මිථ්‍යාව හා වෙළී පැටලී තිබෙන බොහෝ දේ අතර ඉදිරියෙන් ම තිබෙන එක් ක්‍රියාවලියකි වෙළදාම. ලාභයම උරුම කර ගත් වෙළදාම සමඟ මිථ්‍යාව වෙළී පැවතීමෙහි රහස ද ලාභය ම වේ. මිථ්‍යාව හැම විටම ලාභය හඹායෙයි. කපුරාළ ගේ සිට දෙවියන් බුදුන් දක්වා ක්‍රියාවලීන් පවත්වාගෙන යන්නේද ලාභය තකාය. සෑම මිනිස් ක්‍රියාවලියක් තුළම මේ අනුව අඩු වැඩි වශයෙන් මිත්‍යාව කිඳා බැස තිබීම අරුමයක් නොවේ. එසේ වුවද මිතයාව මහා පරිමාණයෙන් සුරක්ෂිත වී තිබෙන්නේ ම වෙළඳාම සමගය.
අප එදිනෙදා අත් දකින, අති්‍යවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමක දී වෙළෙන්දා මිථ්‍යාව වපුරන සැටි සමීක්ෂණය කරන්නකු පුදුමයට පත්වීම වැළැක්විය නොහැකිය. දිවයින පුරා ඇති එකම වෙළද සලකින්වත් තෙල් පහන් වැටි නොදල්වන, හදුන්කූරු දුම් නොඅල්ලන හෝ වර්ණවත් විදුලි බුබුළු නොදල්වන දේව රූප හෝ සංකේත නොමැති තැනක් සොයා ගත හැකිද? වෙළදාම සරුකර ගැනිම සඳහා දෙවියන් පුදන්නේ වුවද, ලාභය තකා පාරිභෝගිකයින් රැවටීම පිණිස වෙළදුන් කොතරම් උපා යොදත් දැයි විමසා බැලූවහොත් එහි ප්‍රමාණය ඇදහිය නොහැකි තරම් වන්නේය.
මුදල් සමඟ බලයද හඹා යන තරමට තත්වය වර්ධනය වූ කල, ඒ ව්‍යාපාරික ප්‍රජාව අධිලාභ ලැබීමෙහිලා දරණ උත්සහයෙහි තරම රටේ සිදුවූ -සිදුවන දෙයින් වටහා ගැනීම අපහසු නැත. පළමුකොට වෙළෙන්දා පාරිභෝගිකයා රැවටීම සඳහා මනා ලෙස උපක්‍රම භාවිත කරයි. ඇස් නිලංකාර කරවන සැරසිලි, දැන්වීම් පුවරු, විදුලි ආලෝක ධාරා, ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගත් විවිධ දර්ශන, ඒ සඳහා භාවිත වේ. පිටු පුරා පල කෙරෙන පුවත් පත් දැන්වීම් මුද්‍රිත දැන්වීම් පත්‍රිකා, දැවැන්ත කටවුට්, වැනි පැරණි හා නවීනතම ප්‍රචාරක විධි ද භාවිතා කෙරේ. රූපවාහිනි හා ගුවන් විදුලි දැන්වීම් එම ආයතනවල වැඩසටහන් තාලයට වඩා වැඩිදැයි ගණන් බැලිම පවා අනවශ්‍යය. තවත් බොහෝ වෙළද ප්‍රචාරණ උපක්‍රම මහා පරිමාණ වෙළද ව්‍යාපාරයක සිට ඉතා කුඩා වෙළද ව්‍යාපාර දක්වාම පැතිරී පවතියි. ඊට අමතරව වෙළදාම් ක්‍රියාවලියෙහි නිරත වෙළද සේවකයින් ද පුහුණු කොට ඔවුන් මගින් පාරිභෝගිකයා පොළඹවා ගැනීමේ ක්‍රමවේදයන් ද අද දියුණු මට්ටමක තිබේ. ‘ව්‍යාපාර ප්‍රවර්ධනය’ නමින් බිහිවී අලෙවිය පාරිභෝගිකයා අතරට රැගෙන යාම පිණිස භාවිතයට ගත් උපක්‍රමය මගින් පාරිභෝගිකයා තව දුරටත් පොළඹවා ගැනිම පහසු කර තිබේ.
