උරුගුවානු ජාතික එඩුවාර්ඩෝ ගැලිනෝ (1940-2015) නූතන ලතින් ඇමරිකානු ලේඛකයන් අතර කැපී පෙනෙන්නකි. පුවත්පත් කලාවේදියකු ලෙස ජීවිතය ආරම්භ කළ ඔහු නවකතා කීපයක් ඇතුළුව පොත්පත් රැසක කතුවරයා ද වෙයි. ලතින් ඇමරිකාවේ ඉතිහාසය පිළිබඳව හසල දැනුමක් තිබූ ඔහු විසිවැනි සියවසේ පැවති ලතින් ඇමරිකානු රටවල මිලිටරි පාලනයන් දැඩි ලෙස විවේචනයට ලක් කළේය. දියුණු රටවල් විසින් නොදියුණු රටවල් සූරා කෑම තදින් හෙලා දුටු හෙතෙම තම ජීවිතයට වූ තර්ජන නිසා ඔහුටම විශේෂ වූ ශෛලියකින් ලියු ඔහු සියුම් ලෙස උපහාසය යෙදිමේ සමතෙක් විය. 1998 දී පළකළ “Upside Down” නැමති කෘතිය භාෂා කිහිපයකටම පරිවර්තනය වී ඇත. පහතින් ඇති ලිපිය එහි පළමු පරිච්fඡ්දය ඇසුරිනි.
යටිකුරු වූ ලෝකයේ සම්මාන ප්‍රදානයේදී කණපිට පෙරලීිමක් පෙන්නුම් කරයි. අවංකභාවය ගැරහීිමට ලක්වෙයි. කිසිදු චකිතයකින් තොරව සැක සහිත දෙයක් කිරීම අගය කිරීමට ලක්වෙයි. අවංකව ක්‍රියා කරන්නා බොහෝ විට ලැබෙන්නේ දඬුවම්ය. එහි සිටින ආචාර්යවරු ස්වභාව ධර්මයට අපහාස කරති. ස්වභාව ධර්මය ගොඩනැගී ඇත්තේ අසාධාරණය මත බවට ඔවුහු තර්ක කරති. නෝබෙල් ත්‍යාගලාභී (ආර්ථික) මිල්ටන් ප්‍රිඞ්මාන් දේශනා කරන්නේ විරැකියාවේ වර්ධන වේගය ස්වභාව ධර්මයට අනුකූලව සිදුවෙන බවය. රිචඞ් හැමස්ටීන් සහ චාල්ස් මැර්ට අනුව කලූ ජාතිකයන් සමාජයේ පහළම පංතිය බවට පත්වන්නේ ස්වභාව ධර්මයේ බලපෑම මතය. මහා ධන කුවේර ජෝන් රොකපෙලර්ට අනුව ඔහුගේ සාර්ථකත්වයේ රහස ස්වභාව ධර්මය යහපත් ක්‍රියාකාරීන්ට අගනා ප්‍රතිලාභ ලබාදිමත් වැඩකට නැති අයට දඬුවම් දී ඉවත් කිරිමටත් ඉඩ සලකා තිබීම නිසාය.
ජවය සහ ශක්තිය ඇත්තන් අනෙකුත් අය පරදවමින් ඉදිරියට යෑම සත්ව ලෝකයේ පරිණාමය ඇති කරවන ප්‍රධාන සාධකය බව චාල්ස් ඩාවින් විසින් මෙයට සිය වසකටත් වඩා කලින් ඉදිරිපත් කළ මතයකි. මුළු මහත් ලෝකයම සිය බූදලය ලෙස සලකමින් මෙම වකවානුවේ ජීවත්වන කිහිපදෙනෙකු සිතන්නේ ඩාවින්ගේ පරිණාමවාදය ඔවුන් උදෙසාම ඉදිරිපත් කරන ලද්දක් බවය. ජවය සහ බලය ඇත්තන්ගේ ඉදිරි ගමනේ සාර්ථකත්වය මූලික මිනිස්කමේ ලක්ෂණයක් ලෙස ඔවුන් පිළිගනිති. මෙහිදි බලවත් සහ විශාල ආයතනවල ග්‍රහණයට කුඩා සහ දුර්වල ආයතන පත්වීම ද බලවත් රාජ්‍යයන් විසින් දුර්වල රාජ්‍යයන් සූරා කෑම ද සලකන්නේ සාමාන්‍ය මෙන්ම අත්‍යාවශ්‍ය වූ කාර්යයන් ලෙසටය. එහෙත් පළමුවරට උල්පිහියක් අමෝරාගෙන මංකොල්ලයක යෙදුන රැකියා විරහිත කොලූ ගැටයෙකුගේ ක්‍රියාව සැලකෙන්නේ දරුණු පන්නයේ මෘගත්වයේ සංකේතයක් ලෙසටය.
