‘විදාරණට’ විශේෂයෙන් නම හෙළි කිරීමට අකමැති යතිවරයෙකු විසිනි.
අද ශ්‍රී ලංකාවේ බෞද්ධයෙක් මැරුණහම පාංශූකූලයට, හත්දවසේ හා තුන්මාසේ දානවලට කරන මහා වියදම මුදල් නාස්තියක්. ඒ මදිවට දැන් පන්සල්වල අ`ඵතෙන් තුන්දා දානය කියලා එකක් හත්දවසේ දානයට කලින් මැරුණ දවසේ ඉඳලා දින 03 කිනුත් දානයක් පන්සලට ගෙනත් පූජා කරනවා. ඒ වගේම පාංශූකූලයට හා දානයට හාමුදුරුවන් වඩම්මවන්ඩ වාහන වලටත් විශාල වියදමක් දරනවා. ඇත්තෙන්ම මෙය අපරාධයක්. උත්සවයේ කටයුතු චාම්ව කරගෙන ඉතිරි මුදල අසරණ සරණ ව්‍යාපාරයකට පරිත්‍යාග කරන්නේ නම් වඩා හොඳයි නේද?
සමහර පන්සල්වල හා බෞද්ධ සිද්ධස්ථාන වල තියෙන මූල්‍ය සංචිතයන් හා දේපල ඇති මු`ඵ ලංකාවේම සිටින බෞද්ධයින්ගේ ආර්ථික ප්‍රශ්න විසඳීමට. කොළඹට නුදුරු ගම්පහ දිස්ත්‍රික්කයේ පන්සලක බැංකු ගිණුමේ පමණක් රුපියල් මිලියන 350 ක් තියෙනවා. ඊට අමතරව ඒ පන්සලට දඹුල්ල ප්‍රදේශයේ විශාල පොල් වත්තකුත් තියෙනවා. නුවර දළදා මාලිගාවේ හා අනුරාධපුර අටමස්ථානේ සතුව තියෙන මූල්‍ය සංවිතයන් හා නිශ්ඵල දේපල ප්‍රමාණය ගණන් බලලත් නැහැ. ඒ මූල්‍ය සංචිතයන් වලින් සු`ඵ මුදලක් හෝ අසරණ සරණ ව්‍යාපාරයකට දුන්නොත් ඒක විශාල වැඩදායක දෙයකි. (වකුගඩු රෝගීන්ට පිළිකා රෝගීන්ට, පොතක් පතක් ගන්ඩ නැති අසරණ දුප්පත් සිසුන්ට) ආර්ථික අපහසුතා නිසා උදේට නොකා ඇවිත් පාසලේදී උදේ සිහි නැතුව වැටෙන ළමයෙකුට ආහාරයට යමක්. යම්කිසි සංගමයක් ඇති කරලා දුෂ්කර පාසල්වල සිහිනැතුව වැටෙන ළමයින්ට පමණක් ආහාරයට යමක් දෙනවානම් එය කොරතම් අගනේද? නමුත් ඒක කරන්නේ නැහැ. මේ අයට යන්ඩ අපායක් තියෙනවාද?
දැන් ටික කලක ඉඳන් පන්සල් හා සිද්ධස්ථාන වල ඇල්සේෂන් (රට බල්ලෝ) බල්ලෝ හැදීමට පටන්ගෙන තිබෙනවා. ඒ බල්ලෝ රු. 20.000/- ක් පමණ වෙනවා. ඊට අමතරව ගෙනාපු දවසේ ඉඳන් මාසෙකට රු. 10,000/- ක් පමණ වියදම් කරනවා බේත් හේත් වලට, පෝෂ්‍යදායි ආහාරවලට හා වෛද්‍යවරු ළඟට රැගෙන යාමට වාහනවලට ආදී වශයෙන්. ඒ මුදලින් දුෂ්කර අසරණ පිරිමි ළමයි දෙතුන් දෙනෙකු පන්සලේ හෝ වෙනත් සිද්ධස්ථානයක නවත්වාගෙන පාසල් යවා අධ්‍යාපනය දී දෑස් පෑදුව හැකියි. නමුත් ඒක කරන්නේ නැහැ. මේ විශාල නාස්තියක් හා අපරාධයක්.
