තොරතුරු අයිතිය සමග මහජන අපේක්ෂා


පුරවැසියන්ට තොරතුරු අයිතියක් සහතික කරන පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට ඇති මොහොතක ඒ ගැන තිබිය යුතු ජනතා අපේක්‍ෂාව කුමන ආකාරයක් ගත යුතු ද යන්න ගැන ගැඹුරු අවබෝධයක් ඒ සඳහා කටයුතු කරන පාලකයන්ට තිබිය යුතුය. විශේෂයෙන්ම ජනතාවට තිබිය යුතුය. තොරතුරු අයිතිය ව්‍යවස්ථාපිතව පිළිගෙන කටයුතු කර යම් කාලයක් තිස්සේ අත්දැකීම් ලබමින් සිටි රටක ඇති පුරවැසි ප්‍රතිලාභ ගැන පවතින තත්ත්වය නිසි අධ්‍යයනයට ලක් කිරීම එහිදී බෙහෙවින් ප්‍රයෝජනවත්ය. 1995 දී ප්‍රථම වරට පුරවැසි තොරතුරු නිදහසක වැදගත්කම සලකා පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට උත්සාහ කර අද 2015 දී තොරතුරු අයිතියක පිළිබඳ පනත සම්මත කර ගැනීමට කොළ එළියක් සැපයෙන මේ මොහොත දක්වා දශකයක කාලයක් ගතවී ඇත. රටක ප්‍රජාතන්ත්‍රවාදය සම`ග යහපාලනය දරුණු අර්බුදයක් නොවී පවත්වා ගැනීමේදී අර්ථවත් තොරතුරු අයිතියක් ජනතාවට ලබා දීමෙන් ලැබෙන ප්‍රතිලාභ කොතෙක් ගැඹුරින් විකසනය වන්නේද යන්න මැනවින් අවබෝධ කර ගැනීමට 21 වන සියවසේ දියුණු ලෝකය කොතෙකුත් උදාහරණ සපයයි.

සංසන්දනාත්මකව අප අසල්වැසි ඉන්දියාව සම`ග මේ සම්බන්ධ අධ්‍යයනයකට යාම ඉතාමත් කාලෝචිතය. නීතිඥ එස්.ජී. පුංචිහේවා මයා 2015-03-01 ඉරිදා ලංකාදීපය සම`ග සම්මුඛ සාකච්ජාවක් කරමින් අසල්වැසි ඉන්දියාව ජනතාවගේ තොරතුරු අයිතිය සහතික කරමින් කටයුතු කරන ආකාරය සම`ග සසඳා අපගේ තොරතුරු පනතේ කෙටුම්පතක ඇති සීමාවන් පිළිබඳව තරමක විස්තරයක්ද කර ඇත. එහි ජනතාවට අදාළ තොරතුරු අනවශ්‍ය ලෙස සීමාවන්ට ලක් කරන අයුරින් ශ්‍රී ලංකාවේ යෝජිත පනතේ ඇති අඩුපාඩු උදාහරණයක් ලෙස ඉන්දියාවේ මොඩලය තුළින් ඒවා ඉවත් කිරීමට නිර්මාණාත්මක අයුරින් කටයුතු කරන ආකාරය සම`ග සංසන්දනාත්මකව පෙන්වා දී ඇත. ඉන්දියානු පනතේ දුර්වල අනුකරණයක් ලෙසින් ශ්‍රී ලංකාවේ භාවිතාවට නිර්මාණය කළ තොරතුරු පනත පෙනෙන බව සඳහන් කරමින් පුංචි හේවා මහතා ඒකී පනත පුළුල් විවෘත සංවාදයකට යොමු කළ යුතු බවද පවසනවා.

