කේ.ආර්. අභයසිංහ
බොහෝ අය නොසිතුවිරූ විපරීත කාලගුණ තත්වයන්ගේ ආපදාකාරි බලපෑම් වලට ලොව බොහෝ ප්‍රදේශ මුහුණ දෙන බව ජනමාධ්‍ය වාර්තා කරන අතරේ පවතින එල් නිනෝවේ බලපෑම ඊට හේතු ලෙස කාලගුණ අංශ විසින් මේ වන විටත් දන්වා ඇත. ලෝක කාලගුණය විමැසුමට ලක් කරන කෙනෙකුට වසර 4 කට හෝ 5 කට වරක් එල් නිනෝ ආවරණය (El
Nino effect) පිළිබඳව සිත යොමු කිරීමට සිදු වන බව පෙනේ.
එල් නිනෝ ආවරණය පිළිබඳ බොහෝ විද්‍යාත්මක කරුණු කාරනා EL
Nino හෝ ENSO හා සම්බන්ධ වෙබ් අඩෙවි විපරම් කරන්නෙකුට පහසුවෙන් සොයා ගත හැකිය. මෙම ආවරණයේ, එනම් එල් නිනෝ ක්‍රියාවලියේ ආරම්භය නැගෙනහිර පැසිෆික් සමුදුරේ (Pacific
Ocean) පෘෂ්ඨ ජල ස්ථර අසීමිත ලෙස උණුසුම් විමකට සමගාමීව සිදුවේ. මෙම උණුසුම්වීම දිර්ඝ කාලීන ක්‍රියාවලියක් වුවහොත්, එහි ප්‍රතිඵලය වන්නේ පැසිෆික් සමුදුර සහ ලෝක ගෝලයේ වෙනත් කොටස්වල වායුගෝලීය පීඩන රටාවන්ගේ සහ ලෝකය පුරා සුළං සංසරණය (Global
Circulation) කරන විවිධ සංසරණ සෛල (Cells) වල වෙනස් කම් සහ විචල්‍යයන්ය. ගෝලීය සුළං සංසරණය සම්බන්ධව ඉතා වැදගත් වන විශාල පරිමානයේ හැඞ්ලි සහ වෝකර් සෛලවල Hadley
cell and Walker cell) වෙනස්කම් ලොව ප්‍රදේශ රැසක කාලගුණ රටාවන් වෙනස් කිරීමට සමත් වීම එල් නිනෝ පිළිබඳව අපේ සැළකිලිමත්වීම වැඩි කරන ප්‍රධාන ලක්ෂණයයි.
සමහර ප්‍රදේශ වල කාලගුණ තත්වයන්ගේ මහා විපර්යාස වලට පසුබිම්වන කාලගුණ විද්‍යාත්මක සාධක පිළිබඳ වැටහීමක් නොමැති අය විවිධ මිථ්‍යා සංකල්ප ඔස්සේ හඹා යන අවස්ථාද නැතිවා නොවේ. අයහපත් කාලගුණ වාතාවරණයෙන් මිදීමට විවිධ යාතිකා සංවිධානය කරන්නෝ අප අතරද අඩු නැත. යම් සථානයක කාලගුණ තත්වයන් වර්ධනය කිරීමේලා සාධක රැසක් සෑහෙන කාලයක් තුළ සංවිධානය වියයුතු අතර ලෝක ගෝලය වටා නිරතුරුව සැරිසරන විවිධ මට්ටම්වල සුළං ප්‍රවාහ වැදගත් දායකත්වයක් දරණ බව අවබෝධ කරගතහොත් කාලගුණය හැසීරවීම උදෙසා අප කරන යාතිකා වල තේරුමක් නොමැති බව පැහැදිලි වේවී.
පැසිෆික් සමුදුරු පෘෂ්ටයේ උෂ්ණත්ව රටාව වන්නේ, ඉන්දුනීසියාව යාබද එහි බස්නාහිර කොටස තරමක උණුසුම්ව පැවතීම සහ දකුණු ඇමරිකාවේ පීරු රාජ්‍ය ප්‍රදේශවලට බටහිරෙන් පිහිටි පැසිෆික් සමුදුරේ නැගෙනහිර කොටස සිසිල්ව පැවතීමය. එහෙත් වසර 4කට හෝ 5 කට වරක් මෙම රටාවල සැලකියයුතු වෙනස්කම් ඇතිකිරීමට ජල තරංග සමත් වී නැගෙනහිර පැසිෆික් සමුදුර අධික ලෙස උණුසුම් වි එල් නිනෝ ආවරණය නමින් හඳුන්වනු ලබන ක්‍රියාවලිය ආරම්භ වේ. තීව්‍ර වූ එල් නිනෝ තත්වයන් යටතේ සිදුවන පීඩන සහ සුළං සෛල වල සැලකියයුතු විචල්‍යයන් ශ්‍රී ලංකාව ඇතු`ඵ ලොව ප්‍රදේශ ගණනාවකම සාමාන්‍ය කාලගුණ රටාවන් වෙනස් කිරිමට සමත් වේ.