කාල් මාක්ස් නම් සමාජවාදී දාර්ශනිකයා ලෝකයට ප්‍රකාශ කළේ ‘ආගම මිනිසාගේ සතුරා’ කියලයි. එයට හේතුව යුරෝපයේ ක්‍රිස්තියානි පල්ලිය ඤයේසුස් වහන්සේගේ දේශනාවන්ට පිටින් යමින්% යුරෝපා ජාතීන්ව සුරා කාපු නිසයි. අද ශ්‍රී ලංකාවේ පන්සල් , භික්ෂුන් හා අනෙකුත් බෞද්ධ සිද්ධස්ථාන කරන්නෙත් එම සූරාකෑමමයි. (බුදුන් වහන්සේගේ දේශනාවන්ට පිටින් යමින්) ආනිසංස දේශනා කර කර ජනයා මුලා කර ගන්ඩ පු`ඵවන් හැම පැත්තෙන්ම ගන්නවා. මේ අනුව අද කියන්ඩ තියෙන්නේ ‘බුද්ධාගම, පන්සල හා භික්ෂුව බෞද්ධයාගේ සතුරායි කියලයි.’
බස්නාහිර පළාතෙන් පිට ඈත දුෂ්කර ගම්බද පලාත්වල පන්සල්වලට සමහර කොළඹ දායකයෝ විශාල වශයෙන් ආධාර කොට පිංකම් කරනවා. චෛත්‍යයන් හදනවා. ඒ දානපතියන් සිය`ඵ දෙනාම අසාධාරණයෙන් සල්ලි හම්බ කරපු අය. මැරෙන්ඩ ළංවෙද්දී විපාකයට භයෙන් පන්සල්වලට ලක්ෂ ගණන් සල්ලි දෙනවා. ඒව දකින මෝඩ දායකයෝ කියන්නේ පන්සලේ හමුදුරුවන්ගේ ලැබීම කියලයි. හාමුදුරුවෝ චෛත්‍ය හදාගන්ඩ ඕන ඔහුගේ හිතේයි. එවිට ඔහු බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිපදින නියම බෞද්ධ භික්ෂුවක් බවට පත්වෙනවා.
ආසියාවේ ලොකුම, උසම, බුදුපිලිමේ හා දිගම සැතපෙන පිළිමේ හදනවා. නමුත් ආසියාවේ හොඳම හිත හදා ගත්තේ නැහැ. හිත හදාගන්ඩ උත්සාහ කරන්නෙත් නැහැ. ඔය ලොකු පිළිම හදන පන්සල්වල හිමිවරුන්ගේ ක්‍රියා කලාපය හොඳටම සවුත්තුයි. පන්සලේ තවත් හිමිවරු ඉන්නවට කැමති නැහැ. එලවන්ඩමයි හදන්නේ. මොකක් හරි හේතුවක් හදාගෙන එලවනවා.
බුදුරජාණන් වහන්සේ කිසිම තැනක කිසිම අවස්ථාවක බුද්ධ ශාසනයේ නායක හිමිවරු පත්කොට නැහැ. නමුත් ලංකාවේ දැනට වසර 60 ක පමණ සිට නායක හාමුදුරුවරු ඉන්නවා. තවදුරටත් පත් කරනවා.
හැම පන්සලකම හා පිරිවෙනකම මහණවෙන්ඩ එන දුප්පත් දරුවන්ට ලිංගික අඩන්තේට්ටම් කරනවා. පිරිවෙන්වල සිටින වැඩිහිටි හිමිවරු තමන්ගේ පිළිකුල් සහගත ජුගුප්සාජනක සමලිංගික ආශාවන් ඉෂ්ටකර ගැනීමට පැවිදි වීමේ අපේක්ෂාවෙන් සිටින හා පැවිදි වූ පොඩි අයව යොදා ගන්නවා. ඒවට අකමැති වුනොත් වෙන වෙන බොරු හේතු දක්වලා එලවා දමනවා. ලංකාවේ තියෙන බෞද්ධ සිද්ධස්ථානයන්ගෙන් 80% කම මේ දේ වෙනවා. ළමා හා හැදෙන වයසේදී මෙවැනි දේවල් කරපුවහම එම ළමයින්ගේ මනසට ඒවා තදින්ම බලපානවා. වැඩිහිටි වයසට යනකොට මනස විකෘති වෙනවා. මානසික ආතති, මානසික දුර්වලතා හා මානසික රෝග ඇතිවෙනවා. ඒ මොනදේ උනත් ළමා මනස විනාශයෙන් විනාශයට ගියත් මහ හිමිවරුන්ගේ කැත ආශාවන් පොඩි අයගෙන් හොඳින් හෝ නරකින් ඉෂ්ට කර ගන්නවා. මේ කැත වැඬේ කරන හිමිවරු මට නම් වශයෙන් කියන්ඩ පු`ඵවන්. මේවා කරන අයගේ උපසම්පදාව නැහැ. පාරාජිකාවී සිටින්නේ. නමුත් මහ සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලා හැටියට පෙනී සිටිනවා.
