දේව සංකල්පය සැබෑවක්ද?


සිරිපාල රනවක කංකානම්ගේ 
• දෙවියකු සිටිනවාද? නැද්ද? බොහෝ දෙනෙකුට පැටලිලි සහගත ප්‍රශ්නයක්?

දෙවිවරු හෝ දෙවියකු ඉන්නවාද නැද්ද යන්න සොයා බැලිය යුතු ගැටලුකාරී ප්‍රශ්නයක්. දෙවියො ඉන්නවානම් ඉන්නේ කෙහේද? ඔවුන්ගේ හැඩ රුව කෙසේද? කන්නෙ බොන්නෙ මොනවාද? අඳුම් පැලඳුම් කොයි වගේද? මේ ප්‍රශ්න වලට උත්තර තිබිය යුතුයි. ලැබෙන පිලිතුරු වලට අනුව, දෙවියො ඉන්නවාද නැද්ද යන්න ඕනෑම කෙනෙකුට තීරනය කල හැකියි. අනෙක් සියලු ගැටලුවලට උත්තර දිය හැක්කේ ඒ අනුවයි.

• දෙවියකු දෘශ්‍යමානයෙහි නොසිටියත් මිනිස්සු දෙවියන් කෙරෙහි භක්තියක් දක්වනවා?

කටුකුරුන්ද සිද්ධිය ඔබ දන්නවා. දේව භක්තිය නිසා සාම්ප්‍රදායිකව මූදෙ ටික දුරක් ගිහින් බෝට්ටුවලින් ආපසු ඒමයි චාරිත්‍රය. වෙරලාසන්නයේ දූපතක ඇති දේවාලයක වාර්ශිකව කෙරෙන පූජාවක් මෙය. බෝට්ටුවක් පෙරලී 16 දෙනෙක් මිය යනවා. 29 ක් රෝහල්ගත කෙරෙනවා. බෝට්ටු පදවන්න අත් අඩංගුවට පත්වෙනවා. අවසර පත්‍රය අවලංගු වුනා. දේව භක්තිය නිසා ගෙවූ වන්දිය විශාලය. ඉතින් දේව භක්තිය ගැන ගැටලු ඇතිවෙනවා. මිථ්‍යාවන් පසු පස යාම මේ විනාශයට හේතුව. මිථ්‍යාව වෙනුවෙන් කාලය, ධනය, ශ්‍රමය, වැය කිරීම බරපතල අපතේ යැවීමක්.

දෙවියන් යනුවෙන් කිසිවකු සිටිනවා නම් බෝට්ටුව පෙරලීමෙන් වලක්වාගන්න ඔහු උදව් නොකලේ මන්ද? ජීවිත බේරා දෙන්න තිබුනා නේද? බෝට්ටුව නොපෙරලී රැක ගන්න තිබුනා නේද?
මේ අනුව පැහැදිලිවම තේරුම් ගත හැක්කේ දෙවියන් යනුවෙන් කිසිවකු නැති බව නොවේද? විශ්වාසයන් නිසා ලැබෙන ප්‍රතිඵල ගැන කලින් සිතා බැලිය යුතු නේද?

• ශ්‍රී පාදය සමන් දෙවි අඩවිය ලෙස සැලකෙනවා?

ඒකත් විශ්වාසයක් පමනයි. යම් යම් දේ විශ්වාස කරන්න එක් එක් පුද්ගලයාට ඇති අයිතිය පිලිගන්න වෙනවා. ඒත් විමසුම් බුද්ධිය මෙහෙයවා යථාව දකින්න කාටත් හැකි වෙන්න ඕනේ. ශ්‍රී පාදයට යන අතර රෝගීව මිය ගිය අය එමටයි. විශ්වාසය හා භක්තියට ශාරීරිකව අත්වන රෝගාබාධ වලට පිලියම් කරන්න බෑ. සිරිපාදේ කරුනා කරන බැතිමතුන් රැක ගැනීම දෙවියන්ගෙ වගකීම ඒත් ඒක ඉටුවෙන්නෙ නෑ.

• කතරගම දෙවියන්?

ඒකත් මිනිසුන් විසින් කල නිර්මානයක්. විශ්වාසයක් පමනයි. දේවාලයක කපුමහතෙකු කෑලි වලට කපා මරා පෝර උරයක දමා තිබියදී සොයා ගත්තෙ පොලිසිය. කතරගම දෙවියන්ගේ කර මාලය හොරා ගත්තා. ඒකත් සොයා ගත්තෙ පොලීසිය. දෙවියන්ට බලයක් තිබෙනවා. නම් ඒවා රැකගන්න දෙවියන් ක්‍රියා නොකරන්නේ ඇයි? මූනු හයක් අත් දොලසක් ඇති දෙවියකුට නොකල හැකි දෙයක් තිබිය නොහැකියි. ඒත් නිර්මාන වලට මිනිසුන්ගේ ප්‍රශ්න විසඳිය නොහැකියි.

