දැනුම් කලමනාකරණයට මගක් (2)


(මෙහි මුල් ලිපිය විදාරණ 2015 සැප්තැම්බර් මස කලාපයේ පළවීය) 
ඩබ්ලිව්.එම්.වීරසේකර 
MPIAක්‍රියාවලියට පිවිසීමට පෙර වැදගත් පෙර වදනක් සඳහන් කල හැක. එම පෙරවදන සැකසෙන්නේ නිර්මාණ ශීලිත්වය (Creativity) යන ගුණය මුල්කර ගෙනය. 
Hand book for Creative, Team Leders යනුවෙන් සඳහන් පොතේ කර්තෘන් වන Tudor Rickard සහSusan Moger (1999, Gower Publishing Ltd., Aldeshot, Hampshire) සඳහන් කරන ලෙස Creativity may look natural but is often the product of intelligent application of a well drilled set of routines යනුවෙන් සඳහන්ව එම ක්‍රමය හඳුන්වා දීම ආරම්භ කර ඇත. ඒ අනුව නිර්මාණශීලිත්වය ස්වභාවික ලෙස පෙනිය හැක. එහෙත් එය බොහෝ විට මැනවින් අභ්‍යාස කල චර්යාරටා කුලකයක් බුද්ධිමත්ව යොදාගැනීමේ ප්‍රථිඵලයක් ලෙස ලැබෙන්නක් බව අවධාරණය කර ඇත. මේ අනුව නව සහ වැඩිදියුණු කල නිෂ්පාදිතයන්, ක්‍රියාවලි හා උපායන් ලෙසින් නිර්මාණාත්මක ප්‍රතිදානයක් (Outputs) සඳහා නිසි උත්තේජනය සැපයීම එහෙයින් ශ්‍රී ලාංකීය මානව සම්පත සංවර්ධනයේ දී ද නොසලකා හැරිය නොහැකි ප්‍රමුඛතාවයක් ගන්නා කටයුත්තක් බව අවිවාදිතය. අප මෙතෙක් ආ ගමනේ දී පහසු උපකල්පනයක් දරා ගනිමින් නිර්මාණශීලිත්වය ප්‍රවර්ධනයට යොදන දැනුමක්ද නොසලකා සිට ඇත්තේ නිර්මාණශීලිත්වය ස්වභාවිකව වර්ධනයකට ඉඩ සලසමින් බව ඉඳුරාම පැහැදිලිය. අපගේ අධ්‍යාපන සංවර්ධන ප්‍රවේශයන්හි පවතින බරපතල ඌනතාවය නිර්මාණශීලීත්වයට සපයන පහසුකම් හිඟකම ලෙස හුවා දැක්වීම ඒ අනුව සාධාරණය. නැවතත් අවධාරණය කලහොත් මැනවින් අභ්‍යාස කලචර්යා රටා කුලකයක් බුද්ධිමත්ව යොදා ගනිමින් තරුණ පරම්පරාවේ නිර්මාණශීලිත්වය පෝෂණයට දායක වීම පිළිබඳව උවමනාව අපගේ උගැන්වීම ක්‍රමවේද තුළින් මැනවින් ප්‍රදර්ශනය නොවන බව පැවසීම අසාධාරණ නැත. 
ඉගෙනුම් හා නිර්මාණය යන දෙයාකාරයේ සුසංයෝගය සහිත මානව චර්යාව හේතුකොට කැපීපෙනෙන කාර්යසාධනයක් මුදාහැරීමට යෝග්‍ය වන නායකත්ව ක්‍රියාකාරිත්වයක්ද අවශ්‍ය වන අවාධාරණය සහිතව මෙම MPIA ක්‍රමවේදයේ අත්දැකීම් ලැබීම පිණිස යොමු වීම අනිවාර්ය කොන්දෙසියක් බව ද පෙන්වා දී ඇත. 