ශාසනික ස්ථානවල (පන්සල් හා සිද්ධස්ථාන) ඉන්න ප්‍රධාන හිමිවරු එම ස්ථානවල අණ දෙන්නන් බවට පත්වෙලා ඉන්නේ. ඒ ගොල්ලෝ අණදෙන භික්ෂුන් වහන්සේලා බුද්ධ දේශනාව කුමක් වූවත් ඒ ගොල්ලෝ කියන දේ තමයි සිද්ධ වෙනඩ ඕන. බණ කියන්ඩ ඕන අනුමෝදනා කරන්ඩ ඕන ඒ අයට අවශ්‍ය විදියට නැත්තම් ස්ථානයෙන් යන්ඩ කියනවා. එලවනවා. අසාධාරණයෙන් හා ජරාවිදියට හම්බ කරලා දාන දෙනවිටත් මහත්ඵල මහානිසංස ලැබෙනවා කියලා කියන්ඩ ඕන. නමුත් බුද්ධ දේශනාව ඊට හාත්පසින්ම විරුද්ධයි. අසාධාරණයෙන් හම්බකරන්ඩ එපා කියලයි බුදුහු දේශනා කොට තිබෙන්නේ. ඒ වගේම වෙළදාම් වර්ග 05ක් තහනම් කරලත් තියෙනවා. ඒවා අපි බණට කිව්වොත් ඒ වෙලාවෙම එලවනවා. බුද්ධ ශාසනයේ විශාල අණ දෙන්නන් ප්‍රමාණයක් ඉන්නවා. යුද්ධ හමුදාවට වඩා බි්‍රගේඩියර්වරු පිරිසක් බුද්ධ හමුදාවේ ඉන්නවා.
බුදු දහම විනාශ කිරීමට සැදී පැහැදී සිටින භගඨගධ ආයතන තියෙනවා. ඒවායින් ලක්ෂ 03 බැඟින් වැටුප් ගන්න හිමිවරු ලංකාවේ සිටිනවා. ඉතින් ශාසනය රකින්නේ කෙසේද? වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නෙම්ද ඒ අමාරුව...?
පිරිවෙන්වල කරන දේවල් දැක පුරුදු වුනහම පොඩි හාමුදුරුවරු ඉගෙනගෙන සිවුරු හැරලා යනවා. උදේ 6.00 සිට දහවල් 12.00 වනතුරු බුද්ධ පූජා හා දාන කටයුතු. ඉන්පසු පිරිවෙන් යනවා. පිරිවෙනෙන් 5.00 ට පන්සලට විත් නැවතත් අතුපතුගාන වැඩ හා පාඩම්වැඩ දවසකට පැය 1/2 ක වත් විවේකයක් නැහැ. ඉරිදට පන්සලේ සිටින බල්ලෝ නාවනවා.
මේ ආකාරයට වසරක් දෙකක් ගත කරනකොට මහණකම පමණක් නොවේ ජීවිතයත් එපා වෙනවා. විවේකයක් නැහැ. භාවනාවට ඉඩකුත් නැහැ. ඉතින් සිවුරු හැර මානසික නිදහස සොයා ගෙන යනවා. කෙස්ගානට මහණ කරනවා අං ගානට ඉතුරු වෙනවා කියනවා. එහෙම වෙන්නේ පොඩි අය තනන ක්‍රමේ වැරැද්ද නිසයි.
වැඩ වැඩ දවස තිස්සේම වැඩ වැඩ නොකළොත් බැනුම් හා ගුටි. කියපු දේ කරන් නැත්නම් සිවුර ගලෝලා ගෙදර යවනවා කියලා බනිනවා.
