“පෘථිවිය දින 15ක් අඳුරුවීම” පට්ටපල් බොරුවක්


නාසා ආයතනයේ විද්‍යාඥයකු ලෙස සේවය කල ආචාර්ය කාවන් රත්නතුංග මහතා “පෘථිවිය දින 15 ක් අඳුරු වෙතැයි” යන්න පට්ටපල් බොරුවක් බව පවසයි. ජාතික රූපවාහිනියේ “යථාරූප” වැඩ සටහනකදී ඒ මහතා මේ බව කීය.

විවිධ ප්‍රලාප දොඩවන වෙබ් අඩවි එමටය. මෙ පුවතද එවැන්නක්. නොවැම්බර් 13 දා සිකුරු ග්‍රහයාත්, බ්‍රහස්පති ග්‍රහයාත් එක පෙලට පෙලගැසේ. එය හිරු පායන්නට ප්‍රථම දුරේක්ෂයකින් අපටද දැකබලා ගත හැකියි.

නාසා ආයතනය ද කියන්නේ ඒක සම්පුර්ණ බොරුවක් වග. ඒ නිසා පෘථිවිය දින 15ක් අඳුරු වෙනවා යන්නද බොරුවක් වග.

මේ ව්‍යාජ වෙබ්අඩවි වලට නොරැවටෙනු මැනවි පෘථිවිය අඳුරු විය හැක්කේ සුර්යග්‍රහනයකදී ස්වල්ප කාලයක් පමනි.

Comments