බොහෝ ආහාර ද්‍රව්‍ය කල් තබා ගැනීම සඳහා අධික ප්‍රමාණයෙන් රසායනික ද්‍රව්‍ය භාවිත කරයි. කරවල, මූදූ මාළු, මස්වර්ග සඳහා එවැනි රසායනික ද්‍රව්‍ය භාවිත කළ අවස්ථා කොතරම් වාර්තා වුවත්, ඉඳහිට කෙනෙකුට දෙන්නෙකුට අධිකරණය මගින් දඬුවම් ලබා දුන්නත් තමකාරිය අත් හැරිය බවක් සොයා ගැනීම කළ නොහැකිය. එළවළු අල වර්ග, ධාන්‍ය වැනි ආහාර ද්‍රව්‍ය වගා කිරීමේ සිට අධි සාන්ද්‍රණයෙන් රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම නිරන්තරයෙන් අසන්නට ලැබේ. පාරිභෝගිකයාට කළ හැකි දෙයක් ඇතත් ඔහු නිහඬය. වගකිව යුතු සමහර නිලධාරීහු අල්ලසට යටව සිටිති. අවංකව නීති ගරුකව සේවය කරන්නට යන නිළධාරියෙකුට අත්විය හැකි ඉරණම ද නිශ්චය කළ නොහැකිය.
ආහාර ද්‍රව්‍යවල ප්‍රමාණය වැඩි කිරීම සඳහා වෙනත් ලාභදායි දේවල් එකතු කිරීම, නිවැරදි ලෙස කිරුම්, මිනුම් සිදු නොකිරීම, නරක් වූ කොටස් නොපෙනෙන ලෙස එකතු කිරීම වැනි බොහෝ අකටයුතු දෑ වෙළදාමේ දී සිදුවන වග නොදන්නා කෙනෙකුද නැති තරමිය.
රන් රිදී ආබරණ තැනීමේදී නියමිත බර ප්‍රමාණය නොමැතිවීම, වෙනත් ලාභ ලෝහ වර්ග එකතු කිරීම් නිතර අසන්නට ලැබේ. තවචත් සුවිශේෂ වෙළද විජ්ජාවකි. උත්සව කාලවලදී ී්ඛෑ නමින් සිදුකරන වෙළදාම වැඩි මිලක් පෙන්වා අලෙවිකරන්නේ අඩු මිලකට යැයි එහිදී දැන්වීම් පුවරු මගින් ප්‍රදර්ශනය කෙරේ. සිංහල දෙමළ අලූත් අවුරුදු සමය වෙළෙන්දන්ට ගජ ලාභ අත්කර දීමට පාරිභෝගිකයෝ සැදී පැහැදි සිටිති. සෑම පාරිභෝගික භාණ්ඩයක් සඳහාම ගුණාත්මක භාවයෙන් අඩු නිෂ්පාදන වෙළදපොළෙහි නිතර දැකිය හැකිය. ඒවා මිලදී ගෙන රැවටෙන්නෝ යළි යළිත් රැවටෙති.
මේ රැවටීමෙන් මිදිය හැක්කේ, විචාරශීලී පාරිභොගිකයෙකු ඇති විමෙනි. ඒත්, අපේ රටේ පාරිභෝගිකයින් අන් සියළු කටයුතු වලදී මෙන්ම, පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමේ ක්‍රියාවලියේ දී ද, දක්වන්නේ අවිචාරශීලී භාවයයි. ඒ තමන්ට මූල්‍ය පාඩුවක් සිදුවන බව ද දැන දැනය.
වෙළදාම යනු සොරකමට තවත් නමකැයි කිසිවකු කී කතාව සිහි තබා ගැනීම විචාරශීලී පාරිභෝගිකයකු වන්නට අත්වැලක් සපයයි.
රංජිත් විජේසිංහ.
Comments
Post a Comment