උමා, බදුලූ, ලොග්ගල් ඔයවල් මධ්‍ය කඳුකරයේ ඉහළම ජලපෝෂක ප්‍රදේශවලින් ආරම්භ වී මහවැලියට දියවර සපයයි. මේ අතරින් මධ්‍ය කඳුකරයේ උස්ම අඩතැන්න වන ‘හෝර්ට්න්’ තැන්නෙන් ආරම්භ වී මහවැලියට සම්බන්ධවන උමා ඔය මෑතකදී රටේ අවධානයට යොමුවන්නේ ඇය හා ඇගේ පෝෂිත ජනතාව මුහුණ පා ඇති අතිශය ගැට`ඵකාරි තත්වය හමුවේය. එම ගැට`ඵව කෙසේද යත්, පාරම්පරික ගැමි ජනතාවට උන්හිටි තැන් අහිමිවෙමින් පවතී. නිවාස දේපළ පොළොවට ගිලා බසිමින් පවතී. වී, එළව`ඵ, අල ආදී වගාවන් මෙන්ම පශූ පාලන කටයුතු ද ඇණ හිටිමින් පවතී. පොළොවේ අවසන් දිනය කඳුළ ද වියැකී යමින් පවතී. මේ සියල්ල අපරික්ෂාකාරි, හිතුවක්කාර සංවර්ධන ක්‍රියාවලියක ප්‍රතිඵලයන්ය.
උමා ඔය ව්‍යාපාරය මෙරට ආරම්භ කළ නව තම බහුකාර්ය යෝජනා ක්‍රමය වෙයි. පිහිටීම හා ලබන ප්රතිලාභ අනුව මෙම ව්‍යාපාරය නුවරඑළිය බදුල්ල, මොනරාගල, හම්බන්තොට යන දිස්ත්‍රික්ක හා සම්බන්ධ වේ. ව්‍යාපාරයේ සෘජු බලපෑමට ලක් වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වන්නේ වැලිමඩ ඌව පරණගම, හාළි ඇල, බදුල්ල, බණ්ඩාරවෙල ඇල්ල හා වැල්ලවාය යි. ගම් වශයෙන් ගත් කළ පුහුල්පොල. ඩයරබා, දික්කාපිටිය, මිරහවත්ත, මාතැටිල්ල, දිගනතැන්න, කිතුල් ඇල්ල, හීන්ඔය, අඹදණ්ඬේගම, ලියන්ගහවෙල, කරඳගොල්ල ආදී වශයෙන් මහත් රාශියකි.
උමා ඔය ව්‍යාපාරය සථානගත භූමිය අයත් වන්නේ මධ්‍ය කඳුකරයේ නැගෙනහිර පසටය. භූමි නිර්මාණය අතින් මධ්‍ය කඳුකරයේ නවක භූමිලක්ෂණ සහිත ප්රදේශයකි. දළ බෑවුම්, උල් වු මුදුන්, මහා නිම්න (කුඩා ජලපහරවලට සීමා වූ අයෝග්‍ය නිම්න ලෙස හැඳින්විය හැකි) මේ භූමි ප්‍රදේශය තුළ දැකිය හැක. මධ්‍ය කඳුකරයේ නිර්මාණය පිළිබඳ විවිධ අවස්ථාවල භූ විද්‍යාඥයන් ඉදිරිපත් කර ඇති මත වල හරය වන්නේ මෙය වරින් වර උත්ක්ෂිප්තයන්ට ලක්වූ නවක භූමි ලක්ෂණ වලින් යුක්ත බවයි. හුණුගල් වැනි ද්‍රාවණයට ලක්වන විපරීත පාෂාණ බොහෝ තන්හි දැකිය හැක. ඉක්මනින් දියවීම, කැඩීයාම මෙහි පාෂාණවල ආවේණික ලක්ෂණයන්ය. මෙවැනි පාෂාණ මහාපරිමාණ කැනීම් වලදී ඔරොත්තු නොදේ.
