මරණයෙන් පසු




විමසුම ඇස

මරණින් මතු අපායට යනවාද? දෙව්ලොව යනවාද? නිවන් යනවාද? සමාදානයේ සැතපෙනවාද? ආදී වශයෙන් හිතන්නට බහුතර ජනයා පුරුදු පුහුණුවී සිටිති.
සු`ඵතරයක් සිතන්නේ මරණින් පසු ජීවිතය අවසන් වන වගයි.
විද්‍යාත්මක චින්තය පිළිගන්නා ජනතාව දෙවැනිව කී ලෙස මරණින් ජීවිතය අවසන් වන වග ඉඳුරා පිළිගනිති.
මරණින් මතු ජීවිතය ගැන - පුනර් උත්පත්තිය ගැන විශ්වාසය ඇරඹෙන්නේ ලෝකය පිළිබඳව හදාරන්නට පටන් ගත් ඈත ඉතිහාසයේදීය.
වෛද්‍ය විද්‍යාව විසින් මරණය සම්බන්ධ සෑම සිය`ඵ අංශයක් ගැනම දැනුම මේ වන විට විදාරණය කොට ගෙන තිබේ. ඒවා සත්‍ය බවද තහවුරු කොට ගෙන තිබේ.
එහෙත් විද්‍යාත්මක චින්තනය බැහැර කරන මුග්ධයින් හා අවිද්‍යාව තම බඩජාරි උවමනාකම් වෙනුවෙන් භාවිතා කරන තක්කඩියන් හැරුණු කොට සත්‍ය වටහා ගත හැකි හැම අයකුම එය අවබෝධ කරගෙන ඇති බව සහතිකය.
“ඇත්ත දැන ගැනීමෙන් නිවී සැනසී සැනසිලි සුවයෙන් සිටින්නට ලද නොකිලිටි සතුට” විස්තර කරමින් මාතර, නූපේ පදිංචි ඒ.ඩබ්ලිව්.පී. ගුණවර්ධන මහතා ‘විදාරණ’ වෙත එවා ඇති ලිපියක උධෘත කීපයකි. පහත පළවෙන්නේ
“දරුවන් උස් මහත් වු විට, දුකින් මිදීමේ අරමුණින් මගේ මව පවුලේ සිය`ඵ දෙනාගෙන් මිදී ආගම තුළින් සැනසීම සොයන්නට පෙළඹිණි. දාන, සීල භාවනා ආදියෙහි යෙදෙමින් ඈ යන ගමනට ආධාරයට සිටියේ මා පමණි. එකල්හි මා තුළ පැවිදි වීමේ කැමැත්තක් ඇතිවිණ. මගේ මව ඒ වග දැනගත් කල්හි සතර වර්ගයා දුකින් මුදවනු පිණිස මා පන්සලට පුජා කළාය. කෙටි කලකින්, සත්‍ය අවබෝධ කර ගැනීම ම නිවන බව වටහාගත් මම පන්සල අතහැර දැමීමි. එතුළ තිබි නානා විධ කුහක ව්‍රතයන්් මගේ පිළිකුලට හේතුවිය. ඒවා මහත් සේ අප්‍රසන්න බැවින් විස්තර කිරීමෙහි පැකිළෙමි. පසුව විනයවර්ධන ව්‍යාපාරයට එක්වීමි. ඒ ව්‍යාපාරයේ බොහෝ දෙනෙක් එහි වූ ව්‍යාජය දැන හැ`දින අතර මග දී එ ම`ගින් ඉවත් වූහ. ඉනිදු මා පත් වූයේ කළකිරීමටය. හැම කටයුත්තකටම කේන්දරය බලන සමාජ තුළ වැඩුණු මා ද මගේ කෙන්දරය සොයමින් සිටින කල එය අස්ථාන ගතවීම නිසා අසහනයට පත්ව කල් ගෙවීමි.
“මෙසේ කල් ගෙවන අතර ඒ.ඞී.ගුණසේකර මහතා රචනා කළ විද්‍යාව හා පුනරුත්පත්තිය පිළිබඳ විමසුමක්” නම් වු කෘතිය පිළිබඳ සිරිපාල රණවක කංකානම්ගේ මහතාගේ ලිපියක් කියවන්නට ලැබිණි. ඒ තුළින් ආලෝකයේ දිසානතියට තල්ලූ වූ මම පූර්ණ සුපැහැදිලි අලෝකය තුළින් යථා ස්වභාවය දකිමින් සිටිමි. ”
“ මෙම ලිපිය ලියන්නට මූලික වශයෙන් පෙළඹූයේ  මරණය සැනකෙළියක් කර ගෙන සිටින ජීවත්වන්නන්ගේ ක්‍රියා කලාපය පිළිබඳව ඇති පිළිකුල හේතු කොටගෙනය.”
“මරණයෙන් පසු ක්‍රියා විරහිතවූ සිරුර නිහඬතාවයෙන්, චාම් ලෙස, සරලව අවසන් කටයුතු සඳහා යොමු කිරීම පිණිස ක්‍රියා පිළිවෙතක් නිර්මාණය කොට ක්‍රියාත්මක කිරිමත් ඒ සඳහා මතවාදයක් ප්‍රචලිත කිරීමත් මගේ අභිප්‍රායයි. එමඟින් නිහඬවූ ජීවිතය වෙනුවෙන් විනාශ කරන සම්පත් සියල්ල ජීවත්වන්නවුන් වෙනුවෙන් ඉතිරි කර තැබීම එහි අරමුණයි.
“ඒ සඳහා ක්‍රියාකාරී වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ඉල්ලා සිටිමි. ඊට අවස්ථාවක් සළසනු මැනවි”
වැදගත් කාලීන යෝජනාවකි. මරණය සැණකෙලියක් කර ගනිමින් නාස්ති කර දැමෙන සම්පත් ප්‍රමාණය එක මරණයක් වෙනුවෙන් ගිණියනි හැක්කේ ලක්ෂ ගණනින්. මෘත දේහයේ කටයුතු අවසන් කිරිමෙන් අනතුරුව, ණය ගෙවන්නට ජීවත්ව ඉන්නවුන් දහදුක් වි`දිය යුතුය. බණට, පිරිතක්, කියන්නට දායනයක් දෙන්නට තවත් දසදහස් ගණන් මුදල් ඇවැසිය. මේ නැති නාස්ති කරන සම්පත් ජීවත්ව සිටින ළමා, තරුණ, මහ`ඵ මිනිසුන් වෙනුවෙන් ප්‍රයෝජනවත් ලෙස යොදවන්නට හැකිනම්? ඒ සඳහා ඔබේ යෝජනා අප වෙත යොමු කරනු මැනවි. සුදුසු වැඩ පිළිවෙලක් සකසා ක්‍රියාත්මක කිරීම  සඳහා ඒවා ප්‍රයෝජනවත් වනු ඇත.
විමර්ශී 

Comments