දුක පැවසීමට දෙව්රම් වෙහෙරටම යා යුතුද? (විචාර ශීලී විය යුතු ගී රස වින්‍දන)


ගී රස වින්දන - 

විජේරත්න ගනේගොඩ 
ගීතය යනු තරුණ සිත් සතන් වඩාත්ම ආකර්ෂණය කරන කලා මධ්‍යය ලෙස හැඳින්වීමෙහි වරදක් නැත. දවසේ වැඩි කාලයක් ගීත වලට සවන් දෙන තරුණ තරුණියන් ද අප රටේ සිටින බව පෙනේ. වැඩ නොකරන සංස්කෘතියක් ඇති අප රටේ මෙය පුදුමයට කරුණක් ද නොවේ. කෙසේ වෙතත් කලා රස වින්දනය නරක දෙයක් ලෙස නොදකිමු. රස වින්දනය පාසල් විෂය මාලාවට ද ඇතුළත් වෙන්නේ රසාස්වාදය තුළින් මනස මෙන්ම හැඟීම් ද පෝෂණය වන බැවිනි. එහෙත් කණගාටුවට කරුණ වන්නේ අසන්නා ශබ්ද රසය පමණක් විඳ අර්ථ රසය බැහැර කිරීමයි. එවිට එය ඉන්ද්‍රියයන් පිනවා ගැනීමක් පමණක්ම වෙයි. එමඟින් අසන්නා යම් රසාස්වාදයක් ලැබුවද එය ඥාණමය සම්පත් පෝෂණය කිරීමට ඉවහල් නොවෙයි. එය මත්ද්‍රව්‍ය භාවිතයෙන් ලබන ආශ්වාදයකට වෙනස් නොවේ. 
ඇතැම් ගීත තරුණ සිත් වශී කරන අතර එමඟින් සන්නිවේදනය කරන පණිවිඩය අවිඥානිකව අසන්නාගේ මනසේ තැන්පත් වීම සිදුවේ.
. රසගුලාවක දවටා එවන මෙම සංකල්පනා තරුණ ජීවිත වලට මහත් සේ බලපෑම් කරයි. සමාජයේ ආධිපත්‍යය දරන පාර්ශවයන් හට සිය මතවාදය සමාජය තුළ පතුරුවා හැරීමට ගීතය යොදා ගැනීමට හැකි වී ඇත්තේ ගීතයේ ඇති මෙම ස්වභාවය නිසාය. අසන්නා ගේ අවිචාරවත් බවද මෙයට හේතු වේ. මෙම අධිපති මතවාදය අනතුරක් ලෙස හැඳින්විය යුත්තේ එය මිථ්‍යාව මත පදනම් ව ඇති නිසාය.  
මිනිස් සිත් තුළට ඉතා සූක්ෂම අයුරින් මිථ්‍යා සංකල්ප ඇතු`ඵ කිරීම සඳහා ලියැවුණු ගීත බොහෝ ගණනකි. කලකට ඉහත එක්තරා ගේය පද රචකයකු විසින් රචිත අද දක්වාත් බෙහෙවින් ජනප්‍රිය වුවත් මෙම ගීතය බෞද්ධ දර්ශනයට පවා පටහැනි, නිකම්ම නිකම් පුස්සක් බව වැඩි දුර විමසීමේදී ඔබට වැටහෙනු ඇත. 
“දෙව්රම් වෙහෙරේ - හිමි වැඩ සිටි සමයේ මා සිටියා නම් 
සමිඳුනි ඔබ පිළි සරණ පතා - මම එමි භවඳුරු කතර ගෙවා.....