මධ්‍ය කඳුකරය පිළිබඳ ක්ෂේත්රීය පර්යේෂණවල නියැලී මහාචාර්ය පී.ඩබ්ලිව් විතානගේ මෙම ප්‍රදේශ ආශ්රිත භූ ව්‍යුහය පිළිබඳ අගනා තොරතුරු රාශියක් පෙන්වාදී ඇත. බොහෝවිට ස්ථටික හුණු ගල් වැනි දුර්වල පාෂාණ ඇති බවත්, පොළොව අභ්‍යන්තරයේ බලංගොඩ සිට ත්‍රිකුණාමලය දෙසට විදෙන කුහර භූ අභ්‍යන්තරයේ ඇති බවත් එතුමා පෙන්වා දී ඇත. ඒ අනුව සමනල හා කොත්මලේ ජලාශ ඉදිකිරිමේදී එතුමා අනතුරු ඇඟවීමට කෙළින්ම මුහුණ දුන්නේය. ස්ථටික හුණුගල් බදුල්ල බණ්ඩාරවෙල ආසන්න කුඹල්වෙල දී ප්‍රදේශයේ පොළව මතුපිටම පැමිණ ඇති අතර කාලනිර්ණයක් ඒ ආශ්‍රිතව කෙරෙන හුණුගල් පිළිස්සීමේ කර්මාන්තය දැකිය හැක. උමා ඔය ව්‍යාපාරයේ ප්‍රධාන ජලාශ දෙක වන ‘පුහුල්පොල’ හා මාතැටිල්ල ජලාශ ඉදිවන්නේ මෙවැනි අස්ථාවර භූමියක ය. උමාඔය බහුකාර්ය යෝජනා ක්‍රමයට බිලිවන උමාඔය හා මා තැටිල්ල යන ඔයවල් හෝර්ටන් තැන්න හා හපුතලේ ප්‍රදේශවලින් ජලය ලබන කුඩා දිය පහරවල්ය. මේවායේ නිම්න පළල්-ගැඹුරු ලෙස පෙනුනද, කුඩා ජලපහරවලට සීමාවී ඇත්තේ මහාචාර්යය සී.එම්. මද්දුමබණ්ඩාරයන් පෙන්වාදී ඇති පරිදි ගංගා විලෝප ක්‍රියාවලියට භාජන වීම නිසා විය හැක. (ගංගා විලෝපය යනු බලවත් ගංගාවක් විසින් තවත් ගංගාවක ජලය උදුරා ගැනීමක් ලෙස සැලකිය හැක.) කෙසේ වුවද මෙම ඔයවල් දෙකේ පවතින සීමිත ජල ප්‍රමාණය වුවද එහි නිම්නවලට සහ සමස්ත මහවැලි දියවරට ලබා දෙන රුකුළ ඉමහත්ය.
උමා සහ මාතැටිල්ල ඔයට සම්බන්ධ නිම්න ප්‍රදේශය කෘෂිකර්මික අතින් විශාල සේවයක් අදාල ප්‍රදේශවලට මතු නොව රටටම සලසසි. ලංකාවේ වැඩියෙන්ම අර්තාපල් නිපදවන ප්‍රදේශය මෙහි වන නිසා “අර්තාපල් නිම්නය” ලෙසද, පශූපාලනය විශාල වශයෙන් කෙරෙන නිසා අඹේවෙල කිරි කම්හලට කිරි සපයන ප්‍රධාන ප්‍රදේශය වන මෙහි දැනට කිරි ගවයන් 70,000 කට අධික සංඛ්‍යාවක් පෝෂණය ලබති. මේ හැරුනවිට මහා වාරිමාර්ග ක්‍රම හා කුඩා වාරිමාර්ග ක්‍රම යටතේ කුඹුරු අක්කර දහස් ගනණක් වගා කෙරේ. උඩරට එළව`ඵ වලින් වැඩිම ප්‍රතිශතයක් නිපදවන්නේ උමා ඔය නිම්නයේය. එසේම උස් කඳුකර තේ නිපදවන තේ වතු ( උදා:- ඩයරබා වතුයාය අයිස් ලෙබේවතුයාය, මල්වත්ත) මේ කලාපයට සම්බන්ධය. මේ ප්‍රධාන කෘෂිකාර්මික බිම් හැරුන විට පහළ මහවැලි ප්‍රදේශයට දියවර සැපයීමෙන් කෙරෙන මෙහෙය අති විශාලය.
උමා ඔය බහුකාර්ය ව්‍යාපාරය ඇරඹීමට බොහෝ පෙර සිටම, මේ නිම්න ප්‍රදේශය බරපතල පරිසරික ගැට`ඵ කිහිපයකට මුහුණ පා තිබුණි. අල හා එළව`ඵ වගාවන් සඳහා බොහෝදුරට යොදාගනු ලබන්නේ කඳු බෑවුම් ප්රදේශයයි. කුඹුරු ගොවිතැනද කෙරෙනුයේ බෑවුම් කපා ‘ටෙරස්’ ක්‍රමයට සාදාගත් ලියදිවලය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් කඳු බෑවුම් අධික සෝදාපා`ඵට ලක්වී ඇත. මෙකී ඔයවල් නිතරම වාගේ දුඹුරු පැහැයෙන් දක්නට ලැබෙන්නේ සෝදා යාම නිසාය. ගං පතුල ගොඩවීමද මෙහි ප්රතිඵලයකි.