මෙයට වසර 04කට පමණ පෙර එක් ප්‍රසිද්ධ භාවනා මධ්‍යස්ථානයක මහනායක හිමිනමක් පැවැදිවෙන්ඩ ආපු අයගෙන් එක්කෙනාගෙන් සිවුරු පිරිකර සඳහා යැයි කියමින් රු.11.000/- බැගින් රැගෙන තිබුනා. නමුත් ගබඩාවේ රුපියල් ලක්ෂ 04ක පමණ සිවුරු ඒ වන විටත් තිබුනා. පැවිදි කරන්ඩ මුදල් ගැනීම බුදුන් වහන්සේ අනුමත කල දෙයක් නොවෙයි. ඒ ගන්න මුදලත් යොදවන්නේ මහනායකවරුන්ගේ පුද්ගලික වැඩට. මේ මහ නායක හිමි ඉතාමත් දිලිඳු පවුලක කෙනෙක් කුඩා කාලයේදීම මහන වූ කෙනෙක්. දැන් අ`ඵත්ම වර්ගයේ යහඉරසා කාරෙකක් පාවිච්චි කරන්නේ ඔහුට මතක නෑ ඔහු සාසනේට ආවේ කොහොමද කියලා. ඒ කාරෙක ගත්තෙත් ස්ථානෙට හා හිමිවරුන්ට ලැබෙන මුදල්වලින්. ස්ථානෙට ලැබෙන මුදල් එක්කෙනෙකුගේ පරිහරණයට ගැනීම බලවත් වරදක්. උපසම්පදාව පිළිබඳ ගැට`ඵ මතුවෙනවා. කොහොමත් උපසම්පදා භික්ෂුවක් ඩ්‍රයිවර් කෙනෙක් තියාගෙන කාරෙකක් පාවිච්චි කිරීම විනය නීතියට පටහැනිය.
අද ඉන්න හැම මහනායක කෙනෙක්ම අන්ත අසරණ දුප්පත් පවුල්වලින් ඇවිත් මහණ වූ අය. නමුත් නායක පට්ටම ගත්තට පස්සේ තමුන් කවුද, අද ඉන්න තැනට ආවේ කොහොමද මතක නෑ. ගිහියෝ ගාවවත් මේ වගේ දූර්දාන්ත ගති නැහැ. සල්ලි නැත්තම් මහණ කරන්නේ නැහැ. සල්ලිකාරයෙක් හෝ උගතෙක් මහණ වෙන්ඩ ආවොත් ඉක්මණටම මහණ කරලා හොඳට සලකනවා. සල්ලි වලට කොරු අබ්බගාතයෝ පවා මහණ කරනවා.
මේවට විරුද්ධව කථාකළොත් වචනයක් හෝ කිව්වොත් ඒ වේලාවෙම සිවුරු ගලවලා ගෙදර යවනවා. අද ශාසනේ ඉන්ඩ නම් ඇහැ කණ පියා ගෙන එහෙයියෙක් බවට පත්වෙන්ඩ ඕන. අද නායක හිමිවරු කරන්නේ එහෙයියන් හදන එක.
දැනට අවු: 05 ක පමණ කාලයක සිට හුඟාක් බෞද්ධ පූජා ස්ථානවලට දායකයෝ පූජාකරන පිරිකර එහි සිටින හිමිවරුන්ට බෙදන්නේ නැහැ. නමුත් බුදුන් වහන්සේ අනුදැන වදාරා තිබෙන්නේ ලැබෙන පිරිකර සිය`ඵ දෙනා අතර බෙදා දීමටයි. උපසම්පදා හිමිවරුන්ට දෙන දෙයින් භාගයක් සාමනේර අයට දෙන්ඩ කියලයි බුද්ධ දේශනාව. නමුත් අද හුඟක් ස්ථානවල පිරිකර බෙදන්නේ නැහැ. ඒවා එකතු කර විකුණා ඒ මුදල් ස්ථාන භාරව සිටින හිමිවරුන්ගේ පුද්ගලික වියදමට හෝ ස්ථානේ වියදමට ගන්නවා. නැත්තම් ගෙවල් වලට යවනවා. ඒ මුදල්වලින් යානවාහන ගන්නවා. පිරිකර බෙදුවේ නැත්තම් ඒක වංචාවට අහුවෙනවා. ඒ අනුව එක දිනක් පිරිකර බෙදුවේ නැත්තම් උපසම්පදාවෙන් පාරාජිකා වෙනවා. දෙවෙනි දවසෙත් බෙදුවේ නැත්තම් විනයට අනුව සාමනේරකමත් නැතිවෙනවා. එම විනය නීතියට අනුව වසර ගණන් පිරිකර බෙදන්නේ නැති ස්ථානවල ඉන්න ප්‍රධාන හිමිකරුවන්ට හා ඒ වංචා සහගත ක්‍රියාව අනුමත කරන අයට පංචශීලයවත් නැහැ. ඒ ගොල්ලන්ට චීවරයක් ඇඟලාගෙන සිටීමට අයිතියක් නැහැ. ඒ අය ශ්‍රමණ හොරු.
