විමර්ශනාත්මක චින්තනයක් හා විචක්‍ෂණ භාවිතාවක්


විදාරණ ලේඛකයකු හා අධ්‍යාපනඥයකුද වූ ඩබ්. එම්. වීරසේකර මහතා තරුණ පරපුර වෙත විමර්ශනාත්මක ලෙස සිතන්නට මග පෙන්වන පොත පත ඇතු`ඵව මාධ්‍ය සම`ග කෙරෙන භාවිතාව පු`ඵල් කරනු වස් දැරෙන උත්සාහය සාර්ථක කරන්නට මග පෙන්වන සංවාදෝචිත ක්‍රියා පිළිවෙතක් යෝජනා කර සිටී. විමර්ශනාත්මක ලෙස සිතීම යනු හුදෙකලාවේ සිහින මැවීමක් නොවෙ තම ජිවිතයේදී ප්‍රායෝගිකව මුහුණ දෙන ගැට`ඵ-අභියෝග ආදියට මුහුණු දීම පිණිස භාවිතයට ගත යුතු ක්‍රියා පටිපාටියකි. ඊට මග පෙන්වන සංකල්ප කීපයක් ලේඛකයා මෙම ලිපියෙන් ඉදිරිපත් කරයි. ඒ සඳහා තවදුරටත් සංවාදයක් ඇති කිරිම වැදගත්ය. ‘විදාරණ’ හි ඒ  සඳහා ඉඩ කඩ විවෘතය. 
       විදාරණ ස`ගරාව විශේෂ වශයෙන් තරුණ පරපුරේ විමර්ශනාත්මක චින්තනය වැඩිදියුණුව සඳහා අරමුණු සහිතව ඇතත් ඒ වෙනුවෙන් අනුගමනය කළයුතු යෝග්‍යතම ක්‍රමවේදය කුමක් විය යුතුද යන්න පිළිබඳව එක`ගතාවයක් ගොඩනගා ගැනීමේ ප්‍රයන්තය තුළ නිසි ලෙස ගොනුවී නොමැත. විවිධ මත පළකරමින් ඒ සඳහා පිළිපැදිය යුතු ක්‍රියාපිළිවෙතක් පිළිබඳව යම් එක`ගතාවයකට පැමිණීම තවමත් සිදුවී නොමැත. 

තරුණ කොටස් ඔවුන් ඉදිරියේ ඇති අභියෝගයන් ඔවුන් විසින්ම දකින ආකාරයට නිර්වචනය කරමින් හා දරාගනිමින් ඔවුන්ගේම ප්‍රශ්න විස`දීම පිණිස පිවිසෙන ආකාරයන් හ`දුනා ගැනීම විමර්ශනාත්මක භාවිතාවකට මග පාදාගැනීමක් ලෙස වැඩිහිටියන් විසින් ඒත්තු ගැනීම එහිදී වැදගත්ය. ඒ අනුව හේතුවාදීව නිදහස් සිතුවිලි තරුණ කොටස් වලට සමීප වන සන්දර්භයන් තුළ නිර්මාණයට අවශ්‍ය පසුතලය හා දිශානතිය සැපයීමට කටයුතු කිරීම වැඩිහිටි සමාජයේ යුතුකම වශයෙන්ද සැළකිය හැක. 