ප්‍රදේශයේ විශේෂම ගැට`ඵව වන්නේ අධික වශයෙන් යොදා ගන්නා කෘෂි රසායනික භාවිතයයි. විශේෂයෙන් අර්තාපල් , තක්කාලි, මා`ඵමිරිස් වැනි වගාවන් සඳහා වර්ෂා අවදිවලදී කෘෂි රසායන පාලනයෙන් තොරව යොදා ගැනීම සාමාන්‍ය තත්වයකි. ඒ අනුව උමා සහ මාතැටිල්ල ඔයවල ජලයේ කෘෂි රසායන සාන්ද්‍රණය ඉතා අධික විය යුතුය. මේ ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ පර්යේෂණ සිදු නොකළද පිළිකා, ලියුකේමියා ප්‍රදේශය තුළ ක්‍රමයෙන් වර්ධනය වීමක් කලක සිට දක්නට තිබිණි.
කඳු මුදුන් හෙළිපෙහෙළි කිරීම ජල මූලාශ්‍ර කෙරෙහි බලපා ඇත. කුඹුරුවල වී වගා නොකරන අර්තාපල් හා එළව`ඵ වගාවන් සඳහා ගැඹුරට කානු සකස් කර ජලය බැස්සවීම කලක් තිස්සේ සිදුවන බැවින් එම තත්වය භූ ගත ජල මට්ටම පහත බැසීමට ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන තිබුණි. බහුකාර්ය ව්‍යාපාරය ආරම්භ කිරිමට පෙර සිටම ප්‍රදේශයේ ළිං වල ජල මට්ටම පහත බසිමින් පැවතුණි. කුඹුරු වගා කන්නයේදී අවශ්‍ය ජල ප්‍රමාණයේ හිඟයක් කලක සිටම පැවතුණි.
මෙවන් ගැට`ඵ රාශියකට මුහුණ පා සිටිය දී උමා ඔය යෝජනා ක්‍රමය කඩි මුඩියේම ඇරඹුනි. ඒ සඳහා අවශ්‍ය පාරිසරික ඇගයීම් නිසිලෙස නොකෙරුන බවට චෝදනා ඇත. ඔයවල ජලය හරස් කර ප්‍රදේශයෙන් පිටතට ගෙනයාම නිසා ඇති විය හැකි ප්‍රශ්න ගැන අවධානය යොමු වුවාදැයි සැක සහිතය.
උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය ලංකාවේ දිගම උමං ජලමාර්ග සහිත ව්‍යාපාරය වන්නේය. මු`ඵ උමං මාර්ගවල දිග කි.මි 27 ක් පමණ වේ යයි අදහස් කෙරේ. මුල්ම ජලාශය වැලිමඩ නගරයට ආසන්නව පුහුල්පොල ග්‍රාමයේ ඉදිවේ. එහි සිට මීටර් 3975 ක් දිග උමගක් ඔස්සේ මාතැටිල්ල ඔය හරස් කෙරෙන ජලාශය දක්වා ජලය ගෙනයයි. මේ උමං මාර්ගය ඉදිවන්නේ පුහුල්පොල, දික්කපිටිය, ඩයරබා, මිරහවත්ත වැනි සරු සාර කෘෂිකාර්මික ජනාවාස යටිනි. බෝර දමා උමං ඉදිකිරිමේ ප්‍රතිඵල දැනටමත් වාර්තාවෙමින් පවති. ඉහතකී ගම් තේ වගාව මෙන්ම අල හා එළව`ඵ, පශු පාලනය අතින් සරු බිම්ය.
මා තැටිල්ල ඔය හරස් කර ඉදිකරන ජලාශයේ කි.මි 15.2 ක් දිග උමගක් ඔස්සේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ කරඳගොල්ල දක්වා ගෙනයාමට නියමිතය. ජල විදුලිබලාගාරය එහි ඉදිවේ. මා තැටිල්ල ජලාශයේ සිට කරඳගොල්ල දක්වා වන උමං මාර්ගය ආරම්භ කර ඇත්තේ කරඳගොල්ලෙනි. එම උමඟද සරු සාර ගම් ඔස්සේය. එම උමං බණ්ඩාරවෙල ආසන්නයේ මකුල්ඇල්ල ග්‍රාමයට සමීප වීමත් සමඟ ප්‍රධානම ගැට`ඵව පැන නැගුනි. වර්තමාන ආකාරයට එහිදී පොළොව අභ්‍යන්තරයේ පිහිටි විශාල ජල සංචිතයක් උමඟට යා වී ඇත. මෙය බොහෝ දුරටම පොළොව අභ්‍යන්තරයේ කුස්තුරයක (මහාචාර්ය පී.ඩබ්ලිව් විතානගේ සඳහන් කරන) සංචිතව පැවති ජලකඳක් විය හැක. ආශ්රිත ප්‍රදේශයේ භූ ගත ජලමට්ටම රැක ගැනීමට ඉවහල් වී පැවතියේ මෙම ජල සංචිතය බවට සැක නැත. උමං ඔස්සේ කරඳගොල්ල ප්‍රදේශයට එම ජලය ඇදීයාමත් සමඟම අවට ප්‍රදේශයේ ළිං සිඳීයාමත් ඇරඹුනි.