එහෙයින් මානව සංවර්ධනයේ දී අප පොදුවේ අවබෝධ කරගත යුතු ගැඹුරු සන්දර්භ කිහිපයක්ම මැනවින් වටහා ගැනීමට උපකාර වන වැදගත් ප්‍රධාන ලක්ෂණ කිහිපයක්ම MPIA ක්‍රමවේදය භාවිතා කරන මූලධර්ම පසුබිම තුලින් විද්‍යාමාන වෙනවා. එහෙයින් MPIA භාවිතා කරණ පසුබිම් තුළින් අපගේ මානව සම්පත් සංවර්ධන උපායන් තුළ පවතින අඩුපාඩු ගැන ද බුද්ධිමත්ව කියවීමට අවස්ථාව සැලසෙනවා. 
අප මෙහිදී MPIA ක්‍රමවේදයක් ලෙස භාවිතා කරන්නේ කුමන ආකාර සාමාජ සංයුතියක් තුළද යන්න පිළිබඳවත් සලකා බැලීම මෙහිදී ආදාල වෙනවා. අපගේ කේන්ද්‍රීය ප්‍රදේශය (Heartland) කුමක්ද?  ඇත්ත වශයෙන් MPIA  ක්‍රමවේදයේ භාවිතාව යොමු වන්නේ ඕනෑම ආකාරයක ගැට`ඵ විසදීමක් සඳහා නිර්මාණාත්මක හැකියා භාවිතා කිරීමේ ඉල්ලුමක් ඇතිවන විටය. එහෙයින් මෙම ක්‍රමවේදයේ ඇති විපුල ප්‍රයෝජන සලකා එක්සත් රාජධානියේ සිය`Business Schools  වල MPIA  ක්‍රමවේදය භාවිතයට සපයා ඇත්තේ රාජ්‍ය පර්යේෂණ කවුන්සිලයේ උපකාරයද සහිතවය. එහෙයින් ප්‍රබල වූ සමාජීයමය බලපෑමක් සැපයිය හැකි මැනවින් අභ්‍යාස කල හැකි චර්යා රටාවක් ලෙස එකී ක්‍රමවේදයේ ඇති ප්‍රයෝජන භුක්ති විඳීමට ඇති සූදානම මහනුවර හේතුවාදී සංගමයේ ප්‍රගතියටද නිශ්චිතවම ප්‍රයෝජනවත්ය. එහෙයින් එම ක්‍රමවේදය හඳුන්වා දීමද සිදුවිය යුත්තේ එහි සාර්ථක භාවිතාවට අවශ්‍ය වන ශික්ෂණයද ප්‍රගුණ කල හැකි වටපිටාව පිළිබඳව ඇති අවබෝධයද සහිතව බව අප තේරුම් ගත යුතු වෙමු. එහෙයින් MPIA  ක්‍රමවේදයක ප්‍රථිඵල නිසිලෙස අවශෝෂණය කරගැනීමට සූදානම් ඕනෑම පිරිසක් සිහින කණ්ඩායමක් (Dream Team) ලෙස හැසිරීමට ඇති අපේක්ෂාව සහ උනන්දුව සහිත ව සිටියයුතු බවද අදහස් කෙරේ. යම් විශිෂ්ටත්වයකම එළඹීම පිණිස පවතින තියුණු අධිෂ්ඨානය සහිත ප්‍රබල පවුල් සංස්කෘතියක් ගොඩනගා ගැනීමේ මග සලසන ක්‍රමවේදයක් ලෙස එය පිළිගැනීම ඉන් අදහස් කෙරේ. එහෙයින් තොරතුරු දැනගනිමින් යම් අවබෝධයක් ලැබීමට පමණක් සීමා නොවී යම් චර්යාමය අත්දැකීමක් ආශ්වාදජනක ලෙස ලබාගැනීමට යොදාගන්නා ප්‍රවේශයක් ලෙස එය පිළිගැනීමට සූදානම් වීම අදහස් කෙරේ. විදාරණ සංග්‍රහයට ඉදිරිපත් කල පළමු ලිපියෙන් සිදුකලේ ඒ පිළිබඳව යම් මූලික අවබෝධයක් සැපයීමට ගත් ප්‍රයත්නයක් පමණක් බැව් මෙහි අවධාරණය කළ යුතුව ඇත. 