දහසක් දොම්නස් දුක් ගිනි අතරේ -දැවෙන මහද සිතුවිලි ගිනි අඳුරේ
සමිඳ ඔබේ බුදු රුව දුටු පමණින් - නිවී නිවි යන අරුමය කිමදෝ 
ජීවනමානවම හිමි දැකගන්නට - මා නෙත කළ පින් මඳ බව වැටහේ 
එහෙයින් හිමි අනුරුව අබියස සිට බවුන් වඩමි මතු බුදුන් දකින්නට 
ජීවිත ගමනේ යෙදී සිටින මිනිසාට අනේකවිධ දුක් කම්කටො`ඵ වලට මුහුණ පෑමට සිදුවේ. එවැනි දුක් කරදරයක් හේතුවෙන් බලවත් චිත්ත පීඩාවකට පත්ව පිළිසරණක් සොයා යන අසරණ පුද්ගලයෙකු තුළ හටගන්නා සිතිවිලි සමුදායක් ගැන මෙම ගීතයෙන් කියැවේ. අපි මෙය විමසා බලමු. 
දුකක් හට ගන්නේ කෙසේද? “දහසක් දොම්නස් දුන් ගිනි” හටගන්නේ නිකම්ම නොවේ. දුක් කරදර අහසින් කඩා වැටෙන්නේ නැත. දුක් කරදර ඇතිවන්නේ හේතුවක් ඇතිවය. ජිවිතයට සම්බන්ධව ප්‍රායෝගික තලයේ පවතින අසමතුලිතතාවයක්, පරස්පර විරෝධී තාවක්, කිසියම් ගැටම්කාරී තත්ත්වයක් ඊට හේතු වේ. එය බොහෝ විට ආර්ථික ප්‍රශ්නයක්, රෝගී තත්ත්වයක්, පුද්ගල හෝ දේපල අහිමි වීමක්, පැහැර ගැනීමක්, වියෝ වීමක් වැන්නක් නිසා හටගත් ඛේදවාචකයක් විය හැකිය. මිනිසාට මුහුණ දීමට සිදුවන ඇතැම් සිත් වේදනා ඉවසා දරා සිටීමට පවා නොහැකි තරම්ය. එවැනි අවස්ථාවල ඇතැම් මිනිස්සු කිසිවක් තෝරා බේරා ගැනීමට නොහැකිව සියල්ල අවුල් කර ගනිති. කළ යුත්තේ කුමක්ද? නොකළ යුත්තේ කුමක්දැයි නොදැන දුවන්නන් වාලේ දුවමින් මහා විනාශයක් ළඟා කර ගනිති.  බොහෝ විට එසේ අවුල් කර ගන්නේ ඉතා සරල ප්‍රශ්නයක් බව අප දැක තිබේ. එසේ සිදුවන්නේ නිසි මග පෙන්වීමක් නොමැති කමින්ය. නොමග යාමෙන්ය. කොතරම් පණ්ඩිතයින්, ධර්ම දේශකයින් අප රටේ සිටියත් මිනිසෙකු කරදරයකට පත් වූ විට ඔහුට උපකාර කරන්නට හෝ අඩු තරමින් දුක කියන්නට හෝ කෙනෙකු සොයා ගැනීම උගහටය. වාසි නොලැබෙන දේවල් ගැන අසමින් කාලය නාස්ති කරන්නට අද කාලයේ මිනිස්සු ඉදිරිපත් නොවෙති. භික්ෂුන් වහන්සේලා සිටින්නේද සාමාන්‍ය මිනිසාගෙන් දුරස්වය. මේ අපේ ථෙරවාදී බෞද්ධ රටේ කලා කරුවන්ට මෙන්ම දේශපාලන නායකයින්ට ද දර්ශනයක් නැත. 
භික්ෂුන් වහන්සේලා තම වගකීම පැහැර හැරියත් දුකක් හටගත් විට කළ යුත්තේ කුමක්දැයි බුදුන් වහන්සේ සිය දේශනා වලින් ඉතා පැහැදිලිව පෙන්වා දී ඇත. චතුරාර්ය සත්‍යය තුළ දුකට විසදුම් ඇත. චතුරාර්ය සත්‍යය යනු දුක පිළිබඳව අති විශිෂ්ඨ විග්‍රහයකි. ඇත්ත වශයෙන්ම එය එක්තරා න්‍යායකි. විධි ක්‍රමයකි. එමඟින් පෙන්වා දෙන්නේ ගැට`ඵවක් විසඳා ගැනීම සඳහා එය විශ්ලේෂණය කර ගත යුතු ආකාරය යි. එහි පියවර සතර මෙසේය. 
