සිරිපාල රනවක කංකානම්ගේ
• නැකැත්කරුවන්ට කාලගුන අනාවැකි කියන්න බැරි ඇයි?
2017 ජනවාරි මාසයේ ඇතිවූ වායුගෝලීය කැලඹීමෙන් ජනවාරි මාසෙ 23,24,25 සහ ඊට පසු දින කීපයක් වැසි වසින බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන තුරුම කිසිම නැකැත් කාරයකුට මේ ගැන කියන්න බැරිඋනා. හිටපු කාලගුන අධ්‍යක්ශ කේ.ආර්.අභයසිංහ මහතා ලියූ පොත් තුනක ලංකාවේ වැසි පවතින කාල වකවානු, අකුනු හා සුලං මඟින් ඇතිවන බලපෑම් ගැන පැහැදිලි විග්‍රහයක් ඉදිරිපත් කර තිබෙනවා. එවැනි විද්‍යාත්මක විග්‍රහයක් කරන්න මේ තාක් කිසිම නැකැත්කාරයකුට හැකි වෙලා නෑ. විද්‍යාත්මක නිරීක්ශන, පරීක්ශන හා නිගමන නැකැත්කරුවන්ට කරන්න හැකියාවක් නැති නිසයි ඒ.
• භූමිකම්පා ගැනවත් නැකැත් කරුවන් සඳහනක් කල බවක් දැනගන්න නෑ?
එහෙම නැකැත්කාරයෙක් ලෝකෙවත් පහල වෙලා නෑ. විද්‍යාත්මක පරීක්ශන තුලින් ලබාගන්නා දත්ත මඟින් භූමිකම්පා පිලිබඳවත් අනාවැකි කියන්න දැන් පුලුවන්. නැකැත්කාරයන්ට භූමිකම්පා ගැන අනාවැකි කියනවා තබා ඒවා සිදුවන හැටිත්, ඊට පදනම් වන භූ විද්‍යාත්මක හේතුවත් ඔවුන් දන්නවා දැයි කියන්න බෑ.
• සුනාමියක් වැනි සුවිශේශයක් ගැනවත් ඔවුන් කලින් කියන්න දන්නේ නැත්ද?
සුනාමියක් භූමිකම්පා සමඟ සම්බන්ධ අවස්ථා තිබෙනවා. සමහර භූමිකම්පා නිසා සුනාමි සිදුවන්නේ නෑ. මේවා ගැන පරීක්ශන කරන්න නැකැත්කරුවන්ට හැකියාවක් නෑ. භූමිකම්පාවක් විසින් මුදාහරින අභ්‍යන්තර ශක්තියේ ප්‍රමානය සිදුවන හානිය මැන බැලිය හැකියි. කාලගුන අනාවැකිවලට පදනම් වෙන්නෙ විද්‍යාත්මක දත්ත. කොහොම වෙතත් සීඝ්‍රයෙන් සිදුවන වෙනස්කම් කාලගුන අනාවැකි වරදින්ට හේතුවන වගත් අප දැන සිටිය යුතුයි.
• නැකත යන්න මවාගත්තක් - නිර්මානයක්. ඒ නිසා නැකැත් කාරයාගෙ අනාවැකිත් නිර්මානයන් බව කාටත් පැහැදිලි වෙන්න ඕනේ.?
ජ්‍යෙතිශකරුවන්ගෙ අනාවැකි නිතරම බොරු වෙනව, ජනාධිපතිවරනයෙන් මහින්ද දිනන බව, හිදෙල් කස්ත්‍රෝ 2016 මාර්තු 27 දා මැරෙන බව, 2017 ජනවාරි 27 දාට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මිය යන බව දැනටමත් බොරුවුනු අනාවැකි. මේකයි ඇත්ත.
• ඉතින් කොහොමද මේ බොරු කියන නැකැත් කරුවන් රැකෙන්නෙ?
කාලයක් තිස්සේ විශ්වාස කරගෙන ආ නිසා. ඒ වගේම නූගත් මිථ්‍යා විශ්වාසයන්වල දැඩිව එල්බගෙන ඉන්න අය මේවා රැකගන්නට කටයුතු කරන නිසා. ඒ වගේම මේක ජීවන මාර්ගයක් වී තිබෙන නිසා. මේක මිථ්‍යාවක් බව දන්න අයත් නොදන්නා ලෙස ඉඳීමත් තව හේතුවක්. සමහරු දැන දැනත් බොරුව බොරුව යැයි කීමට මැලිවෙනවා. රාහු-කේතු වශයෙන් ග්‍රහයින් දෙන්නෙක් නොමැති වුනත්, කෙන්දරේ ඒවා සඳහන් වෙලා තියෙනවා. අලුතින් සොයාගත් ග්‍රහයින් කේන්දරේට තාම ඇවිත් නෑ. කේන්දර බලා විවාහ වුනත්, නැතත් දික්කසාදයෙන් විවාහ ජීවිත අවසන් වෙන්න පුලුවන්. අන්‍යෝනය අවබෝධය විවාහ ජීවිතය සාර්ථක වීමට ප්‍රධාන අවශ්‍යතාවයක් හේතුව හා ඵලය දැනගෙන විමර්ශනශීලීව සොයා බලා විද්‍යාත්මක චින්තනය මඟින් තහවුරු නොකල සියල්ල ප්‍රතික්ශේප කරන්න. රිචඞ් ඩෝකින්ස් විද්‍යාඥයා දුන් අවවාදය එයයි. සත්‍යය යනු විද්‍යාත්මක චින්තනයයි. කාලාම සුත්‍රයෙන් බුදුන් දෙසූ දහමකට පාඩම් කර ගන්න.
Comments
Post a Comment