
“කියවන්න, උදෑසනදීත් කියවන්න, සවස් භාගයේදීත් කියවන්න, සැම විටම කියවන්න”
බුද්ධිය මුවහත් කර ගැනීමට වැඩි වැඩියෙන් කියවමු.
සියලූ ජීවමාන මිනිසුන්ට ආහාර අත්‍යාවශ්‍යය. සියලූ සතුන් අතර ඉහළින් වැජඹෙන බවට සැලකෙන මිනිසාගේ මොලයටද ආහාර අවශ්‍යය. බොහොමයක් මිනිසුන් ජීවත්වන්නේ ආහාර බුදීමට පමණක් බව අයෙක් සිතති. ජීවත්වීම උදෙසා පමණක් ආහාර ගන්නා අය ඇත්තේ ටික දෙනෙකු පමණි. මනුෂ්‍යයා යන්ත්රසූත්ර නිපදවාගත්තේ තිබෙන්නා වූ ඉන්ධන දවාලීමට ද? නැත ඔහු නිපදවාගත් යන්ත්‍ර නිපදවීමෙන් පසු ඒවා ක්‍රියාත්මක කිරීමට ඉන්ධන සොයාගත්තේය. ඒ ආකාරයෙන් බලන විට ආහාර යනු ශරීරවල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වන ඉන්ධන වන නිසා ජීවත්වීමේ අරමුණ ආහාර අනුභව කිරීමට පමණක් සීමා කළ යුතු නැත.
ශරීරයේ විවිධ කොටස්වලට විධාන නිකුත් කරනු ලබන්නේ මොලයයි. මොලය තුළ ක්‍රියාත්මක වන සංවේදීභාවය සහ අත්දැකීම් හැසිරෙන්නේ සය වැනි සංවේදී ඉන්ද්‍රියක් ලෙස නිසා,මොලය හොඳින් වර්ධනය වීම ඉතාමත් වැදගත් ය.
මොලය යනුවෙන් මෙහි අදහස් කරන්නේ මනස සහ දැනුමයි. පැලෑටියක් හොඳින් වර්ධනය වීමට විවිධ කෘෂිකාර්මික ක්‍රියාවන් සිදු කළ යුතු වන්නේ ය. මනුෂ්‍යයෙකුට තමා හොඳින් ජීවත් වීමට මෙන්ම අන් අයගේ යහපත උදෙසා කටයුතු කිරිමට ද මොලයට ආහාර හොඳින් සැපයිය යුතු වන්නේ ය. අපගේ චින්තනය මුවහත් කර ගැනීමට දැනුම ගෙන දෙන පොත්පත් වලින් වන්නේ ඉමහත් සේවයකි. එබැවින් පොත්පත් කියවීම අප ජීවිතයේ වැදගත් අංගයක් ලෙස පිළිගත යුතු අතර නිරතුරුවම කියවීමේ පුරුද්ද අප ඇතිකර ගත යුතුය.
යහපත් මිතුරන් වැඩි වැඩියෙන් ඇසුරු කිරීම ප්‍රසන්න මිතු දම් වැඩි වැඩියෙන් ඇතිවීමට හේතු කාරණා වෙයි. එලෙසින්ම වැඩි වැඩියෙන් පොත්පත් කියවීමේදී දැනුම වර්ධනය වන අතර තව තවත් තොරතුරු සහ දැනුම සොයා යෑමට රුචිකත්වය ද ඇති වෙයි. අප නිවෙස් බොහොමයක පුද පූජා උදෙසා කාමරයක් හෝ කුටියක් වෙන් කිරීමේ සිරිතක් සම්ප්‍රදායානුකූලව ඇත. එසේ වෙන් කරන්නාවූ ප්‍රදේශය වෙනත් කිසිදු කාර්යයකට ගැනීමට නොහැකිය. මෙයට අමතරව බොහෝ දෙනා පූජනීය ස්ථානවලට යමින් ඒවායේ පවත්වන පූජා සහ උත්සවවලටද සහභාගි වෙති. පොත් තබා ගැනීමට හෝ කියවීමට ඇති ස්ථානයක් පුද පූජා පවත්වන ස්ථානයකට වඩා උතුම් බවට බොහෝ දෙනෙකුට වැටහීමක් නැත.