       ජනවාරි 8 වනදා සිදුවූ දේශපාලන විප්ලවය සම`ග ඉදිරියට යාමේ මග හ`දුනා ගැනීමට පුරවැසි දායකත්වය ප්‍රාමාණිකව සැපයීම කෙසේවත් අත්හල හැකි කරුණක් නොවන බව ධාරණය කර ගනිමින්, මුහුණු පොත ආදී නොයෙක් සමාජ මාධ්‍ය තුළින් තරුණ පරම්පරාව මෙම නිහඬ විප්ලවයට දායක වු අකාරයද නිවැරදිව තක්සේරුවකට ලක් කිරීම එහිදී වැදගත්ය. හේතුවාදී සන්දර්භයක් තුළ තරුණ පිරිස් ඔවුන්ට විශේෂව බලපාන සමීප ප්‍රශ්න ගැන යොමුවීමට වැඩි කැමැත්තක් දක්වනු ඇත. ඒ සඳහා වර්තමානයේ ගොඩනැගීමට දරණ සමහර ප්‍රස්තූත නිසැකවම ඔවුන්ට බලපාන ප්‍රශ්න වලට පිළිතුරු සොයන දිශාවට යොමුකර ගැනීමට විශාල විභවයන් ඇති බව සැකහැර හ`දුනාගැනීමට වැඩිහිටියන් උත්සාහ කළයුතු බව සඳහන් කළහැක. තරුණ පුරවැසියන් ලෙස ඔවුන්ගේ අනාගත සුභ සිද්ධිය පිණිස කෙරෙන සෘජු ආයෝජන වශයෙන් ඉස්මතු කළ හැකි හා කළ යුතු කාරණා සමූහයක් එක්රැස් කර නිසිලෙස පරිකල්පනයේ යෙදී සිතියම්ගත කළහැකි නම් තරුණයින්ට හේතුවාදීව ප්‍රතික්‍රියා වී ප්‍රශ්න විස`දීමට මැදිහත්විය හැකි දිශානතීන් හ`දුනා ගැනීම පහසු වනු ඇත. 

අප වැඩිහිටියන් වශයෙන් අපගේ හේතුවාදී පර්යාලෝකයන් ගොඩනැගීමට පෙළඹෙන්නේ බොහෝවිට මිනිස් සිත් සතන් තුළ ගොඩනැගෙන මිථ්‍යා විශ්වාස ඇදහිලි ආදිය මුල්කොට කෙරෙන විශ්ලේෂණ හා විමසීම් වශයෙනි. සම්ප්‍රදායිකව පැවත එන බොහෝ දුර්මත කෙරෙහි යොමු වෙමින් අප එක්රැස් කර ඉදිරිපත් කරන දැනුම් විශේෂ හෝ මතවාද තුළ විමසීම් සඳහා නිරත වීමට බොහෝවිට තරුණ කොටස් මැලිකමක් දක්වනවා වීමටද පිළිවන. කෙසේ වෙතත් සත්‍ය ලෝකය තුළ එදිනෙදා ඇත්දැකීම් ලෙස විවිධ මිනිස් චර්යාවන් හා ගතිකතා ගැන තරුණයින් ඔවුන්ගේ දැනුම හා විශ්වාසයන් පදනම් කරගනිමින් යම් ආකාරයක ප්‍රතික්‍රියාවකට පෙළඹී ඔවුන්ගේම අනාගත සුභසිද්ධිය වෙනුවෙන් වන කාරනා ගැන හේතුවාදීව විභාග කිරීමට ඔවුන් නිසැකවම වැඩි කැමැත්තක් දක්වනු ඇත. 

උදාහරණයක් ලෙස ඒ සඳහා ප්‍රබලව සමාජගත කල හැකි තර්කාංගයන් (Premise) ආචාර්ය ගොඞ්ග්‍රි ගුණතිලක - ගාමිණි කොරයා පදනම හා මාර්ග ආයතනය සංවිධානය කළ සම්මන්ත්‍රණයකදී කදිම හේතු පාඨයක්ද මුල්කර ගනිමින් ඉදිරිපත්කරයි. (Sunday Times, 2015.05.24) ඉතා පොහොසත් අදහස් හුවමාරුවකට විවෘත කරමින් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ඉදිරිපත් කළ මෙම තේමාව තුළින් ඉහත සඳහන් අන්දමට හේතු පාඨයක් (මෙම ලේඛකයාගේ අර්ථ නිරූපනයකි) ශ්‍රි ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධන උවමනාවන්ට යොමු වෙමින් ඉදිරිපත්ව ඇත්තේ “ආර්ථික වර්ධනයේ අවසානය වන්නේ මානව සංවර්ධනය” යන තර්කාංගය සහිතවය  - (Human Development is the end of Economic Growth)