ඒ සමඟම ගෙවල් ඉරිතැලීම, පොළොව ගිලාබැසීම සිදුවිය. අඹදණ්ඬේගම ප්‍රදේශයේ විශාල පරිමාණ ගිලා බැස්ම වාර්තා විය. මේ සියල්ලට හේතු පොළව අභ්‍යන්තර ජල සංචිතය පිටතට ඇදී යාමත්, එයින් ඇතිවුන හිස් බවත් විය යුතුය. පිළියමක් ලෙස උමං කටේදී කුහරය වසා දැම්මත් පරිසරය යථා තත්වයට පත්වීම සිදුවේද යන්න අවිනිශ්චිතය. මේ තත්වය තුළ උමඟ තව දුරටත් ඉදිරියට ගමන් කිරිමේ දී (මාතැටිල්ල ජලාශය දක්වා) පැන නැගිය හැකි තත්වය කෙබඳු වේද? ස්ඵටික හුණුගල් වැනි ද්‍රාවණය වන පාෂාණ හෝ භූ කුස්තුර පැවතුන හොත් ප්‍රතිඵල තවදුරටත් අහිතකර විය හැකි නොවන්නේද? දැනට නිමවී ඇති උමඟ ආසන්න මකුල් ඇල්ල, හීල්ඔය ගම්වල වඩාත් අහිතකර ප්‍රතිඵල දක්නට ලැබේ.
පැන නැගී ඇති තත්වය හමුවේ උමා ඔය බහු කාර්ය ව්‍යාපාරය මුහුණු පා ඇති ගැට`ඵ කිහිපයකි. පළමුව මෙම ව්‍යාපාරය දැන් අතරමඟ නතර කළ හැකිද? ඉරානයෙන් ලබාගත් ණය මුදලක් යෙදා ගිවිසුම් ගතව ආරම්භ කළ ව්‍යාපෘතියක් අතර මඟ නතරකිරීම බරපතල තත්වයකි. දෙවනුව ජනතාව මුහුණපා ඇති ප්‍රශ්නවලට විසඳුම් මොනවාද? අර්බුදයට මුහුණ පා ඇති ගම් උඩරට පාරම්පරික ගම් බිම්ය. රටටම උඩරට එළව`ඵ, අර්තාපල් සපයනා ගම්බිම්ය. මෙතෙක් අධික මිලට තක්සේරු වී තිබු ප්‍රදේශයේ ඉඩම් දැන් කිසිම වටිනාකමක් නැති සේය. දැනටමත් සීමතව පවතින ජලසම්පත ප්‍රදේශයෙන් පිටතට ගෙනයාම අනාගතයේදී කෙසේ බලපානු ඇද්ද? එම තත්වය මහවැලි ජල සැපයුමට කෙසේ බලපායිද? යනාදි ගැට`ඵවලට පිළියම් සෙවීම පහසු නැත. දැනටමත් රොන්මඩින් පතුල් පීරියමින් පවතින මහවැලි ජලාශවලට මේ තත්වය දැඩිව බලපානු ඇත. මහවැලි මව් දියතුවල අර්බුදය සමස්ත මහවැලි කලාපයටම ගැට`ඵවක් විය හැක. වියළි හම්බන්තොට තෙත් කරවීම සඳහා සශ්‍රීක උමා ඔය මිටියාවත කාන්තාරයක් කිරීම සුදුසුදැයි යමෙකුට ප්‍රශ්න කළ හැක. අවසාන වශයෙන්, ලොව පුරා අසාර්ථක වෙමින් පවතින මහාපරිමාණ ජලසම්පාදන ව්‍යාපාර ගැන අප තවදුරටත් බලාපොරොත්තු තැබිය යුතුද යන්න සලකා බැලීමට සුදුසුම කාලය පැමිණ ඇති බව කිව යුතුය. එසේම සංවර්ධන ව්‍යාපාර වලදී දේශීය දැනුම අවතක්සේරු කිරීමත් විදේශ ප්රාග්ධනය හෝ තාක්ෂණය පසු පස හඹායාමත් තවදුරටත් සිදුවිය යුතුදැයි සිතා බැලිය යුතු නොවේද?
කේ.ඒ. කුලතිලක
Comments
Post a Comment