වෙනම කාමරයක් නැති වුවද රාක්කයක හෝ අල්මාරියක් වැනි තැනක වුවද පොත් තබාගත හැකි ස්ථානයක් පිළියෙලකර ගත හැකිය. ඇතැම් අය ඉතා වැඩි වටිනාකමකින් යුත් පොත් ප්‍රදර්ශනාත්මක භාණ්ඩ ලෙස සුඛෝපභෝගී පරිසරයක පෙනෙන්නට තබති. එවැනි පොත් කිසිවෙකු විසින් කියවන්නේ නැත. කියවන ලද පොත් තැබීමට සුදුසු රාක්කයක් ඕනැම ගෙදරක නොතිබීමට සාධාරණ හේතුවක් නැත. පොත් මිලදී ගැනීමට අපහසු අයට පොදු පුස්තකාලයකට ගොස් පොත් පත් කියවිය හැකිය. අවශ්‍යතාවය ඇත්නම් නොකලහැකි දෙයක් නැත.
සෑම නිවසකම පාහේ ඖෂධ තබා ගැනීමට තැනක් ඇත. අප පොත් වලටද එලෙසම සැලකිය යුතුය. චීන ආප්තෝපදේශයක් මෙසේ පවසයි. “අපගේ නූගත්කම සුව කිරීමේ බෙහෙත පොත්පත්ය” නව නිවාස සැලසුම් කිරීමේදී බෙහෙත් රාක්කයට මෙන්ම පොත් රාක්කයටද සුදුසු තැනක් වෙන්කළ යුතුය.
ඔබ දුර ගමනක් යනවිට කියවීමට සුදුසු පොතක් රැගෙන යන්න. එය කියවන ඔබට ගමනේ දුර සහ මහන්සිය නොදැනෙනු ඇති අතර පොතෙහි අඩංගු කරුණු ඔබ සතුටට පත්කරනු ඇත.
දැන් මා ඔබට පවසන්නේ ඉතා මෑතකදී දැනගත් දෙයකි. ලෝකයේ ඉතා දියුණු රටක් ලෙස සැලකෙන ඇමරිකාව අනෙක් රටවලට තමන් මහා සහෝදරයා ලෙස ක්‍රියාවෙන් පෙන්නුම් කරයි. එහෙත් පොත් කියවීම පිළිබඳ ඇමෙරිකානු සංඛ්‍යාලේඛන පුදුමසහගතය. ඇමෙරිකානු පොත් අලෙවිකරන්නන්ගේ සංගමයට අනුව පසුගිය වසරේ 80% ඇමෙරිකානුවන් පොතක් මිලදී ගෙන හෝ කියවා හෝ නැත. පොත් සාප්පුවකට ගොඩ නොවූ පවුල් සංඛ්‍යාව 70% කි. පාසල් හැරයාමෙන් පසු 58% ක් පොතක් කියවා ඇත්තේම නැත. මෙම අභාග්‍යසම්පන්න ඇබ්බැහිය ඔවුන් විසින් ගෝලීයකරණය කිරීමෙන් වැලකී සිටී නම් එය සකල ලෝක ප්‍රජාවට යහපතකි.
අපි කියවමු, නැවත නැවත කියවමු. විප්ලවවාදී ඉන්දියානු කවියෙකු වන භාරතී දාසන් මෙසේ කියා ඇත. “කියවන්න, උදෑසනදී කියවන්න, සවස් භාගයේදීත් කියවන්න, සැම විටම කියවන්න”
මෙයද සිතට ගන්න, නියමිත ලෙසට පොහොර නොයෙදූ පැලෑටි මෙන්ම ඇති පමණට මුවහත් නොවූ මනස්ද මන්ද පෝෂණයට ලක් වන්නේය.
(දක්ෂිණ භාරතයේ හේතුවාදියෙකු වන ආචාර්ය කේ. වීරමානී ගේ ලිපියක් ඇසුරින් සකස් කරන ලදී.)
වෛද්‍ය සේන ද සිල්වා
2013 May - Vidarana
Comments
Post a Comment