විවිධ තාඩන පීඩනවලට යට වී ජීවත්වන සමාජයේ පහත් මට්ටමේ ජනතාව, සමාජයේ හිනි පෙත්තට නැග සිටින අයගේ ක්‍රියාදාමයන් නිරීක්ෂණය කරමින් තමාගේ හැකියාවන් ද ඒ අනුව මුවහත් කර ගැනීිමට මාන බලති. හොඳ මෙන්ම නරකින් වුවද ඉහළින් වැජඹෙන්නන්ගේ ක්‍රියාවන් ආදර්ශයට ගනිමින් තමන් ද එවැනි තැනකට යෑමට ඔවුන් උත්සුක වෙති. මෙම “සමාජ විරෝධි ව්‍යාධිය” බොහෝ දුප්පත් ජනයා අතරේ දැනට පැතිර යමින් තිබේ. ඒ කෙසේ වෙතත් ශාප ලද්දෝ සැමවිටම ශාප ලද්දෝමය. ගණුදෙණුකරුවන්ගේ තැන්පතු වංචාකාරීව තමන් සතුකොට ගෙන පලාගිය බැංකු කරුවෙකුට, තම ව්‍යායාමයේ ප්‍රතිඵල සංසුන්ව නිදහස්ව භුක්ති විඳීමට හැකියාවක් තිබුණද බැංකුවක් කොල්ලකෑමට සන්නද්ධව පැමිණෙන චෞරයා බොහෝ විට අවසන් වන්නේ සිරගෙයක් හෝ සුසාන භූමියක් තුළය.
දාමරිකයෙකුගෙන් ලබාගත් ණය නොගෙවා සිටි අයෙකුට අත්වන මරණය හ`දුන්වන්නේ “ගණුදෙණු නිරවුල් කිරීමක් ” ලෙසටය. එහෙත් ජාත්‍යන්තර තාක්ෂණ බලතන්ත්‍රය ණය ගැතිවූ රටක් සමඟ කරන්නාවූ ගණුදෙණු පියවීම හැඳින්වෙන්නේ “ව්‍යූහමය සැලසුමක්” ක්‍රියාත්මක කිරීමක් ලෙසටය. මූල්‍යමය කප්පිත්තන් සිය ග්‍රහණයට පත් කරගෙන ඇති නොදියුණු රටවල් සිය ණය වාරික ගෙවා අවසන් කළ පසුවද කිසිදු අනුකම්පාවකින් තොරව තව දුරටත් සූරා කෑමේ යෙදී සිටිති. මොවුන් සමඟ සන්සන්දනය කරන විට ගමේත් නගරයේත් වෙසෙන මැරයන් අහිංසකයන් ලෙස සැළකිය හැකිය. ලෝක ආර්ථිකය යනු ඉතාමත් කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යන සංවිධානාත්මක සාපරාධි ක්‍රියාවලියකි. ලොව පුරා මූල්‍ය සම්පත්, ව්‍යාපාර සහ ණය ලබාදීම පාලනය කරන ජාත්‍යන්තර සංවිධානවල ත්‍රස්තවාදී ක්‍රියා කලාපය සියළු දුප්පත් රටවලටත් මෙන්ම සියළුම රටවල දුප්පතුන් කෙරෙහිත් එල්ල වී ඇත. ඉතාමත් සූක්ෂම ලෙස වෘත්තීයමය හැකියාවෙන් කෙරෙන්නා වූ මෙම ත්‍රස්ත ක්‍රියාවන් ඉදරියේදී හොඳම බෝම්බකරුවන් පවා ලැජ්ජාවට පත්වීම අරුමයක් නොවේ.
වංචාකාරි මැජික්කරුවන් වැනි අය මඟතොටේදී පහසුවෙන් රැවටෙන අහිංසකයන් මුලාවේ දමමින් කරන උපක්‍රම ඇතැම් දේශපාලකයන් සිය හැකියාවන් උපයෝගී කරමින් කරන්නාවූ වැඩ ඉදිරියේදී ළදරු සෙල්ලම් බවට පත්වෙයි. බොහෝ තුන්වැනි ලෝකයේ පාලකයන් සිය දේශයන්හි ඉතුරු වී ඇති සම්පත් කුණු කොල්ලයට විකිණීම සමාන කළ හැක්කේ මුඩුක්කුවාසි මැරයන් තමන් කොල්ලකාගත් දෙය ඉල්ලන ඕනෑම කෙනෙකුට සොච්චමකට අලෙවිකිරීමටය.