• මක්කමත් දෙවියන් වැඩ වාසය කරන බව විශ්වාස කරනවා?

ඇත්තෙන්ම ඒකත් විශ්වාසයක්. ඉස්ලාම් භක්තිකයින් ප්‍රශ්න නොකර අදහනවා. මක්කම වන්දනාවේ යද්දීත් අනතුරුවලට භාජනය වීම් අසන්නට ලැබෙනවා. ඒවාත් දෙවියො බලන බවක් දැනගන්නට නෑ. හිතේ ඉන්න දෙවිවරු සැබෑ ලෝකයේ නෑ. මහනුවර පැත්තේ දේවාලයක කපුවකුගේ කිලෝ ග්‍රෑම් එකහමාරක මාලයක් නැතිවුනා. හොරු ඇල්ලුවේ පොලිීසිය. අසරන භාවයට පත්වූවකු බේරා ගන්න කපුවකුට පුළුවන්ද?

• කපුවකු රෝගී වූවාම බෙහෙත් අවශ්‍යද?

කපුවොත් රෝගී වූවාම රෝහලට ගොස් බේත් ලබා ගන්නවා. අනුන්ට පිහිට වන දෙවියන්ගේ නියෝජිතයාට තමාට පිහිට වෙන්න බෑ. කපුවා දන්නවා තමන් කරන කපටිකම.දෙවියන් තමාට පිහිට නොවන බව හරියටම දන්නේ කපුවාමයි.
• දේව සංකල්පය ඇතිවුනේ කොහොමද?

ලෝකයේ සිදුවන දේ හරිහැටි හඳුනා ගන්න. තේරුම්ගන්න ආදී කාලීන මිනිසාට දැනුම තිබුනේ නෑ. බිය නිසා ඔවුහු මුලින් ගස් ගල් ඉර හඳ තාරකා තමන්ගේ පිහිටට ඇති වස්තූන් සේ සලකා ඒවාට පුද පූජා පවත්වන්න පටන් ගත්තා. ඒ ඇසුරෙන් පසු කාලයේදී දේව ඇදහිල්ල බිහිවුනා. ලෝකය තේරුම් ගන්නා තුරුම ඒවා විශ්වාස ලෙස පවතිනවා. විද්‍යාත්මක ක්‍රමවේදය මගින් මේ මිථ්‍යාවන් ක්‍රමයෙන් අභාවයට පත්වෙමින් තිබෙනවා. වේගවත් ලෙස සමාජ ආර්ථික සංවර්ධනය මුල් බැස ගන්නා තුරු මේ සංකල්ප රුඳී පවතිනවා. සත්‍යය පහදාදීමෙන් මිථ්‍යාව යටපත් කිරීමට කටයුතු කිරීම හැම යහපත් මිනිසෙකුගේම වගකීමක්. වැඩවසම් ක්‍රමය තුල රජු රටේ ප්‍රධානියා. ඔහුව දේවත්වයෙන් පුදන්නට එකල මිනිසා සැදී පැහැදී සිටියා.

• කපුවන්ගේ ක්‍රියා පිලිවෙත ගැන කිව හැක්කේ කුමක්ද?

ජාතික රූපවාහිනියේ යථාරූප වැඩසටහනකදී පූජා වට්ටි තබන අයගේ අදහස් ඉටුවෙනවාදැයි විමසූ විට ලැබුන පිලිතුර වූයේ, “ඒවා ඉටුවෙනවාද නැද්ද යන්න අපි දන්නේ නෑ, පූජා වට්ටි දෙවියන්ට තියලා කන්නලව් කරන්න කීවාම අපි ඒක කරනවා.” ඒ පිලිතුරම ඇති, හිතන්න පුලුවන් කෙනෙකුට සත්‍ය තේරුම් ගන්න. අලුතෙන් වාහන ගන්න අය කතරගම දෙවියන්ට බාර වෙනවා. ඒත් කී දෙනෙකු වාහන අනතුරුවලට ලක්වෙනවාද?

Comments

  1. මමුලින්ම දෙවියන් වහන්සේ පොලවත් එහි අැති සියල්ලත් ඉර හද තාරකා මැවි වා නැත්නමි කො හෙන්ද මේවා අැති උනේ...?

    අපි පවිකර දෙවියන් වහන්සේගෙන් ඈත් උනා...

    ReplyDelete

Post a Comment