සටහන : ගුනතිලක මුනසිංහ
පාලිභාශා විෂය හා මෙරට බෞද්ධ ශාසන ඉතිහාසය සම්බන්ධ සැබෑ විද්වතෙකු ලෙසින් ප්‍රකටව සිටි මහාචාර්ය විලියම් ගයිගර් මහතා විසින් වර්ශ 1927 දී ජර්මන් බසින් ලියන ‘Der
Buddismus in Celon’ නමැති ලිපිය ගාල්ලේ පඤ්ඤාසේන හිමියන් විසින් ලක්දිව බුදුසසුන නමින් සිංහල බසට පෙරළා වර්ශ 1967 දී ප්‍රකාශයට පත් ‘ගයිගර් සමරුව’ නමැතිසඟරාවේ පලකර තිබුනා. එම ලිපියේ ව්‍යවහාරික බුදුසමය හා සඟසසුන ගැන ගයිගර් විසින් දක්වන ලද අදහස් සමුච්චයකි පහත දැක්වෙන්නේ.
“බෞද්ධ දර්ශනය හා අභිධර්මය පිලිබඳව පරිශිලනය භික්ශුන් හා උගතුන් අතර දැනුදු පවතී. එහෙත් එය පවතින්නේ නිර්මානාත්මක ආකාරයකින් නොව පැරනි අටුවා සම්බන්ධයෙන් ගනානුගතික පුනරුත්පාදක ක්‍රමයක් ලෙසින් පමනි. "
අවසාන වශයෙන් බුදුසමයෙහි එක් විශේශ ලක්ශනයක් සඳහන් කලයුතුය. මෙයනම් ශාස්තෲන් වහන්සේගේ පිරිනිවීමෙන් ඉක්බිතිව ආරම්භ කරන ලද ධාතුවන්දනාවයි. මෙය අනීශ්වරවාදි දර්ශනයක දක්නට නොලැබෙන ඇදහිල්ලකි. මෙය දැනට මහනුවර පන්සලෙහි සුරක්ශිතව තබා ඇති මහත් හරසර ලබන සර්වඥ ධාතුවෙන්ද ඔප්පු වෙයි.
මහයාන බුදදුසමයට සාමාන්‍ය කාරනයක් වන බුදුන් වහන්සේගේ දේවාරෝපනය (මෙරටේ) භික්ශුන් වහන්සේලා හා ගිහියන් විසින් ප්‍රතික්ශේප මහයාමයෙන් මෙරට බුදුසදුන වෙන්කරන ප්‍රධාන සාධකයකි.
වර්තමාන ගිහියා සංසාරය ගැන වැඩි සැලකිල්ලක් නොදක්වයි. ඔහුගේ වර්තමාන ජීවිතය පිලිගතයුතු සිද්ධියක් ලෙසසැළකේ.
පුරානතම බෞද්ධ ග්‍රන්ථනම් පාලි පර්යාප්තියට අයත්වන පොත්ය, බුදුන්වහන්සේගේ චරිතයත්, ධර්මයත් පිලිබඳ සම්ප්‍රදායන් සම්බන්ධ සවිස්තර සටහන් රාශියක් මේවා තුළ අන්තර්ගතව තිබේ. බුදුන්වන්හසේගේ පෞරුශයත් ක්‍රියාකලාපයත් පිලිබඳව චිත්‍රයක් සකස්කර ගැනීම නම් මේ සටහන් ආශ්‍රයෙන් අප කරුනු රැස්කරගතයුතුය. ඇත්ත වශයෙන්ම මේ සටහන් පරීක්ශාකාරිව විමසිය යුතුය. බොහෝ වැරදිත් අතිශයෝක්තීන් මේවා අතර ඇතිබවට සැකයක් නැත. මේවා මෙසේ ඇති වී තිබෙන්නේ බුදුන්වහන්සේ කෙරෙහි නැඹුර කරන ලද අත්‍යන්ත ගෞරවාදරය කරනකොට ගෙන බව ලෙහෙසියෙන්ම තේරුම් කළ හැක. එහෙත් බොහෝ කරුනු සම්බන්ධයෙන් දුශ්කරතාවකින් තොරව මෙබඳු වැරැදි හා අතිශයෝක්ති වෙන්කරගැනීම විචාරපූර්ව පාඨකයෙකු විසින් කල හැක්කකි. එවිට ඉතිරිවන අනෙක් කොටස් මඟින් දක්නට ලැබෙන බුදුන්වහන්සේගේ චිත්‍රය ව්‍යාජත්වයෙන් තොරය. සිදුවිය හැකි ස්වරූපයක්ද දරයි.
පාලි පර්යාප්තියෙහි සියලුම කොටස් එක සමාන අගයකින් යුක්ත නොවන බවද හැමට පලමුව සිහිපත් කර ගැනුම වටී. තරමක් පැරනීවුත් වඩාත් නුතනවූත් කොටස්ද එහි ඇත. ඒ නිසා ඇත්ත වශයෙන්ම පුරාතන කොටස් අපගේ ප්‍රධාන මුලාශ්‍ර විය.
පැවිදි පක්ශය ගැන සලකා බැලීමේදී මෙම පක්ශයට විවිධ කොට්ඨාශ අයත් වෙයි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු සිවුරු පොරවා ගන්නේ එය ජීවත්වීමට සහතිකයක් බදු එකක් වන නිසාය. භික්ශුන්ට ගිහියන් විසින් පිනට දෙනු ලබන දේ නිසා ජීවත් වෙයි. මොහු දිනපතා පිඬුසිඟා යනවිට ගිහියා දිවිගෙවීමට අවශ්‍යදේ පුදයි. ධනවතුන්ගෙන් විශේශයෙන්ම රජදරුවන්ගෙන් ලැබුනු පරිත්‍යාග කරන කොටගෙන් ලැබුනු පරිත්‍යාග කරන කොටගෙන ඇතැම් රටවල විස්මය ජනක ලෙස වස්තු රැස්වී තිබේ. මේවායින් ලැබෙන දේ ඒවා අයත් පන්සල්වල ප්‍රයෝජනය සඳහා නොවිනි. ලෝක සංචාරකයින් පහසුවෙන් යනෙන විශේශයෙන්ම ප්‍රසිද්ධ පන්සල් පිහිටි ඇතැම් පෙදෙස් වල සදාචාරය ඉතාමත් බරපතල අයුරින් පිරිහී තිබේ. මේ කාරනය පිලිබඳව දිවයිනට පැමින මගේ පලමුගමනත් දෙවෙනි ගමනත් අතර කාලය සම්බන්ධයෙන් මටම ප්‍රත්‍යක්ශයෙන් යමක් කිව හැකිය. මහනුවර පන්සලක් විශේශයෙන් දඹුල්ලේ ශ්‍රේශ්ඨ ගුහාවලින් සමන්විත පන්සලක් මීට නිදසුන් ලෙස දැක්විය හැකිය. පුසරාන කාලයෙහිදී භික්ශුන් විසින් ඉතා සුලු ලාභයක් ලැබීමෙන් පවා පන්සලට පැමිනි ආගන්තුකයාට දක්වන ලද අවංක කෘතඥතාව හා නිරහංකාර චාම්ගතිය වෙනුවට ලාභාපේක්ශාව අමුත්තන් සුරාකෑම යමක් ලබා ගැනීමට පෙරැත්ත කිරීම දැන් ඇතිවී තිබේ.
භික්ශුන් වහන්සේලා අතර නුසුදුසු කොටස් සිටින බව අපි හොඳින් දනිමු.
Comments
Post a Comment