2010 වසරේ දිනයක ඇතුරුගිරිය ප්‍රදේශයේ තියෙන අරණ්‍යයක සිය`ඵම හිමිවරුන්ට උණ රෝගයක් වැලදුනා. ප්‍රධාන නා හිමි පෞද්ගලික රෝහලක නැවතුණා. අනෙක් සිය`ඵම හාමුදුරුවරු රජයේ රෝහලට ඇතුල් කලා. පුද්ගලික රෝහලේ ඒ නායක හිමි දින 03 ක් හිටියා. ඒ දින 03 ට බිල 75000/- ක්. ඒ බිල ගෙව්වේ නොබෙදූ පිරිකර විකුණගත් මුදලින්. ඉංගිරිය රජයේ රෝහලේ නැවතුන හිමිවරුන් ගැන බැලීමට කවුරුත් නැහැ. මුදල් හා පිරිකර ලබාගන්නෙත් හාමුදුරුවරු ටික පෙන්වලයි.
බෞද්ධ භික්ෂුන්ට යන්ත්‍ර මන්ත්‍ර කට්ටඩිකම් කිරීම අකැපයි. අකැප දේ කිරීමෙන් මුදල් ඉපයීම බුදුන් වහන්සේ තහනම් කොට තිබෙනවා. නමුත් ඒවා කිරීමෙන් ලංකාවේ සෑහෙන හිමිවරුන් පිරිසක් මුදල් හොයනවා.
මේ කාලයේ බුද්ධ ශාසනයේ තිබෙන අනෙක් විශාලම ප්‍රශ්නය නම් වයසට ගිය අය පැවිදිවීමයි. ගිහි ජීවිතයේ කරන්ඩ පු`ඵවන් හැමදේම කරලා කසාද බැඳලා ළමයි හදලා ළමයින්ගේ ළමයිනුත් දැක්කහම අන්තිමට එනවා භාවනා කරන්ඩ කියලා. ඉන්පසු ටික කාලයකින් මහණ වෙනවා. මහණවෙලා ස්ථානයේ ලොකු හිමිට කේලම් කියනවා ගැතිකම් කරනවා. භාවනා කරන්නේත් නැහැ. කරන්ඩත් බැහැ. වයසට යනකොට ස්මරණ ශක්තිය අඩු වෙලා නිසා මහණු වූ දින සිටම කරන්නේ අශාසනික දේවල්. පිරිකර එකතුකර විකුණ මුදල් ගෙදර යවනවා. මොන ක්‍රම වලින් හෝ මුදල් හොයාගෙන දඹදිව යනවා. ඒ අයට බුද්ධ ශාසනය රැකීමට වුවමනාවක් හෝ හැකියාවක් නැහැ. යම්කිසි මුදලක් එකතු කරගෙන හොඳට කාලා බීලා අත පය වෙවුලන කොට ආපසු ගෙදරට යනවා. තරුණ අය පැවිදිවෙන ප්‍රමාණය අඩුනිසාත් පන්සල්වල වැඩ කරගැනීමට කවුරුත් නැති නිසාත් වයසක අය පැවිදි කරනවා. ඒ වගේම පෙන්ෂන් එක තියෙනවනම් ඉක්මනටම මහණ කරනවා. ඒ මුදල ස්ථානයට ලබාගැනීමට වයස 50 ට වැඩි අය මහණ කිරීමෙන් වන්නේ ශාසනයට විශාල හානියක්. වයසට ගිය කෙනෙක් මහණ වුනහම දකින අය හිතන්නේ මහා තෙර නමක් කියලයි. නමුත් විස්තර අහපුවම කලකිරෙනවා. ඒ අයට භාවනා කරන්ඩත් බැහැ ස්මරණ ශක්තිය අඩු නිසා. එක තැනක බද්ධ පර්යංකයෙන් වැඩි වෙලාවක් ඉන්ඩත් බැහැ. අසනීප තත්වයන් නිසා. මහණ වෙන්නෙම ජීවත්වීමේ පහසුව සඳහායි.