1ග ගැට`ඵව කුමක්ද? (සිදුවූ දෙයෙහි යථා ස්වභාවය හඳුනා ගැනීම ) එනම් දුක්ඛ සත්‍යය 
2ග ගැට`ඵවට හේතුව කුමක්ද? (හේතු සාධක හඳුනා ගැනීම) සමුදය සත්‍යය 
3ග ගැට`ඵවට විසඳුම කුමක්ද? (විසඳුම හඳුනා ගැනීම) එනම් නිරෝධ සත්‍යය 
4ග ගැට`ඵව විසඳන මාර්ගය කුමක්ද? (ගත යුතු ක්‍රියා මාර්ගය හඳුනා ගැනීම) එනම් මාර්ග සත්‍යය 


ගැට`ඵවකට මිට වඩා හොඳ වෙනත් ප්‍රවේශයක් තිබිය හැකිද? 
එහෙත් මෙම ගීතයෙන් ශ්‍රාවකයාට දෙන ආදර්ශය කුමක්ද? ඉන් නිරූපණය කෙරෙන්නේ ප්‍රශ්නයට මැදි වී වේදනාවට පත්වූ තැනැත්තෙක් ප්‍රශ්නය විසඳා ගැනීමට උත්සාහ කිරීම නොව ප්‍රශ්නයෙන් පිට පැන තාවකාලික සහනයක් ලබාගැනීම සඳහා තමාම රවටා ගැනීමය. ඔහු සිතන්නේ බුදුන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටි සමයේ සිටියානම් උන්වහන්සේගෙන් පිළිසරණක් ලබා ගැනීමට යන බවය. බුදුන් වහන්සේ සිටියේ එදාය. ප්‍රශ්නය ඇත්තේ අදය. ප්‍රශ්නයක් ඇති වූ කළ මීට වසර 2500 කට ඉහත ජීවත් වූ අයෙකුගේ පිළිසරණක් සොයා යාම උමතු සිතිවිල්ලක් නොවන්නේද? අන්‍ධ භක්තිය උපයෝගී කොටස සලකා බලන්න. 
“ජීවානවම හිමි දැක ගන්නට - මා නෙත කළ පින් මඳ බව වැටහේ
එහෙයින් හිමි අනුරුව අභියස සිට - බවුන් වඩමි මතු බුදුන් දකින්නට 
ගේය පද රචකයා මෙම ගීත රචනා කොට ඇත්තේ බෞද්ධ දර්ශනය ගැන අවබෝධයකින් තොරව හුදෙක් භාෂා භාවිතය පිළිබඳව ඇති නිපුණතාවය පමණක් ප්‍රයෝජනයට ගනිමින්ය. බුදුන් දකින්නට අවශ්‍ය අයට බුදුන් දකින්නට හැකි මාර්ගය උන්වහන්සේ විසින්ම දේශනා කර ඇත. 
“යෝ ධම්මං පස්සති - සෝ මං පස්සති” (යමෙක් ධර්මය දකීද? හේ මා දකී) 
එතෙකින් නොනවතින උන්වහන්සේ ධර්මය දකින් ආකාරයද දක්වති. 
“යෝ පට්ච්ච සමුප්පාදං පස්සති - සෝ ධම්මං පස්සති” (යමෙක් පටිච්ච සමුප්පාදය දකීද? හේ ධර්මය දකී) 
ධර්මය මෙතරම් පැහැදිලිව දක්වා තිබියදී, බුදුන් දකින්නට භවඳුරු කතර ගෙවා යාමට හෝ බවුන් වඩන්නට උවමනා යැයි පවසන්නේ කුමක් නිසාද? මෙයින් සිදුවන්නේ අසන්නා ප්‍රායෝගිකත්වයෙන් ඈත්වී අවිද්‍යාවේ පතුලටම ඇද වැටීමය. 