තොරතුරු පනතක් ප්‍රයෝගිකව පුරවැසි භාවිතාවකට යෝග්‍ය වන ලෙස සකස් කිරීමේදී ප්‍රධානතම කොන්දේසිය වන්නේ ඒ සඳහා යෝග්‍ය වන පුරවැසි පර්යාලෝකයක් (citizen Perspective) නිවැරදිව ස්ථානගත කිරීමක් (Positioning) සඳහා වෙහෙසීමයි. එවැනි ස්ථාන ගත කිරීමක් සම`ග පුරවැසියන් තොරතුරු උපයෝගී කර ගනිමින් නිර්මාණාත්මක වූ හා නිසි ව්‍යවසායික වූ හැ`ගීමකින් ධනාත්මකව ජාතික සංවර්ධනයට උපයෝගී කර ගන්නා දිශාවකට යොමු කෙරෙන ලෙස ප්‍රජාතාන්ත්‍රීය ප්‍රවේශයක් ගැනීම එහිදී අවශ්‍ය වේ. එහිදී දේශපාලනය හා ව්‍යවස්ථාදායක ක්ෂේත්‍ර අරක් ගෙන සිටින පාලකයින් පුරවැසි පර්යායයන් අවතක්සේරුවට ලක් නොකොට අධිපති මානසිකත්වය ඉවතලා ක්‍රියා කිරීමට පෙළඹීම අතිශයින්ම වැදගත්. තොරතුරු කොමිසමක් මෙම පනත ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගැනීමට පිවිසෙන්නෙත් තොරතුරු අයිතිය පිළීබඳව නිලධාරිමය ස්ථාවරයක් ගැන විශේෂ උනන්දුවක් සහිතව පමණක් වීමෙන් පෙනී යන්නේද පුරවැසි තොරතුරු අයිතිය පිළිබඳව ඇත්තේ ද්විතීයික වැදගත්කමක් බවයි.

ජනතාවගේ සාක්‍ෂරතාවය ඉහල මට්ටමක ඇති ලෙස පිළිගත්තත් රටේ පවතින බොහෝ සමාජ යාන්ත්‍රණ ක්‍රියාත්මක වන ආකාරය ගැන ජනතාවගේ අවබෝධය අඩු බවත් ප්‍රකාශ වනවා. එහෙත් මෙම අඩුව ජනතාවගේ පවතින දුර්වලතාවයක් ලෙස හුවා දැක්වීමට උත්සහයක් ඇති වුවහොත් එය බරපතල වරදක්. මෙහි ඉහතින් දැක්වූ පරිදි ආයතනිකමය පර්යාලෝකය (Institutional Perspective) ගැන පමණක් යොමුව පුද්ගල ආර්ක්‍ෂාව හා සුරක්‍ෂිතතාව පිළිබඳ අවධාරණය කිරීමත් මැනවින් සමාලෝචනයට භාජනය කළයුතු කාරණයක්. සේවා සපයන්නන් (Suppliers) පාරිභෝගිකයන් (Customers) සම`ග පවත්නා ගතික සබඳතාව සඳහා ආයතනික වශයෙන් කාර්ය මූලික ඒකාබද්ධතාවයක් (Functional Integration) සහිතව කටයුතු කිරීම ජනතාවගේ තොරතුරු අයිතියක් නිසි පරිදි සහතික කර ගැනීමට අත්‍යවශ්‍ය වන කොන්දේසියක්. එවැනි ඒකාබද්ධතාවයක් නොමැති දෙපාර්තමේන්තු අංශ ආදී වශයෙන් වෙන් වෙන් වූ කුටීර තුළ සිට ක්‍රියා කරන ආයතන ව්‍යුහ ම`ගින් විශේෂයෙන් පාර්භෝගික සබඳතා පෝෂණය සඳහා වන තොරතුරු ප්‍රභවයන්ද නිසි පරිදි ඉපදීමක් සිදුවන්නේත් නෑ. පාරිභෝගික ආකර්ෂණයට හා ඔවුන්ගේ අදාලත්වයට ගැලපෙන ලෙස තොරතුරු සංවිධානයත් එක්තරා විශේෂ කුසලතාවයක් සම`ග සිදු වන්නක්. පුරවැසියන්ට අදාළව ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාව සලකා තොරතුරු සම්පාදන හැකියාව අපේ ආයතන තුළ ඇත්තේම නැති තරම්.