කුලියට ඝාතනවල යෙදෙන මිනීිමරුවන් සිල්ලරට කරන දෙය මහා පරිමාණයෙන් කරන සෙන්පතියන්ට ඔවුන් කරන්නාවූ සාපරාධි ක්‍රියාවන් වීරක්‍රියා ලෙස හැඳින්වෙයි. මඟතොට ගැවසෙන පික්පොකට් කරුවන් ඔවුන්ට ආවේණික වූ පහල මට්ටමේ තාක්ෂණ උපයෝගී කරගනිමින් මහ මඟ යන්නන්ගේ මුදල් පසුම්බිවලට විදින අතර මහා පරිමාණ වංචනිකයෝ පරිගණක උපයෝගි කර ගනිමින් අන්සතු ධනය ඉතා සියුම් ලෙස අත්පත් කරගන්නේ ඉතා ඉහළ මට්ටමේ තාක්ෂණය ආධාරයෙනි. මිනිස් අයිතිවාසිකම් ඉතා ඉහළින් කඩකරන්නන් සහ දැඩි ලෙස ස්වභාව ධර්මය වනසන්නන් හට කිසිවිටෙක සිරි මැදිරි තුළ සැතපීිමට සිදුවන්නේ නැත. ඒ සිර මැදිරිවලට යන එන අය පාලනය කරන යතුරු තිබෙන්නේ ඔවුන් අත බැවිනි. මනුෂ්‍ය සහකාර විශාල ප්‍රමාණයක් ඉතා ඉක්මනින් කරන්නන්හට ප්‍රසාද මෙන්ම නීතියෙන් මුුක්තියද හිමි වේ. ස්වභාවික පරිසරය මහා පරිමාණයෙන් අඩුම වියදමින් විනාශ කරන්නන් හට ද තත්වය එසේමය. වඩාත් සාර්ථකව පවත්වාගෙන යන කර්මාන්ත, පරිසරය ඉහළින්ම දූෂණය කරනු ලබයි. පරිසරය රැක ගැනිමට වෑයම් කරන බව පවසමින් ප්‍රසිද්ධියේ මහ හඬනගන්නාවූ ව්‍යාපාර පරිසරය විනාශ කරමින් මහත් වූ ලාභ ලබන්නා වූ ඒවාම වෙයි. ඉහළ පෙළේ බැංකු ලෙස සුපතල ආයතන නීති විරෝධි මත් ද්‍රව්‍ය ව්‍යාපාර හරහා ගලා එන කළු සල්ලි සුජාත කිරීමේ යෙදී සිටින අතර වංචාසහගතව රැස්කරන ලද මුදල් සුරකින්නෝද වෙති. යටිකුරු ලෝකයේ සාමය ආරක්ෂා කිරීමේ වගකීම භාරව ඇත්තේ වැඩි වැඩියෙන් යුධ අවි නිපදවමින් අලෙවිකරණ රාජ්‍යයන්ටමය.
මහමඟ ඇවිදගෙන යෑම අවදානම් සහිතය. ප්‍රධාන නගරවල පිරිසිදුවාතය ආශ්වාස කිරීමට ද ලැබෙන්නේ නැත. යමෙකු සිර ගත වී නොසිටියත් අනියම් ලෙස සිරකරුවෙකු ලෙස පැවැත්මක් ඇත. භීතියට සිරවී සිටිම සාමාන්‍ය දෙයකි. තමන් සතු දෙය නැති වී යෑම පිළිබඳ බිය නැති කෙනෙක් නැති තරමිය. තවත් සමහරෙක් තමන් හට නැති එහෙත් සතුකරගනු ලැබූ දේවල් ගැන සිතමින් නිදි නැති රාත්‍රි ගත කරති. යටිකුරු ලෝකයේදී අසල්වැසියා තර්ජනයක්, අභියෝගයක් මිස මිතුරෙකු නොවන්නේය.
අප හුදකලාවට ක්‍රමයෙන් තල්ලූ වෙමින් සිටියි. අසහනයට සහන ලබා ගැනීමට මත්ද්‍රව්‍ය සහ පරිගණක හරහා හමුවෙන නුදුටු මිතුරන් කරා යොමුවීමට සිදුවෙයි. බියෙන්, කුසගින්නෙන් සහ අපේක්ෂාභංගත්වයෙන් මිය යෑමට නියම වී සිටියි. ඇතැම් විට එය අයාලේ යන වෙඩි උණ්ඩයකින් සිදුවීමට ද ඉඩ ඇත.
වෛද්‍ය සේන ද සිල්වා
Comments
Post a Comment