දෙවියන් යනු සොබාදහම සහ උතුම් මිනිසුන්

දේව සංකල්පය ආචීර්ණ කාලීන මිථ්‍යාවකි. ජීවයේ විකාශනයේ ඉහළම අවධියේ දී දෙපයින් සිටගත් මානවයා, ලෝකයේ අසිරිය දකින්නට ඇත. දිවා, රාති‍්‍රය, වැසි, සුළං, අකුණු, කුණාටු, ස්වාභාවික උවදුරු, උපත මරණය වැනි අසිරිමත් දේ දුටු ඔහුට ඒවායේ යථාර්ථය තේරුම් ගැනීමට තරම් වර්ධනය වූ මොළයක් නොවීය. ඒ අසිරිමත් සිදුවීම් තම ජීවිතයට විවිධාකාරයෙන් බලපාන බැවිනුත් ඒවා තේරුම් ගැනීමට තරම් දියුණු මනසක් නොවූ බැවිනුත්, ඒවා අද්භුත බලවේග ලෙස ඔහු දකින්නට පුරුදු විය. එම බලවේග විසින් ලොව හසුරුවන බවත්, තම දිවියේ යහපත හා අයහපත ඒ අනුව තීරණය වන බවත් ඔහුට හැෙඟන්නට ඇත. මෙවැනි දේ දැකීමෙන් ස්වභාවයෙන් හටගත් බිය නිසාම ඒවාට වන්දනාමාන කිරීමෙන් තමන්ට යහපත සැලසෙන බවත් ඔහුගේ සිත තුළ මුල්බැස ගන්නට ඇත. පසුකාලය වන විට එම බලවේග දෙවියෙකු බවට පත්කර ගැනීමට ඔහු පෙළඹෙන්නට ඇත. ලොව ආගම්වල මූලය මෙසේ සිදුවී ඇති බව පැහැදිලිය. ඉපැරණි මානව ශිෂ්ටාචාරවල මෙන්ම, ඉන්දියාව, ගී‍්‍රසිය වැනි රටවල දේව සංකල්පවල උපත පිරික්සීමෙන් මේ බව සනාථ වේ. සෘග්වේදයේ සඳහන් වන සියළුම දෙවිවරු ස්වභාව ධර්මය හා සම්බන්ධ වේ. මහපොළොව ‘‘පෘථිවි දෙවිදුව’’ ලෙස හ`දුන්වයි. මිනිසා ඇතුළු පරිසරය දරා සිටීමත්, තමා පෝෂණය කිරීමත් කරන පෘථිවිය දෙව්දුවක් හෙවත් මවක් ලෙස සැලකෙන්නට ඇත. සෘග්වේදයේ  බොහෝ ස්වාභාවික සිද්ධීන්ට දේවත්වය ආරෝපණය කර ඇත. ‘‘උෂස්’’ යනු අරුණෝදයේ දෙව් දුවයි. ‘‘රාති‍්‍ර’‘ යනු රැුයට අධිපති දෙව්දුවයි. ‘‘ආරණ්‍යාති’’ වන දෙව්ලියයි. මේ සියල්ල සොබා දහමයි. ආර්යයන් ඉන්දියාව පුරා ව්‍යාප්ත වෙද්දී යුද්ධ බොහෝ ඇතිවිය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස යුද්ධයට අදිපති දෙවියකු බිහිවෙයි. ඒ ඉන්ද්‍ර දෙවියන්ය. ඉන්ද්‍ර වර්ෂාව, අකුණු විදුලිය වැනි කාලගුණික සිද්ධීන් නියෝජනය කරයි. අකුණු, විදුලිය තේරුම්ගත නොහැකි වූ ජනයා ඒ ‘‘ඉන්ද්‍ර’’ යුද්ධයේදී භාවිත කරන අවි ලෙස දකින්නට ඇත.   සූර්යයා පෘථිවියේ සියළු ශක්තීන්ගේ මූලය ලෙස ප‍්‍රකාශ වන්නට පෙරම, පෘථිවියේ සියල්ල පාලනය කරන බලවේගය සූර්යයා ලෙස වෛදික ආර්යයන් දකින්නට ඇත. ගින්න ගැන දැනගැනීමෙන් පසු මානවයා ඉන් ලැබූ ප‍්‍රයෝජන අපමණය. ගින්න ‘‘අග්නි දෙවි’’ බවට පත්වන්නේ ඒ නිසාය. ආර්යයන් ඉන්දියාව පුරා ව්‍යාප්ත වෙද්දී, විශාල ඝර්ම කලාපික වනාන්තර දවා හළු කර දුන්නේ අග්නි දෙවියන්ය. නොදියුණු අවි භාවිත කළ එකල ගින්න දෙවියෙකුම වූයේය.  මහා වෘක්ෂයන් දෙවියන්ගේ හෝ දෙව්ලියන්ගේ වාසභවනයත් ලෙස සැලකීමේ සැඟවුණු අර්ථයක් ද තිබිය හැක. එසේ වන්නට ඇත්තේ වෘක්ෂයන්ගෙන්  පරිසරයට හා ජීවින්ට සැලසෙන සේවය අවබෝධකර ගෙන ඒවා විනාශ කිරීම වැළැක්වීමට විය යුතුය. රන් තෙළඹුව කැපීමට ස්වර්ණමාලියට පින්සෙණ්ඩු වූයේ දුටුගැමුණු රජු හොඳ පරිසර වේදියෙකු වූ නිසා විය යුතුය. ස්වාභාවික පරිසරය හැරුණු විට පුද්ගල දෙවිවරු හා දේවතාවියන් ගේ පසුබිම සොයා යාමේදී අපට හමුවන්නේ මානවයාට අමිල සේවයක් කළ උත්තමයින්ය. ‘‘මහසෙන්’’ රජතුමා බුද්ධාගමට කළ යම් යම් කෙනෙහෙළි කම් නොසලකා දෙවියකු බවට පත්කර ඇත. කෘෂිකර්මය ජීවය කරගත් සමාජයක, වාරි තාක්ෂණය උපරිම වර්ධනයකට ලක්කර අති විශාල රජරට ජනතාවට බත සැපයීමට කටයුතු කළ මහසෙන් දෙවියෙක් ම විය. ස්වාමිභක්තිය හා එඩිතර බව ප‍්‍රකට කළ ‘‘පත්තිනි දේවිය’’ ඉන්දියානු සමාජයේ උතුම් කාන්තාවකි. මෙවැනි නිදසුන් අප සමාජය තුළින් ද සොයාගත හැක. රාසිං දෙවි (11 රාජසිංහ* සෙංකඩගල දෙවි, අඹන්වෙල දෙවි, කීර්ති බණ්ඩාර දෙවි, වැල්ලේ දෙවි ආදී අපමණ නිදසුන් වල පසුබිම අසහාය මිනිසුන්මය.  දෙවියන් නිර්මාණය කර ඇත්තේ මිනිසා විසින් මිස අන් කවරකු විසින් හෝ නොවේ. සොබාදහම වැනසීමෙන් වැළකීමත්, උතුම් මිනිසුන්ට ගෞරව කිරීමත් හැඟවෙන දේව පූජා අනවශ්‍යය. කේ.ඒ.කුලතිලක - මහරගම