අධ්‍යාපනයට, පර්යේෂණයට හා සෞඛ්‍යයට ඉහළ ආයෝජනයක් යොමුකිරීමේ අවශ්‍යතාව පෙරටුකර ගනිමින් මෙසේ ඉදිරියට පැමිණි තර්කාංගය, සැබැවින්ම ශ්‍රි ලංකාව පිවිස ඇති වන දේශපාලන සංස්කෘතිය තුළ ප්‍රබල ලෙස සමාජගත කළ යුත්තකි. මෙම තර්කාංගය තුළින් බිහිවන විලෝමයක් වශයෙන් “යහපත් ආර්ථික සංවර්ධනයක් නොමැතිව යහපත් මානව සංවර්ධනයක්ද නොමැති ය” යන කාරනය දෙසද නිර්මාණශීලීව සිතාබැලිය හැකි ලෙස ජනතා සවිඥාණකතාවයක් ගොඩ නැගීමේදී මෙවැනි ඇල්මක් ඇතිවීම සිදුවනු ඇත. 
ඉහළ අධ්‍යාපනික හා දැනුම් මට්ටමක් සහිත සමාජයක් තිබීම, ප්‍රජාවගේ ජීවත්වීමේ කාලසීමාව දීර්ඝවීම, තිබෙන ප්‍රජාතන්ත්‍රීය නිදහස පු`ඵල්වීම වැනි ලක්ෂණ වලින් ඉහළ මානව සංවර්ධනයක් ලබා ඇති රටවල මහජන ආයෝජනයන් (public Investments ) GDP අගයෙන් 35% ක් පමණ වන අතර සාමාන්‍ය අධ්‍යාපනය ලබන කාලපරිච්fඡ්දය ශ්‍රි ලංකාවේ අවුරුදු 13 සමග සසඳන විට අවුරුදු 16ක් වන බවද පෙන්වා දී ඇත. එහෙයින් එවැනි අන්දමකට අධ්‍යාපනික වර්ෂ ගණන පියවීම මෙන්ම ඒ සඳහා වන මහජන ආයෝජනයන් වැඩි කිරීම වැනි කාරණා අප මුහුණ දෙන ඉදිරි දශකය තුළ බරපතල අභියෝග වශයෙන් ඇත. 
එහෙයින් හේතුවාදීව හා නිර්මාණශීලීව තරුණ ආයෝජනය ශක්තිමත්ව ගෙන ඒමට යෝග්‍ය සන්දර්භය මෙම ලේඛණයේ ඉදිරිපත් කළ ආචාර්ය ගොඞ්ෆ්‍රි ගුණතිලකයන් ගෙන එන තර්කාංගය තුළ ඉතා මැනවින් විද්‍යාමානව ඇත. එවැනි තර්කාංගයක් තුළ පිහිටමින් ඉතා ඉහළ මානව සංවර්ධනයකට පිවිසි රටවල ලක්‍ෂණ සලකන විට, රාජ්‍යයක භූමිකාව, පු`ඵල් සමාජය තුළ ආදායම් හා වත්කම් ව්‍යාප්තියක් තහවුරුකරගැනීම, සහ පු`ඵල් සමාජය තුළ හැකියාවන් ව්‍යාප්ත කරගැනීම, මානව ප්‍රාග්ධන සංවර්ධනය හා ජනයාගේ අධ්‍යාපනික සම්ප්‍රාප්තිය (Educational Attainment) තහවුරු කර ගැනීම සහ දැනුම පාදක වු සමාජයක් සංවර්ධනය සඳහා ධාරිතාව සැපයීම, වැඩිහිටි සමාජය තුළ ඉතා ඉහළ මානව සංවර්ධන ලාක්‍ෂණිකයන් හ`දුනාගැනීම වැනි දෑ සැලකිල්ලට ගෙන ඇත. අධ්‍යාපනයේ ගුණාත්මක බව හා අදාලත්වය යන කාරණය සැලකිල්ලට ගැනීමේ වැදගත්කමද මැනවින් හුවාදක්වා ඇත. තවත් අවස්ථාවකදී අප රටේ ඇතිකිරීමට යන යහපාලන අවශ්‍යතා වෙනුවෙන් නිසි කැපවීම් ආයතන සංවර්ධනය සඳහා මෙන්ම යෝග්‍ය වන මහජන ප්‍රතිපත්ති ( Public Policies) ආදිය ස්ථාපනය වෙනුවෙන්ද තිබිය යුතු බව පෙන්වා දෙන විද්වත් මත එළි දැක්වී ඇත. 
එබැවින් යථාර්ථවාදීව හා හේතුවාදීව විශේෂ වශයෙන් අප තරුණ සමාජය නිසි විමර්ශනශීලි භාවිතයකට යොමු කර ගැනීම පිණිස හේතුවාදී සංගමය ගතයුතු ප්‍රවේශය නිර්මාණාත්මක අයුරින් සම්පාදනය කරගැනීම සඳහා යොමුවීම වැදගත්ව ඇත. නිසි පෙළඹවීමක් නොමැතිව එකතු වන සු`ඵ පිරිසක් සම`ග පමණක් සාකච්ඡා පවත්වමින් එහෙත් එවන් සාකච්ඡා මාර්ගයන් පිවිසිය යුතු අදාල වැඩසටහනකට යොමු නොවීම පිළිබඳව අප ගැඹුරින් සිතා බැලිය යුතුව ඇත. 