බොහෝ රටවල තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාව දිනාගෙන ඇත්තේ අරගල මාර්ගයෙන් වුනත් ශ්‍රී ලංකා සංස්කෘතිය තුළ එවැනි අවශ්‍යතා සඳහා අඛණ්ඩ අරගල මාර්ගයක් ඇති වී නොමැත. සංස්කෘතිමය වශයෙන්ද අප තොරතුරු වසන් කිරීමට වැඩි කැමැත්ත ඇතිව කටයුතු කිරීමටත් බාහිරව නිරාවරණය වීම පිණිස කැමැත්තක් නොමැති ලෙසටත් කටයුතු කරන බව ප්‍රසිද්ධ සත්‍යයක්ව ඇත. මානව හිමිකම් කොමිෂන් සභා පනත වැනි දෑ නීති පොතට ඇතුළු වුවත් ඒවායින් සපයන ප්‍රතිපාදන ආදිය පවා භාවිතා කිරීමේ දිශාවකට යොමු වූ ජනතා අවබෝධයක්ද නොමැති තරම් බව වාර්තාගතය.

මෙහි විශේෂ අවධානය යෝග්‍ය පුරවැසි පර්යාලෝකය ලෙස සැලකුවහොත් ඉහත සඳහන් කළ සැපයුම්කාර / පාරිභෝගික සබඳතාවය අඩුවෙන් තක්සේරු නොකළ යුතුය.  ඕනෑම දෙපාර්ශවයක සබඳතාවයේ ගුණය පවතින්නේ මේ ගතික සම්බන්ධතාවය නිසාය. නිලධාරියා පුරවැසියෙකු පාරිභෝගිකයෙකු ලෙස ගෞරවාන්විතව පිළිගන්නා පරිසරය සැකසෙන්නේ එම ගුණාත්මක සම්බන්ධතාවය (Quality Relationship) නිසාය. පාරිභෝගිකයා තෘප්තිමත් කරන සංස්කෘතිය සැකසෙන්නේ එකී පාරිභෝගික වුවමනා පරිදි තොරතුරු සම්පාදනයේ හැකි කම මතය.

මේ සඳහා වන දේශපාලන සංස්කෘතික ප්‍රයුක්තය (Praxis) තුළ ඇති න්‍යාය හා භාවිතාව නිසි ලෙස කියවීමට උත්සහයක් ශ්‍රී ලංකා සන්දර්භය තුළ නැති තරම් වීමේ කණගාටුදායක තත්ත්වයක් මෙහිදී අවබෝධ කර ගත යුතුමය. එනම් මෙකී සැපයුම්කාර පාරිභෝගික ගුණාත්මක සබඳතාව තුළ පවතින ගතිකතාව තුළ නිර්මාණාත්මකව, නවීකාරකව, අන්තර් පෝෂණය ඇති කරමින් ප්‍රගතියක් ඇති කරමින් යා හැකි ගමන ගැන න්‍යායිකව හා ප්‍රායෝගිකව ඇති ප්‍රභාවය පිළීබඳව විශ්වාසයක් හා අවබෝධයක් තිබිය යුතුව ඇත.