දේව සංකල්පය ආචීර්ණ කාලීන මිථ්‍යාවකි. ජීවයේ විකාශනයේ ඉහළම අවධියේ දී දෙපයින් සිටගත් මානවයා, ලෝකයේ අසිරිය දකින්නට ඇත. දිවා, රාත්‍රිය, වැසි, සුළං, අකුණු, කුණාටු, ස්වාභාවික උවදුරු, උපත මරණය වැනි අසිරිමත් දේ දුටු ඔහුට ඒවායේ යථාර්ථය තේරුම් ගැනීමට තරම් වර්ධනය වූ මොළයක් නොවීය. ඒ අසිරිමත් සිදුවීම් තම ජීවිතයට විවිධාකාරයෙන් බලපාන බැවිනුත් ඒවා තේරුම් ගැනීමට තරම් දියුණු මනසක් නොවූ බැවිනුත්, ඒවා අද්භුත බලවේග ලෙස ඔහු දකින්නට පුරුදු විය. එම බලවේග විසින් ලොව හසුරුවන බවත්, තම දිවියේ යහපත හා අයහපත ඒ අනුව තීරණය වන බවත් ඔහුට හැඟෙන්නට ඇත. මෙවැනි දේ දැකීමෙන් ස්වභාවයෙන් හටගත් බිය නිසාම ඒවාට වන්දනාමාන කිරීමෙන් තමන්ට යහපත සැලසෙන බවත් ඔහුගේ සිත තුළ මුල්බැස ගන්නට ඇත. පසුකාලය වන විට එම බලවේග දෙවියෙකු බවට පත්කර ගැනීමට ඔහු පෙළඹෙන්නට ඇත. ලොව ආගම්වල මූලය මෙසේ සිදුවී ඇති බව පැහැදිලිය. ඉපැරණි මානව ශිෂ්ටාචාරවල මෙන්ම, ඉන්දියාව, ග්‍රීසිය වැනි රටවල දේව සංකල්පවල උපත පිරික්සීමෙන් මේ බව සනාථ වේ.