       මානව සංවර්ධනය පිණිස යෝග්‍ය ප්‍රයුක්තියක් (Praxis) නැතහොත් කලාවක් හෝ කුසලතාවක් ප්‍රගුණකිරිමක් සඳහා යෝග්‍ය න්‍යායක් හා පරිචයක් යොදා ගනිමින් මානව සංවර්ධනය යන තේමාව නිසිලෙස ස්ථානගත කිරිමකට අදාල භාවිතයක් සැබැවින් තරුණ කොටස් වලට ඔවුන්ගේ ලෝකය දැකීම සඳහා අවශ්‍ය මෙවලමක් වනු නොඅනුමානය. දැනගත යුතුම වන සන්දර්භයක් (Must know context) ඇතුළත්ව එය සකස්විය යුතුව ඇත. 

       මානව සංවර්ධනය වැනි කාරණා සම්බන්ධයෙන් තරුණයින් පමණක් නොව වැඩිහිටියන්ටද යහපත් අන්දමින් අනුගමනය පිණිස නිශ්චිත සැලසුම් (blue prints) හෝ අදාල වන විශිෂ්ඨ පරිචයන් (best practices) පිළිබඳව වන ආදර්ශ ශ්‍රී ලංකා භූමිය තුළ නැති තරම්ය. එබැවින් ඒ සඳහා යෝග්‍ය වන ඉගෙනුම් ක්‍රියාවලියක් (learning process) පසුබට නොවී ස්ථාපනය කිරිමේ අභියෝගය අප ඉදිරියේ ඇත. 
අධ්‍යාපන සංවර්ධනයට GPD යේ 6% ක අවමයක් ආයෝජනය කල යුතුව ඇතැයි යන ප්‍රබල ඉල්ලීමට එරෙහි වු අතීත දේශපාලන ප්‍රවනතාව ගැන අප මෙහිදී මෙනෙහි කිරීම යෝග්‍ය වනු ඇත. අපගේ අතීතයේ තිබු රටාවන් පිළිබඳව උගත් දෑ ඉවත්කර ගැනීමට (unlearn) අප ගන්නා සවිඥාණික පරිශ්‍රමයන් වැදගත් වන මොහොත අද උදාවී ඇත. අපගේ ධාරිතා සංවර්ධනයට උවමනා අවස්ථාවන් අප විසින් උවමනාවෙන්ම අමතක කර දැමු අතීතයක් අපට ඇති බව සිහිපත් කළ යුතුව ඇත. නක්‍ෂස්ත්‍ර විශ්වාස කළ යුතුද යන වග පිළිබඳව හේතුවාදීව විග්‍රහ කිරීමට යාම දැනගෙන හිටීම හොඳයි යන (Nice of know) ගනයට වැටෙන හේතුවාදී තේමාවක් විය හැකි වුවත්, තරුණයන්ට පමණක් නොව වැඩිහිටි අප හැමටත් විශාල ප්‍රකම්පනයක් ගෙන දෙන “මානව සංවර්ධන උවමනා නොසලකා හැරිය හැකිද? ” යන තේමාව මෙහිදී කොතරම් කාලෝචිත විය හැකිද?
එහෙයින් තරුණයින් ආකර්ශනය සඳහා යෝග්‍ය තේමා තෝරාගැනීමේ කාරණයට අදාලව ඉහත දැක්වෙන කරුණු දැනට ප්‍රමාණවත් යැයි සැලකිය හැක. ඒ අනුව එවැනි තේමා ඉදිරිපත් කිරීමේ කලාවක් පිණිස යෝග්‍ය වන ප්‍රවේශය කුමක් වියහැකිද යන්න පිළිබඳවත් කරුණු කිහිපයක් පමණක් සඳහන් කරමින් ඒ ගැන ගැඹුරින් සලකා බැලීමට උවමනා දිශානතිය ගැන ඉගියක් පලකිරීම යෝග්‍යයැයි සලකමි.  