ලංකාවට ආපු සුදුජාතිකයෙක් මේ රටේ තිබෙන ආරණ්‍ය ගැන පර්යේෂණයක් කලා. ඉන්පසු ඔහු ඔහුගේ රටට ගොස් පොතක් ලියා තිබෙනවා. එහි සඳහන් වෙනවා ලංකාවේ ආරණ්‍යවල දානේ ශාලාවට භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතේ වැඩලා දානේ රැගෙන යන්නේ (දායකයන්ට පේන්ඩ) හරියට ගණිකා මඩම්වල ගණිකාවෝ පෙන්නනවා වගේ කියලා. ඔ`ඵ ගෙඩි ගාන පෙන්නලා ගාන කඩාගන්නවා ඒ අයගේ අධ්‍යාත්මික දියුණුවක් නැහැ කියාලා. ලංකාවෙන් ඒ රටට වැඩම කරපු හිමිනමක් එම පොත දැකලා ඒක තහනම් කරන්ඩ කියලා ඒ රටේ රජයෙන් ඉල්ලා තිබුනා.
ගිහියෝ ගාව තියෙන හොඳ ගතිගුණවත් නැති සමහර හිමිවරු ඉන්නවා. පන්සලේ හෝ බෞද්ධ සිද්ධස්ථානයෙ තව හාමුදුරු කෙනෙක් ඉන්නවට කැමති නැහැ. මොනවහරි කරලා එලවනවා. අනුන්ගේ බත්කාලා කරන්නේ එවැනි කැත වැඩයි. ඊර්ෂියාව කුහකකම පිරිලා ඉතිරිලා බණ කියලා හාමුදරු කෙනෙක් ජනප්‍රිය වුනොත් එයාට දිගටම බණ කියන්න දෙන්නේ නැහැ. මොනව හරි කරලා අයින් කරනවා.
පිරිතෙන් ආනිසංසයක් තිබුණත් නැතත් සර්ව රාත්‍රික පිරිත් දේශනාවලට හාමුදුරුවරු වඩින්නේ පහුවදා හීල් දානෙත් සමඟ දෙන අටපිරිකර හා ලියුම් කවරයක දමා දෙන රු.1000/- ට ආසාවෙනුයි. ඒවාට ආසාවෙන් පිරිතෙත් හුඟක් ආනිසංස තියෙනවා කියලා වර්ණනා කරනවා.
සාංඝික දානවලට භික්ෂුන්වහන්සේලා වඩින්නේ ලැබෙන පිරිකරවලට ආසාවෙනුයි. ලැබෙන පිරිකර සියල්ලම එකතු කර විකුණනවා. විකුණා ඒ මුදල් බැංකු පොතේ දමා ගන්නවා. ඒකට දොසක් කියන්ඩ අමාරුයි. මොකද ඒ මුදලෙන් තමයි භික්ෂුන් වහන්සේලා අසනීපයකට බෙහෙතක් හේතක් ගන්නේ. සමහර අවස්ථාවල රජයේ රෝහලේ බෙහෙත් ලියලා දෙනවා ෆාමසියෙන් ගන්ඩ කියලා. එවිට හිමිවරු ලඟ මුදල් නැත්නම් මොකද කරන්නේ. හැමදේම දායකයින්ට කරදර කරන්ඩ බැහැනේ.
බෝධි පූජාවෙන් ආනිසංසයක් හා නොයෙකුත් ලාභ හා රෝග සුවවීම වෙනවා යයි කියන්නේ ඒවා කර ඒවායින් මුදල් උපයන භික්ෂුන් වහන්සේලායි. එම මිථ්‍යා මතවලට විරුද්ධව කතා කොට බෞද්ධ ජනයාට ඇත්ත පහදා දෙන්ඩ කටයුතු කලොත් ඒ හිමි නමට නොයෙකුත් ප්‍රශ්න ඇති කරනවා. සිවුර ගලෝලා ගෙදර යවනවා කියලා තර්ජනය කරනවා. සමහරවිට මරණ තර්ජන කරනවා.