සෘග්වේදයේ සඳහන් වන සියළුම දෙවිවරු ස්වභාව ධර්මය හා සම්බන්ධ වේ. මහපොළොව “පෘථිවි දෙවිදුව” ලෙස හ`දුන්වයි. මිනිසා ඇතුළු පරිසරය දරා සිටීමත්, තමා පෝෂණය කිරීමත් කරන පෘථිවිය දෙව්දුවක් හෙවත් මවක් ලෙස සැලකෙන්නට ඇත. සෘග්වේදයේ බොහෝ ස්වාභාවික සිද්ධීන්ට දේවත්වය ආරෝපණය කර ඇත. “උෂස්” යනු අරුණෝදයේ දෙව් දුවයි. “රාත්‍රි’‘ යනු රැයට අධිපති දෙව්දුවයි. “ආරණ්‍යාති” වන දෙව්ලියයි. මේ සියල්ල සොබා දහමයි.

ආර්‍ය්‍යයන් ඉන්දියාව පුරා ව්‍යාප්ත වෙද්දී යුද්ධ බොහෝ ඇතිවිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස යුද්ධයට අදිපති දෙවියකු බිහිවෙයි. ඒ ඉන්ද්‍ර දෙවියන්ය. ඉන්ද්‍ර වර්ෂාව, අකුණු විදුලිය වැනි කාලගුණික සිද්ධීන් නියෝජනය කරයි. අකුණු, විදුලිය තේරුම්ගත නොහැකි වූ ජනයා ඒ “ඉන්ද්‍ර” යුද්ධයේදී භාවිත කරන අවි ලෙස දකින්නට ඇත.

සූර්‍ය්‍යයා පෘථිවියේ සියළු ශක්තීන්ගේ මූලය ලෙස ප්‍රකාශ වන්නට පෙරම, පෘථිවියේ සියල්ල පාලනය කරන බලවේගය සූර්යයා ලෙස වෛදික ආර්‍ය්‍යයන් දකින්නට ඇත. ගින්න ගැන දැනගැනීමෙන් පසු මානවයා ඉන් ලැබූ ප්‍රයෝජන අපමණය. ගින්න “අග්නි දෙවි” බවට පත්වන්නේ ඒ නිසාය. ආර්‍ය්‍යයන් ඉන්දියාව පුරා ව්‍යාප්ත වෙද්දී, විශාල ඝර්ම කලාපික වනාන්තර දවා හළු කර දුන්නේ අග්නි දෙවියන්ය. නොදියුණු අවි භාවිත කළ එකල ගින්න දෙවියෙකුම වූයේය.

මහා වෘක්ෂයන් දෙවියන්ගේ හෝ දෙව්ලියන්ගේ වාසභවනයත් ලෙස සැලකීමේ සැඟවුණු අර්ථයක් ද තිබිය හැක. එසේ වන්නට ඇත්තේ වෘක්ෂයන්ගෙන් පරිසරයට හා ජීවින්ට සැලසෙන සේවය අවබෝධකර ගෙන ඒවා විනාශ කිරීම වැළැක්වීමට විය යුතුය. රන් තෙළඹුව කැපීමට ස්වර්ණමාලියට පින්සෙණ්ඩු වූයේ දුටුගැමුණු රජු හොඳ පරිසර වේදියෙකු වූ නිසා විය යුතුය.

ස්වාභාවික පරිසරය හැරුණු විට පුද්ගල දෙවිවරු හා දේවතාවියන් ගේ පසුබිම සොයා යාමේදී අපට හමුවන්නේ මානවයාට අමිල සේවයක් කළ උත්තමයින්ය. “මහසෙන්” රජතුමා බුද්ධාගමට කළ යම් යම් කෙනෙහෙළි කම් නොසලකා දෙවියකු බවට පත්කර ඇත. කෘෂිකර්මය ජීවය කරගත් සමාජයක, වාරි තාක්ෂණය උපරිම වර්ධනයකට ලක්කර අති විශාල රජරට ජනතාවට බත සැපයීමට කටයුතු කළ මහසෙන් දෙවියෙක් ම විය. ස්වාමිභක්තිය හා එඩිතර බව ප්‍රකට කළ “පත්තිනි දේවිය” ඉන්දියානු සමාජයේ උතුම් කාන්තාවකි. මෙවැනි නිදසුන් අප සමාජය තුළින් ද සොයාගත හැක. රාසිං දෙවි (11 රාජසිංහ) සෙංකඩගල දෙවි, අඹන්වෙල දෙවි, කීර්ති බණ්ඩාර දෙවි, වැල්ලේ දෙවි ආදී අපමණ නිදසුන් වල පසුබිම අසහාය මිනිසුන්මය.

දෙවියන් නිර්මාණය කර ඇත්තේ මිනිසා විසින් මිස අන් කවරකු විසින් හෝ නොවේ. සොබාදහම වැනසීමෙන් වැළකීමත්, උතුම් මිනිසුන්ට ගෞරව කිරීමත් හැඟවෙන දේව පූජා අනවශ්‍යය.

කේ.ඒ.කුලතිලක - මහරගම

Comments