විද්‍යාවේ දියුනුවට මහඟු මෙහෙවරක් කළ අබු අල් හසේන් ඉබන් අල් තායි Posted by Dilshan Sanjeewa on May 21, 2018
සිව්රු ඇඳ ගත් පමණින් භික්ෂුවක් නොවේ Posted by Dilshan Sanjeewa on April 01, 2016 Get link Facebook X Pinterest Email Other Apps දියකඩුවේ සෝමානන්ද හිමි කෙලෙස් ඕගයේ ගිලී ඉන්ද්‍රීය දමනයෙන් තොරව අසංවර කතා ඇත්තා සිව්රු දැරීමට නුසුදුසුය. (ධම්මපදය නව වන ගාථාව) දේවදත්තගේ අසංවර ක්‍රියා කලාපය අරබයා බුදුන් වදාළ අදහස වර්තමානයට කෙතරම් ගැලපේද? පසුගිය දා හෝමාගම අධිකරණ භූමියෙහි සිදු වූ තත්වය (ඥනසාර මුල්කොට) ඉහත බුද්ධ භාෂිතය සමඟ ගලපන්න. සිව්රු පැලඳ සිදු කරන සිය`ඵ අශීලාචාර ක්‍රියා තව දුරටත් බෞද්ධ ජන සමාජය ඉවසා සිටිනුයේ ඇයි? හෝමාගම අධිකරණයේ නඩුකාරතුමා පළමුව ප්‍රකාශ කර තිබුණේ භික්ෂුවක් නිසා ඥාණසාරගේ හැසිරීම ඉවසූ බවයි. නඩුකාරතුමනි, ඔබ භික්ෂුන් හඳුනාගනුයේ කහ රෙද්දක් හැඳීමෙන් ද? එසේ නොකටයුතු බව ඉහත දැක්වූ ධම්ම පද ගාථාවේදී බුදුන් වදාරා ඇත. ඇතැම් ලාංකිකයන් සිව්රු දැරූ හැමටම භික්ෂුන් යැයි ඇමතීමට පුරුදු වී ඇත. එය එසේ නොවිය යුතුය. හරකෙක් සිවුරු ඇඟලාගත හොත් වඳිනවාද? කාලාන්තරයක් ලාංකික සමාජය අවිචාරයෙන් භික්ෂුන් විෂයෙහි සමාචාර දක්වා කරගත් විනාශය කෙතරම්ද? සිව්රු ඇඟ පටලවාගත් හැමටම වඳින්න ගොස් වෙඩි කෑ අගමැතිවරයෙකු පිළිබඳ (බණ්ඩාරනායක) මෑත ඉතිහාසය සාක්‍ෂි සපයයි. වර්තමානයේද ඕනෑම තක්කඩියෙකුට සිවුර පොරවා භික්ෂුවක් ලෙසට හැසිරී සමාජයට උසාවියට බලපෑම් කළ හැකි තත්වයක් උදාවී ඇත. මෙම ඛේදනීය තත්ත්වය වහා වටහා ගෙන වෙනස් නොකළහොත් වැනසෙනුයේ බුදුසසුන පමණද? නැත ලාංකික සමාජයද නැවත ලේ හලන තැනකට වැටී වැනසෙනු ඇත. උදේ සවස ජන මාධ්‍ය විසින් පුම්බන ශ්‍රවණවේෂධාරීන්ට ඉඩදී සැබෑ භික්ෂුව නිහඬව විසීමද බරපතල තත්ත්වයකි. සැබෑ භික්ෂුවක් සංවාදයට පැමිණීමට මීටත් වඩා සුදුසු කාලයක් ඇද්ද? සිය`ඵ බිය බාලයාගෙන් උපදී යැයි බුදුන් වදාරා තිබේ. වර්තමාන කාලයේ සිව්රු ඇඟලා විකාර රූපී හැසිරීම් ප්‍රකට කරන බාලයන් නොඋපදවන බිය කුමක්ද? සිය`ඵ බිය උපදවයි. මාගේ මේ ආමන්ත්‍රණය ලාංකික සැබෑ භික්ෂුවටයි. ගරු ස්වාමීන් වහන්ස, ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙකුගේ (බුදුන්ගේ) දර්ශනයට සහ ඇඳුමට මුලාවී ලාංකික භික්ෂු වේෂධාරීන් සිදු කරන අලජ්ජි ක්‍රියා තව දුරටත් ඉවසමුද? තව දුරටත් සැබෑ භික්ෂුව පන්සලට හිරවී සිටියහොත් ලක්දිව බුදු සසුනත්, ලංකා සමාජයේ අනාගතයත් කෙතරම් විනාශ වනු ඇත්ද? වර්ගවාදයට, කුලවාදයට මිථ්‍යාදෘෂ්ටියට උඩිගෙඩිදෙන භික්ෂු වේශධාරීන් ඉදිරියේ මුනිවත රැකීම බරපතලම දුබල කමක් වහ වහා තේරුම් ගත යුතුය. උසාවි වටලන, පොලීසි වටලන අමාත්‍යාංශ වටලන මුග්ධ දේශපාලුවන් පසුපස වැටෙන, කූට ධනවතුන් ඉදිරියේ වැඳ වැටෙන අණවින, කොඩි වින තුළින් දුගී දුප්පතුන්ගේ රීරිමාංශය බුදින, අවිද්‍යාවෙන් මිනිසා මුලාකර අඳුරට ඇදදමන මේ පවිටන් ඉදිරියේ මුනිවත රැකීමද වරදක් නොවන්නේද? මේ අශීලාචාර මිථ්‍යාදෘෂ්ටික, විකාර අද සමාජයේ ඇතැමුන්ද පිළිගනිමින් සිටී. මේ තත්වය තවදුරටත් ඉවසීමෙන් අනාගතයේ ඇති වන ඛේදවාචකය කෙතරම් නපුරු වනු ඇද්ද? මෙම තත්වයට මුහුණ දීමට නම් සැබෑ භික්ෂුව සමඟිව ඒකරාශී විය යුතුය. සිය`ඵ මිනිසුන් විෂයෙහි කරුණා මෛත්‍රීයෙන් ජාතිවාදය කුලවාදය බැහැර කොට නුතන ලාංකිකයා ගිලී ඇති අගාධය පහදා දීමට ඉදිරිපත් විය යුතුය. නූතන පන්සල ලාංකික සමාජය හික්මවීමට අසමත් බව පළමුව සැබෑ භික්ෂුව වටහා ගත යුතුය. පන්සල අභ්‍යන්තරයෙහි ඇති අශීලාචාර බව හා අවිද්‍යාව පරාජය කිරීමට පළමුව පෙළගැසී දෙවනුව සමාජය දෙසට හැරෙමු. පමා වුවහොත් විශාල පසු තැවීමක් පමණක් ඉතිරි වනු ඇත. Comments
Comments
Post a Comment