පටිච්ච සමුප්පාදය යනු කුමක්ද? මෙයට පණ්ඩිතයන් විවිධ අර්ථ කථන දී අවුලෙන් අවුලට පත්කර ඇතත් සාමාන්‍ය ජනයාට තේරෙන හා ප්‍රයෝජනවත් වන අයුරින් විග්‍රහ කර ගතහොත් ඒ හේතු ඵල වාදයයි. “යේ ධම්මා හේතුප්පගවා....” වශයෙන් අස්සජී තෙරුන් වහන්සේ දේශනා කළ පරිදි හේතුවක් නිසා හටගත් දෙයක් වෙතොත්, හේතුව ඉවත් කිරීම මඟින් ඒ දෙය අහෝසි වී යයි. ඒ අනුව ප්‍රශ්නයක් විසඳා ගැනීමට තිබෙන හොඳම ක්‍රමය ප්‍රශ්නය ඇතිකළ හේතුව සොයා එය ඉවත් කිරීමය. 
හේතුඵල වාදය යනු ප්‍රශ්න කිරීමයි. එය කුමක්ද? එවැන්නක් සිදුවූයේ කෙසේද? එසේ සිදුවන්නේ ඇයි? හේතුවාදීයා ඕනෑම සංසිද්ධියක් තේරුම් ගන්නේ මෙසේ ප්‍රශ්න කිරීමෙනි. 

මෙයින් පෙනී යන්නේ ලොව පහළ වූ පැරණි ම හේතු වාදියා බුදුන් වහන්සේ බව නොවේද? දඹදිව එකල පැවති තත්ත්වයට අනුකූලව සකස් කළ ධර්මයක් ආගම වශයෙන් දේශනා කළත් පරම සත්‍ය ලෙස උන්වහන්සේ ගේ දර්ශනය තුළ අන්තර්ගතව ඇත්තේ “හේතු වාදය” ම බව පැහැදිලිව පෙනේ.
අවසාන වශයෙන් සඳහන් කළ යුතු කරුණක් ඇත. ජාතියක් වශයෙන් අප දියුණු නොවීමට ප්‍රධාන හේතුව වන්නේ මිථ්‍යාව තුළින් මුල්බැස ගෙන ඇති චින්තන වහල් භාවය තුළ මිනිසුන් අකර්මණ්‍ය වීමයි. මෙවැනි ගීත නිර්මාණද ඊට මහත් සේ දායක වෙයි. ගැට`ඵ සෘජුව මුහුණ දීමට ජාතිය ශක්තිමත් කළ හැකි ගීත නිර්මාණය කළ යුතුය. ලෝකය දියුණු වී ඇත්තේ ගැට`ඵ විසඳීමට දැරූ ප්‍රයත්නයන් තුළිනි. අයිසෙක් නිව්ටන්, ජේම්ස් වොට්, ජෝජ් ස්ටීවන්සන් වැනි විද්‍යාඥයින්ගේ සොයා ගැනීම් සඳහා එවකට පැවති ක්‍රියාශීලී සමාජ පසුබිම මහත් සේ බලපා ඇත. ගැට`ඵ විසඳීමට උත්සාහ කිරීම වෙනුවට ගැට`ඵ ඇතිවීම වරදක් (පෙර කළ අකුසල කර්ම විපාකයක්) ලෙස සිතා ඉවසා සිටීම හෝ වරද අන් අයට පැවරීම හෝ අනුන් ලවා විසදා ගැනීමට වෑයම් කිරීම අපගේ සහජ ගතියක් වී ඇත. ඉතින් අපට ඉදිරි ගමනක් තිබේද? 
(මෙම ලිපිය සංවාදයට විවෘතය) 

Comments