බෝධි පූජාවෙන් අනිසංස ඇතත් නැතත් පන්සලක ඉද්දී ඒවා කරන්ඩ වෙනවා. දායකයන්ගේ බත් කන නිසා ඔවුන්ගේ ඉල්ලීම් ඉෂ්ට කරන්ඩ වෙනවා. නැත්තම් ඒ පන්සලේ ඉන්ඩ බැහැ. එක හොඳ උගත් බුද්ධිමත් භික්ෂුවකට පන්සලේ ප්‍රධාන දායකයාගේ දරුවෙක් ඇවිත් විභාගයට බෝධි පූජාවක් තියාගන්ඩ ඕනයි කියලා තියෙනවා. එවිට ඒ හාමුදුරුවෝ කියලා තියෙනවා ‘ඔයා විභාගෙට හරියට පාඩම් කරලා ලිව්ව නම් විභාගේ පාස් වෙනවා. බෝධි පූජා අවශ්‍ය නැහැ.’ කියලා. එහෙම කියලා බෝධි පූජාව තියලා නැහැ. ඊට පස්සේ දායක සභවෙන් ඒ හාමුදුරුවන්ට පන්සලෙන් යන්ඩ කියලා. යනකම්ම එක එක කෙනෙහිලිකම් කරලා.
විභාග පාස්වෙන්ඩ බෝධි පූජා අවශ්‍ය ම නම් අන්‍යආගමිකයන් හා අන්‍ය ජාතිකයන් විභාග පාස් වෙන්නේ කෙසේද? බෝධි පූජා තැබීමෙන් අසනීප සුවවෙනවා නම් බටහිර හෝ ආයුර්වේද ඖෂධ හා රෝහල් කුමටද? මේ වගේ ඇත්ත පැහැදිලි කරොත් චීවරේ ඉන්ඩ ලැබෙන්නේ නැහැ.
ශාසනේ සිදුවන මේ වගේ විකාර කාලයක් තිස්සේ දැකපු මුස්ලිම් මස්කඩ කාරයෙක් කියලා තියෙනවා තවත් කෙනෙකුට ‘මහත්තයා ගෙරි ඔලුවක් නිවන් දැක්කත් සඟ ඔලුවක් නම් නිවන් දකින්නේ නැහැ’ කියලා.
විභාගයට අවශ්‍ය විෂය නිර්දේශය හදාරන්නේ නැතුව බෝධිපූජාවෙන් පමණක් විභාග පාස්වූ අය ඉන්නේ කොහේද? රෝගයට වෛද්‍ය නිර්දේශයට අනුව අවශ්‍ය ඖෂධ ගත්තේ නැතුව බෝධි පූජාවෙන් පමණක් සුව වූ අය ඉන්නේ කොහේද?
අද ලංකාවේ පොහොය දිනයට සිල් සමාදන් වන උපාසක උපාසිකාවන් ගැනත් යමක් කිව යුතුයි. ඒ අය සිල් ගත් දිනේ සු`ඵ වේලාවක් භාවනා කර ඉන්පසු ටිකක් වෙලා වන්දනා කර රේඩියෝවේ යන ධර්ම දේශනාවට සවන් දී ඉන්පසු වැඩි වේලාවක් ගත කරන්නේ වෙනත් වල්පල් කථාකරමිනුයි. පොහොය දින මහ රෑ 2.00ට -3.00ට නැගිටගෙන බුලත් කොටනවා. තේ කහට බිබී මහ හඬින් කථා කරමින් හා සිනාසෙමින් කාලය කා දමනවා. පොහොයට සිල්ගන්ඩ එන හුඟක් වයසක අය ඉන්නේ ඒ අයගේ දරුවන් ගාව. දරුවෝ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නේ. සමහර අය කරන්නේ දරුවන්ගේ දරුවන්ට රැක බලාගන්න එක. ඒ කරදරකාරි ඒකාකාරී පරිසරයෙන් හා ළමයි බලාගන්න එකෙන් මිදිලා සතියකට එක් දිනක් ගතකරන එක ඒ අයට ලොකු මානසික සහනයක්. ඒ වගේම එකම වයසේ අය හමුවුනාම දරුවොත් එක්ක කථාකරන්ඩ බැරි ගොඩක් දේවල් හා පරණ සිද්ධි රස කර කර කථා කල හැකියි. එනිසා සතර පෝයටම සිල් ගත්ත එක ඒ අයගේ මානසික සමබරතාවයට හොඳයි. සුදු රෙද්දෙ සිල් තියෙනව නම් ඒ අයට රෙද්දෙ සිල් නැති නිසා ඒ අයට සිල් ලැබෙනවා ශීලයක් සම්පුර්ණ වෙන්නේ නැහැ. ඒ අය හතර පෝයටම සිල්ගන්න එන්නේ මිටින් ඇරිය කුරුල්ලෙක් වගේ ලොකු සතුටකි.