එල් නිනෝ ආවරණයේ ආරම්භය පැසිෆික් උණුසුම් වීම වුවද, එම ආවරණයේ තිව්රතාවය තීරණය කරනු ලබන්නේ පැසිෆික් සහ ඉන්දියන් සාගරයේ පීඩන අගයන් අනුබද්ධ සමීකරණ මඟිනි. මෙහිදී ඕසටේ්‍රලියාවේ ඩාවින් (Darwin) කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ සහ පැසිෆික් වල තහිටි (Tahiti) කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ පීඩනමාන වල පාඨාංක වල අගයයන් විමැසුමට ලක්වන්නේ අන්තර්ජාතික සහ ලෝක කාලගුණවිද්‍යා සංවිධානයේ (World
Meteorological Organization, WMO) අනුමැතිය යටතේය. මෙම මධ්‍යස්ථාන දෙකේ පීඩන අගයන් සම්බන්ධ වන දක්ෂිණ දෝලන දර්ශනයේ (Southern
Oscillation Index, SOI) අගය නිරතුරුවම පරිගණක මඟින් ගණනය කෙරේ. මෙම ගණනය කිරීම්වල ප්‍රතිඵලය අනුව එල් නිනෝ තත්වයක් පවතින බවට සැක පහලවූ මොහොතේ සිටම කාලගුණවිද්‍යා සංවිධානය ඇතුලු ආයතන කිහිපයක් මඟින් ඒ ගැන අනතුරු ඇඟවීම් ලොවපුරා විකාශනය කරයි.
දැනට පැසිෆික් සහ අවට තත්වයන් අසාමාන්‍ය තත්වයක් ලෙසට සැළකිය හැකි බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ වෙබ් අඩවි සඳහන් කර ඇත.
දැන් වර්ධනය වී ඇති එල් නිනෝව මෑත කාලයේ වාර්තා වී ඇති එල් නිනෝවලට වැඩි තීව්රතාවයක් සහිත එකක් බවට දැනටම වාර්තා වී ඇත. එහි අහිතකර බලපෑම් මේ වන විටත් නන් දෙසින් වාර්තා වෙයි.
පැසිෆික් උණුසුම් වීමට, එනම් එල් නිනෝවකට, සමගාමීව ඉන්දියානු සාගරය සහ තවත් සමුදුරු ප්‍රදේශ කිහිපයක්ම උණුසුම් වන බව වසර ගණනාවක් තුළ ලබාගත් නිරීක්ෂණ වලින් පැහැදිලි වී ඇත. ඒ සමඟම ලෝක ගෝලයේ සුළං සංසරණ පද්ධතියේ විචලනයන් සැලකියයුතු කාලගුණ වෙනස් කම් ඇතිකරයි. එල් නිනෝ ආවරණ වලින් ශ්‍රි ලංකාවට සිදුවන බලපෑම විපරම් කිරිමේදී දක්නට ලැබී ඇති විශේෂ කාලගුණ තත්වයන් වන්නේ එල් නිනෝ ආරම්භයට පෙර දෙවන අන්තර් මෝසම් සෘතුවේ, ඔක්තෝබර් - නොවැම්බර් කාලයේ, සාමාන්‍යය ඉක්මවන වර්ෂාව ඇදහැලෙන තත්වය සහ එල් නිනෝ වසරේ නිරිතදිග මෝසම් සමය වැසි සාමාන්‍යයට ඉතා පහල වන නියං (Drought) තත්ත්වයක් උත්ගත වීමයි.
පැසිෆික් සමුදුර උණුසුම් වීම වගේම එල් නිනෝ ආවරණයේ අඩුවැඩි වීම් පිළිබඳව අප හැමගේ අවධානය යොමු කළ යුතු කාලය එළැඹී ඇතැයි සිතමි. 2016 එල් නිනෝ වසරක් වන බවට කරඇති නිවේදන යථාර්ථයක් වන්නේනම් අප රටට එහි බලපෑම, වැසි අඩු කාලගුණ තත්වයක් වන නිසා ජලය සම්බන්ධ වන ආයතන මෙන්ම අප පෞද්ගලික මට්ටමෙන් සෑම ජල කළමනාකරණ (Water
Management ) පියවරක්ම කෙරේ සිත් යොමු කළ යුතුය.
Comments
Post a Comment