එහෙත් සමාජ විද්‍යාඥයකු වන පැරටෝගේ මූලික න්‍යාය අනුව 80% ක් වන ජනතාවගේ යුක්ති සහගත වන ප්‍රතිලාභ දුර්වල කරමින් 20% ක් වන ප්‍රභූ පාලකයක් විසින් සිදු කරන මුලෝපායික වන ප්‍රබල වැරදි (Vital Errors) වලට හේතුව අභියෝග නොකෙරෙන සත්‍ය පිළිබඳව නිසි අවධානය අද වෙනස් වෙමින් පවතින මේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තුළ ඉස්මතු කර ගත යුතුව ඇත. තාක්‍ෂණයේ බලපෑම සම`ග ප්‍රජාතන්ත්‍රවාදයේ නිම්වළලූ පුළුල් වෙමින් සමාජීය මාධ්‍ය භාවිතයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ලෙස ගෙන ඒමට ජනතා පරමාධිපත්‍යමය ගුණය ඉස්මතු වූයේද මෙහි ඉහතින් සඳහන් කළ එම දේශපාලන ප්‍රයුක්තය නිසා බව තේරුම් ගත යුතුව ඇත. සෘජු ප්‍රජාතන්ත්‍රීය එළඹුමක් සඳහා තොරතුරු තාක්‍ෂණයේ හා සන්නිවේදන මෙවලම්හි ප්‍රශස්ථ භාවිතාවකට යමින්, දේශපාලන න්‍යාය හා භාවිතය පොදු ජනතාවගේ පරමාධිපත්‍යමය ප්‍රවේශයටද අර්ථ සපයමින්, පොදු ජනතාවටද හිතළුවක් නොවන ආකාරයෙන් ඇති ඉන්දියානු දේශපාලන ප්‍රයක්තයක අර්ථය වටහා ගැනීමට බිම් මට්ටමේ අත්දැකීමක් එක් කිරීමට මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගත හැකිය. වර්තමානයේ තොරතුරු අයිතිය තහවුරු කරමින් තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදයේ නිම්වළලූ ඉන්දීය භාවිතාව තුළ දිග හැරෙන අන්දම තේරුම් ගැනීමට එසේ පෙන්වන උදාහරණය පමණක්ම ප්‍රමාණවත්ය.

ඉන්දියාවේ National Informatic Centre (NIC) නම් ආයතනයAn e - government publication from NIC යන ප්‍රකාශනයේ 23 වෙළුම අංක 02 ඔක්තෝම්බර් 2014 නිකුත් කරමින් ඵහ ඨදඩ යන ඩිජිටල් වේදිකාව ම`ගින් විවෘත කරන පුරවැසියන් නිරත කරවීම (Citizen Engagement) යන තේමාව යටතේ සිදු කර ඇති ආකර්ශනීය කටයුතු හුවා දැක්විය හැකිය.

දැනුමින් යුතු අනාගත ඉන්දියාවක් පිළිබඳව නිශ්චිත දැක්මක් සහිතව ඩිජිටල් ඉන්දියාවක් කෙරේ යොමුවෙමින් තාක්‍ෂණයේ හැකියාවන් සහිතව ඉන්දියාවේ පරිවර්තනයට යොමු වූ මෙකී තොරතුරු අයිතිය කේන්ද්‍ර කරගත් ප්‍රවේශයේ ආකර්ෂණීය බලපෑම ඔවුන් අද අත්වි`දිමින් සිටින ආකාරය එක්තරා කෙටි සමීකරණයකින්ද නිරූපනය කර ඇත.

India Today + IT = India Tommorrow යන්නේ එය නිරූපිතව ඇත. තෘණ මූල මට්ටම දක්වා තොරතුරු සපයමින් පුරවැසි කේන්ද්‍රිය ආරම්භයන් ලබා ඇති ඒ රටේ කෙප්රිවාල් මූලෝපායන් බිහි වන වතාවරණය සැකසී ඇති අන්දම පවා විශ්මය ජනක සංසිද්ධියක් නොවන මේ මොහොත නිවැරදිව තක්සේරු කිරීමට අපගේ සමහර ඉච්ඡාභංගයට ලක් වූ දේශපාලනඥයින්ගේද අවධානය යොමු විය යුතු බව වැඩි විස්තර නොමැතිවම සඳහන් කළ යුතුව ඇත.

ඩබ්ලිව්.එම්. වීරසේකර

ශ්‍රී ලංකාවේ කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ පර්යේෂකයෙකු හා තොරතුරු හා සැලසුම්කරණ ඒකකයේ ප්‍රධානී ලෙස කටයුතු කර ඇත.

Comments