මම ලඟදී පන්සලකට ගියා ඒ යනකොට පන්සලේ පොඩි හාමුදුරුවෝ කෙනෙක් පොල්කටු පුච්චනවා. අඟුරු හදන්ඩ. මම ඇහුවා පොල්කටු අඟුරු මොකටද කියලා. එවිට ඔහු කියනවා ලොකු හාමුදුරුවෝ යන්තර වගයක් හදනවා ඒවට දුම් අල්ලන්ඩ කියලා මම ඇහැව්වා මොනවද යන්තර කියලා. පහේ ශිෂ්‍යත්ව විභාගෙට ලියන ළමයින්ගේ කරට දාන්ඩ විභාගේ පාස්වෙන්ඩ කියලා. ඒ යන්තරයක් දෙන්නේ රු. 1500/- කට ලු. බුදු දහමට වෙච්ච දෙයක්. ඒ පොඩි නමත් ලොකු වුනාම කරන්නෙත් මේවා නේද? ඒ කෙන් වෙන්නේ පොඩි දරුවන්ගේ විමර්ශනශීලි මනස හා චින්තන ශක්තිය මොට කිරීමයි. ඒවගේ අය තමයි ලොකු වුනහම කට්ටඬිකම් කර මුදල් උපයන්නේ. ඔහුගේ මු`ඵ මනුෂ්‍ය ජීවිතයම අපරාදේ.
බණ හෝ ධර්මදේශනා කරන්නෙත් බොහෝවිට ලැබෙන දේට හා ප්‍රසිද්ධියට ආසාවෙන්. බණ කියනවා හා ධර්ම දේශනා කරනවා කියන්නේ දෙකක්. බණ ඕනම ගිහියෙකුට හෝ පැවිද්දෙකුට කියන්ඩ පු`ඵවන්. ධර්ම දේශනා කිරීමට නම් සුදුසුකම් ලබා ගන්ඩ ඕන. එක්කෝ ප්‍රථම ධ්‍යානයට එන්ඩ ඕන. සමථ භාවනාවෙන් හිත දියුණු කර ප්‍රථම ධ්‍යානයට එන්ඩ ඕන. නැත්තම් කෙලින්ම විදර්ශනා භාවනා කොට මාර්ගඵලයකට පත්වෙන්ඩ ඕන. එහෙමත් නැත්තම් සමථ භාවනා කොට ධ්‍යානයක් උපදවා ගෙන එම ධ්‍යානය විදර්ශනාවට හරවා මාර්ගඵලයකට පත්විය යුතුයි. එම සුදුසුකම් දෙක නැතුව පොතකින් පාඩම් කරගත්තු දෙයක් පිරිසකට කිව්වට ඒක ධර්ම දේශනාවක් වන්නේ නැහැ. ඒක බණ කීමක් වෙනවා. බණ කියලා මිනිසුන් හදන්ඩ බැහැ. මිනිසුන් යහමඟට ගැනීමට ධර්ම දේශනාවම කළ යුතුයි.
සාංඝික දානයකට වඩින හාමුදුරුවරු වඩම්මන වාහනවලට හයර් එකත් එම දායකයාම ගෙවිය යුතුයි. දුප්පත් මිනිහෙකුට දානයක් දී ගැනීමට හැකියාවක් නැහැ.
දළදා මාළිගාවෙන් ළමයි 05 දෙනෙකුට වැඩි සිංහල බෞද්ධ පවුල් සඳහා මාස්පතා රු.5000/- ගානේ දීමට කතා වුනා මීට අවු: 3 කට පමණ පෙර. තාමත් ඒක සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. තාමත් සත පහක්වත් දුන්නේ නැහැ. ඒ ගොල්ලන්ට දීමට ඕනතරම් හැකියාව තියෙනවා. නමුත් නොදී ඉන්ඩමයි හදන්නේ.
Comments
Post a Comment