       තරුණයින්ට පමණක් සීමා නොවූ පුරවැසි සාක්‍ෂරතාව (Citizen Literacy) පිළිබඳව යොමුවූ අවධාරණයක් සහිතව මානව සංවර්ධනයේ පැතිකඩ ආර්ථික ප්‍රවර්ධනයට දායක වන ලෙස ගොඩනගා ගන්නේ කෙසේද යන නිශ්චිත කාරණය (උදාහරණයක් වශයෙන් ගතහොත්) එවන් තේමාවක් තරුණයන්ගේ අපේක්‍ෂා ආමන්ත්‍රණය පිණිස ඔවුන්ගේම දෘෂ්ටි කෝණයන් තුළින් විකාශනයට ඉඩ සැලසීම යෝග්‍ය වනු ඇත. කෙසේවෙතත් මෙය බහුපාර්ශවීය දායකත්වය සහිතව තොරතුරු සම්පාදනයෙන් ඉටුවිය යුත්තක් වන බවද පැහැදිලිය. මෙහිදී සාක්‍ෂරතාවය යන පදයට නිර්වචනයක් සැපයීම සඳහා වටිනා ප්‍රවේශයක් UNESCO සංවිධානය සපයන ආකාරයට මෙසේය,  Literacy is the ability to identify, understand, interpret, create, communicate and compute using printed and written materials associated with varying contexts.” එය සිංහල බසින් සඳහන් කළහොත් “විවිධ සන්දර්භයන් ඇසුරින් පිළියෙලකර ඇති මුද්‍රිත හා ලිඛිත ද්‍රව්‍යයන් භාවිතය පිණිස හ`දුනාගැනීමට, අවබෝධකර ගැනීමට, අර්ථ නිරූපනයට, නිර්මාණයට, සංවේදනයට සහ ගණනයට ඇති හැකියාව සාක්‍ෂරතාවයයි” 

       සැබැවින්ම සාක්‍ෂරතාව පුද්ගලයෙකුට අඛණ්ඩතාවය සහිත ඉගෙනුමකට ආරාධනා කරන අතර ඔහුට හෝ ඇයට තම ඉලක්ක සපුරා ගැනීම පිණිස දැනුම හා විභවය ගොඩනගා ගනිමින් පු`ඵල් සමාජය තුළ පුර්ණව සහභාගි වීම පිණිසද අවස්ථාව සළසයි. මිනිසුන්ගේ විශ්මිත විභවයන් නිසිලෙස උපයෝගී කරගන්නා දිශාවකට මෙහෙයවා ගැනීම පිණිස  මෙසේ හ`දුනාගන්නා පුරවැසි සාක්‍ෂරතාව කිසිම සංවේදී පුරවැසියෙකු විසින් ප්‍රතික්‍ෂේප නොකරන තත්ත්වයකට කරුණු සාදා ගැනීම අද අපට ඇති අභියෝගයක් බව ඔබ සැම පිළිගනු ඇත.    ඩබ්.එම් වීරසේකර 

Comments