එහෙයින් MPIA  ක්‍රමවේදය සම්පූර්ණයෙන් අත්දැකීමකට පෙර කණ්ඩායම් ගොඩනැගෙන ආකාරය පිළිබඳව යම් ඇතු`ඵනුවණක් (Insight) ලබා ගනිමින් කණ්ඩායම් කාර්යසාධනයක් දරාගන්නා පිළිවෙල පිළිබඳව අදහසක් ගැනීම අවශ්‍ය වෙයි. එහෙයින් මානව සංවර්ධනයේ ගැඹුරු සංදර්භය මැනවින් වටහා ගැනීමට උපකාර වන වැදගත් ප්‍රධාන ලක්ෂණ කීපයක්ම MPIA  ක්‍රමවේදයේ හඳුන්වා දීමේදී භාවිතා කරන මූලධර්ම හරහා මනාව පැහැදිලි වෙනවා. 
මෙහි ඉහතින් සඳහන් සිහින කණ්ඩායම් බිහිවන ආකාරය කෙසේ ද යන්න පිළිබඳව අදහසක් ඇති කර ගැනීම එහි දී වැදගත් වෙයි. යම් ධාන්‍යයක් වපුරා සාර්ථක අස්වැන්න ලැබීමට, භූමිය නිසිලෙස සකස් කර ගැනීමේ චින්තනය සහිතව, මෙකී MPIA  ක්‍රමවේදය නිර්මාණාත්මක ප්‍රථිඵල ගෙනෙන සංයුක්ත පද්ධතියක් ලෙසින් කන්ඩායම් ක්‍රියාකාරිත්වය නිසිලෙස ව්‍යුහගත කිරීමකට දායක වන පසුබිම සකස් කිරීම එහිදී මගහැරිය නොහැකි පුර්ව කටයුත්තක් බව ද සඳහන් කළ යුතුව ඇත. 

MPIA  ක්‍රමවේදය ස්ථාපිතව ඇත්තේ නිර්මාණශීලිත්වය උත්තේජනය කරන ව්‍යුහාත්මක චර්යාමය මනෝවිද්‍යාත්මක ක්‍ෂේත්‍රයේ ප්‍රවීනයන් විසින් කරන ලද අයෝජනයක ප්‍රථිඵල වශයෙන් විකාශය වූවක් ලෙස බව අප වටහාගත යුතුව ඇත. එහෙයින් MPIA  ක්‍රමවේදය බුද්ධිමත්ව යොදාගැනීම පිළිබඳව වන ප්‍රයන්තයක් ශ්‍රී ලාංකීක අප හටද විශාල ප්‍රතිලාභ අත්කරගත හැකි අවස්ථා උදාකර ගැනීමට දායක වන්නන් ලෙස සැලකීම සාධාරණය සරලව උපක්‍රමයක් භාවිතා කිරීමේ අපේක්ෂාවට පමණක් සීමා නොවී එම  උපක්‍රමය භාවිතයේ පසුබිමේ ඇති චින්තනය වටහා ගැනීම. එම උපක්‍රමය සාර්ථකව භාවිතය සඳහා සහ නිසිලෙස ව්‍යාප්තියක් සිදුකිරීමට ද හේතුවන බව අවබෝධ කර ගැනීම අපසහසු නැත. මෙහිදී කණ්ඩායම් සෑදෙන පිළිවෙල සරල ඉදිරිපත් කිරීමක් ලෙස දැක්වුවහොත් එය අදියර හතරකින් යුක්තය. සෑදෙන අවස්ථාව (Froming) කැළඹිලි අවස්ථාව (Storming) ප්‍රතිමානයක් සෑදෙන අවස්ථා (Norming) සහ ක්‍රියාකරණ අවස්ථාව (Performing) යනු ඒවායි. සෑදෙන අවස්ථාවේ දී සාමාජිකයින් අනුස්ථාපනය (Orientation) සිදුවන අතර, කැළඹිලි අවස්ථාවේ දී පුද්ගල ඉලක්ක හා වෙනත් ගැටුම් ඇතිවන අවස්ථාවකි. ප්‍රතිමානයක් සෑදෙන අවස්ථාවේ යම් එකඟතාවන්ට එලඹෙමින් කණ්ඩායමක් ලෙස එකට බැඳීමෙන් නැතිනම් සංසක්ත වීමක් (Cohesion) සිදුවෙමින් ක්‍රියාකරන අවස්ථාව වන විට ගැට`ඵ විසඳීමේ (Problemsolving) අවධියකව පිවිසෙයි. 
