විද්‍යාවේ දියුනුවට මහඟු මෙහෙවරක් කළ අබු අල් හසේන් ඉබන් අල් තායි Posted by Dilshan Sanjeewa on May 21, 2018
ජ්‍යොතිෂය අනිත්‍ය පිටුදකියි Posted by CreativeBug on April 21, 2015 Get link Facebook X Pinterest Email Other Apps ජ්‍යොතිෂයට අනුව ජීවියකු උපන් අවස්ථාවේ තිබූ ග්‍රහතාරකා අනුව ඔහුගේ මුළු ජීවිතයම තීරණය වේ. ඒ අනුව ආයුෂ ප්‍රමාණයත් මාරක ඇතිවන දින වකවානුත් අධ්‍යාපනය, විවාහය, විදේශගතවීම, ලෙඩරෝග හා මරණය සිදුවන අන්දමත් උපන් වේලාවේම තීරණය වේ. කුජ හත්වැන්නේ පිහිටන කේන්ද්‍රයක් හිමි ස්ත්‍රියකගේ සැමියා අකාලයේ මිය යන බව කියමින් යෞවනයන් භීතියට පත්කෙරේ. විභාග සමත්ව, ඡන්ද දිනීම වැනි දේ පවා උපත් වෙලාව අනුව තීරණය වන නිත්‍ය දේවල් බව කියවේ. මිනිසෙකු ඝාතනයට ලක් වූ විට එය උපන් වේලාවේ ග්‍රහ පිහිටීම අනුව විය යුතුව තිබූ දෙයක් නම් ඝාතකයා නීතියෙන් එල්ලූම්ගස් යවන්නේ ඇයි? ඔහු කළේ ග්‍රහතාරකාවලට උවමනා දේ ඉටු කරදීම පමණි! දඬුවම් දිය යුත්තේ ඝාතනය උපතේ සිටම සැලසුම් කළ ග්‍රහ තාරකාවලටය. ජ්‍යොතිෂය විසින් උපන් වෙලාව අනුව නිත්‍ය අනාවැකි කීවත් ලොව නිත්‍ය කිසිවක් නැත. අනිත්‍ය පමණක් නිත්‍ය වේ. නිත්‍ය සේ ස්ථිර සේ පෙනෙන සියලූ දේවල් අහම්බයට යටත්ය. කෙනෙකු උපතේ සිට මරණය දක්වාම ජීවිතය අවිනිශ්චිතය; තණ අග පිනි සේය. ජීවිත කාලය පුරාම කොයි මොහොතේ හෝ අහඹු සිදුවීම් විය හැකිය. හදිසි අනතුරු, ලෙඩ රෝග , ස්වභාවික විපත් අප කරා පැමිණෙන්නේ කිසිදු පූර්ව දැනුම්දීමක් නැතිවය. ඒවාට බොහෝ දේවල් හේතු වියහැකි වුවද ග්‍රහතාරකා හේතු නොවේ. ස්ථිර අනාවැකි කිවහැකි බව පවසමින් ජ්‍යොතිෂය විසින් අනිත්‍යය බැහැර කළද විද්‍යාවට සමගාමී දර්ශනක් වන අපෝහක භෞතිකවාදය විසින්ද බුද්ධාගම, ජෛනාගම වැනි පෙරදිග ආගම් විසින්ද අවධාරණය කරන්නේ අනිත්‍යයමය; අස්ථිරතාවයමය! හදිසි විපතක් සිදු වූ විට ‘ඒක වෙන්ඩ තිබුණු දෙයක්’ හෝ ‘වෙන්ඩ තියෙන දේවල් වළක්වන්න බැහැ’ වැන්නක් කියමින් හිත හදාගැනීම ජනතාවගේ සාමාන්‍ය පුරුද්දක් පමණි. ‘එය වළක්වාගත හැකිව තිබූ දෙයක්’ වැන්නක් කියවුනොත් බිඳුණු සිත් තවදුරටත් බිඳී පෑරී යනු ඇත. සැම්සන් ගුණතිලක “ග්‍රහ තාරකාවන්ට කළ හැක්කේ කුමක්ද?” ග්‍රන්ථයෙන් උපුටා ගැණින Comments
Comments
Post a Comment