුට මේ වෙනකොට සතුටින්ල සමගියෙන් ජීවත් වෙන්න තිබුණ. නමුත් අපි අවුරුදු 2500 ක් තිස්සෙ ථෙරවාදින් කියා ගනිමින් ආගම කරගහගෙන ආවත් මේ සත්‍ය වටහා ගන්න බැරි උනා. අපි පුද පූජා වලට පුරුදු වෙලා ඉන්නව. නමුත් පූජා නෙමෙයි අවශ්‍ය. බුදුන් දේශනා කරපු දාර්ශනික කරුණු ප්රත්යක්ෂයෙන් අවබෝධ කර ගැනීමයි අවශ්‍ය. හැබැයි ඒක ටිකක් අමාරු වැඩක්. පුද පූජා කරනව වගේ ලේසි නෑ. යථාවාදයට විරුද්ධව ඇත්තේ අද්භූත වාදය. එමගින් කරන්නේ අපිව යටත් කරගෙනල වසඟ කරගෙන බිය ගන්වා ගෙන අපව පාලනය කිරීම. මෙහි ශාරීරික වද හිංසා කිසිවක් නැහැ. තනිකරම මුලා කොට බිය ගැන්විම තුළින් මානසිකව යටත් කර ගැනීමක් තමයි මෙතන සිද්ධ වෙන්නෙ. බියට පත් වුණු මිනිස්සු තමන් විසින් සිය කැමැත්තෙන්ම මිථ්‍යාවට යටත් වෙනව. ඉතිහාසය පුරා මෙයට විරුද්ධව සටන් ඇති වුණා. බුදුන්ගෙ කාලයෙත් සටන් තිබුණා. යථාවාදී චින්තනය හැමදාමත් අප අතරෙ තිබුණා. නමුත් ඒක ඉදිරියට යනකොට හැමදාමත් ඒක විනාශ කරල පොඩි පට්ටම් කරල දැම්මා. ( දිවා ආහාරයෙන් පසුව සාකච්ඡා මණ්ඩපයක් පැවැත් විණි. එහිදී එතුමා වෙත අසන්නන් රාශියක් ප්රශ්න යොමු කළහ. එක් හේතුවාදී අසන්නෙක් ඇසූ ප්රශ්නය හා ඊට ලැබුණ පිළිතුර මෙසේය.) ප්රශ්නය: අචාර්ය තුමනිල ආදරය කියන්නේ ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයක් තුළින් පැන නගින දෙයක් නේද? එසේ නම් ඇයි මිනිසුන් එහි සෞන්දර්යාත්මක හැඟීම ඔස්සේ ගොස් විනාශ වන්නේ? පිළිතුර :ආදරයෙහි ජීව විද්‍යාත්මක වගේම සෞන්දර්යවාදී පැත්තකුත් තියෙනවා. උදාහරණයක් ගනිමු. කුඩා දරුවකුට කිසි දෙයක් තනිවම කර ගන්නට බැහැ. ඒ නිසා තමයි ආදරය බිහිවෙලා තියෙන්නේ. ආදරයක් ඇතිවෙන විධියටයි පොඩි ළමයෙකුගේ ස්වරූපය වෙන්නෙ. ආදරය නිසා තමයි දරුවාට ලොකු මහත් වෙනකම් අම්මගෙ සහයෝගය ලැබෙන්නෙ. මේක ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයකුත් වෙනවා. ඒ වගේම අම්මාටත්ල දරුවාටත් තනිවම පවතින්න බැහැ. ආදරය නැතිව ගියොත් වර්ගයා බෝවෙන්නෙත් නැහැ. ඉතින් ගැහැණු පිරිමි ආකර්ශනය තුළින් රසාස්වාදය බිහිවෙලා තියෙනව. නමුත් මේ හැම දෙයම පාලනයක් යටතේ සිදුවිය යුතුයි. සමතුළිත කර ගත යුතුයි. නැතිනම් ඇතිවෙන්නෙ විනාශය. Comments
Comments
Post a Comment