මෙසේ සඳහන් කණ්ඩායම් ගොඩනැගීමේ ක්‍රියාවලිය සැලකෙන විට කණ්ඩායමක් තුළ සිදුකරන සෑම ක්‍රියාවක් තුළින්ම අප මේ අදියර හතරට සාර්ථකව පිවිසෙන්නේ නැත. බොහෝ විට අප හඳුනාගන්නා යම් යම් කාරණා වලදී අප නවතින්නේ ගැටුම් ඇති කැළඹිලි අවස්ථාවේ නම් (Storming Stage) අපගේ එවැනි ක්‍රියාවලින් කණ්ඩායම නිරූපණය වන්නේ අපාගත කණ්ඩායමක් (Hell Team) ලෙසය. අප යම්කිසි නිමිත්තක් මුල්කරගනිමින් යම් ප්‍රතිමානයක් මුල්කර හැසිරෙන තෙවන අදියර පැමිණෙන්නේ නම් අපගේ කණ්ඩායම හඳුන්වන්නේ ප්‍රමිතිගත කණ්ඩායමක් Standard Team ලෙසය. එම අදියරේ දී යම් කාර්ය සාධනයක් (ඡැරදෙරප්බජැ) සිදුවන බවද සැබෑය. එහෙත් එවැනි ප්‍රමිතිගත ව්‍යවහාරයක් ද ඉක්මවා යමින් පුද්ගල කණ්ඩායමක් පැවති ප්‍රතිමානයන්ද අභියෝගයට ලක්කරමින් කටයුතු කරයි නම් එවැනි කණ්ඩායමක් සිහින කණ්ඩායමක් (Dream Team) යනුවෙන් හැඳින්වේ. අපාගත කණ්ඩායම් ගනයට ගැණෙන කණ්ඩායම් මෙන්ම සිහින කණ්ඩායම් ද පවතින්නේ ඉතා අඩුවෙන්ය. බොහෝමයක් කණ්ඩායම් අයත් වන්නේ ප්‍රමිතිගත කණ්ඩායම් ලෙසටය.  
ප්‍රමිතිගත කණ්ඩායම් තුළ දී යම් යම් එකඟතා පරිදි යම් යම් සිද්ධි (events) ඇතිකිරීමේ කාර්යය සිදුකරන නමුත් එවැනි කණ්ඩායම් සැබැවින්ම ගැට`ඵ විසඳීමේ කාර්යන්ට යොමු වන්නේ ද නැත. එයිනුත් අප මෙහිදී අවධාරණය කරන්නේ නිර්මාණාත්මකව ගැට`ඵ විසඳීමේ කාර්යයන් (creative problem solving activities) ගැන වන්නේ නම් ඒ සඳහා සාධනීය හැකියාව ඇතිවන්නේ සිහින කණ්ඩායම් තුළය. මෙහි සඳහන් කරන MPIA  ක්‍රමවේදය එවිට අදාල වන්නේ නිර්මාණාත්මක ගැට`ඵ විසඳන සිහින කණ්ඩායම් සඳහා ය. එහෙයින් සංවිධාන ගත වූ පුද්ගලයින් වශයෙන් අපගේ අනාගත අවස්ථා කෙසේ වියයුතුදැයි සිහින දැකීමට ඇති හැකියාව විමසා බැලීම පිණිස මෙම ක්‍රමවේදය පියවර කිහිපයක් තුළින් හඳුනාගැනීමට උත්සාහ කරමු. 

Comments