රාජ්‍ය ‘පැරණි රාජ්‍ය ’ හා ‘නූතන රාජ්‍ය’ කියල වර්ග කළ හැකියි. පැරණි රාජ්‍ය අනිවාර්යයෙන්ම වාගේ රාජාණ්ඩු ක්‍රමයක් එහි පාලකයා පත් වන්නේ පරම්පරා උරුමයෙන් මිස ජන සම්මතයෙන් නෙවෙයි. ඔහු මැරෙන තුරුම පාලකයායි. ඔහු දරුණු පාලකයෙකු වූවත් ජනයාට කළ හැකි දෙයක් නෑ. රජුව පාලනය කරන්න වර්ධනය වූ ක්‍රම නැහැ. ඒ නිසයි රජු දැහැමිවේවා (රාජා භවතු ධම්මිකො) කියල ප්‍රාර්ථනා කරල බලාගෙන ඉන්න වෙන්නෙ.
නමුත් නූතන රාජ්‍ය සැළකිය යුතු තරමකට ජනයා බලවත්, පාලකයාව අඩුම තරමේ විවේචනය කළ හැකියි. වසර කීපයකට පසු ජන්දයෙන් ඔහුව ගෙදර යැවීමටත් පු`ඵවන්.
පැරණි රාජ්‍ය තුළ රාජ්‍ය පැවැත්ම සම්බන්ධ මතවාදය (
ideology) ගොඩනගා ගන්නේ ආගමේ උදව්වෙන්. රජු බලයට පත් වන්නේ’ ලෝකය සාසනය රකින්න’,‘දළඳා වහන්සේ රකින්න’, ‘පෙරහැර කරන්න’, ‘රජු පැවත එන්නෙ බුදුන්ගේ නෑ පරපුරෙන්’ ආදී වශයෙන්. මේ සියල්ල තුළිනුයි රාජ්‍ය ගෙනියන්නේ.
ඒත් නූතන රාජ්‍ය රඳාපවතින්නේ මේ ආකල්ප මත නොවේ. එය සම්පූර්ණ ලෞකික වූ ආයතනයක් වන අතර ‘ප්‍රජාතන්ත්‍රවාදය’ මානව අයිතිවාසිකම් හා නිදහස’ වැනි සංකල්ප එහි මතවාදය සකසනවා. ඒ අර්ථයෙන් ගත්තම ‘රාජාණ්ඩු ක්‍රමයක්’ වූ ‘පැරණි රාජ්‍යය’ මානවයා අතහැර දමා ආ දියුණුවෙන් අඩු යුගයක් නියෝජනය කරනව.
ලංකාව සම්බන්ධයෙන් ගත්තම රාජ්‍ය සම්බන්ධයෙන් ඇතිවිය යුතු මේ යුග දෙක පිළිබඳ අවබෝධ ලොකු අඩුවක් දකිනවා. ලංකාවේ මේ සම්බන්ධයෙන් තියෙන්නෙ අඩු අවබෝධයක්. ඒ නිසයි ජන සම්මතයෙන් පත්වන පාලකයා ‘රජෙක්’ ලෙස තමන්ව හුවා දැක්කුවාම ජනයා අතර එය හිනාවට ලක් නොවන්නේ. එය මානවයා අතහැර දමා ආ අවලංගු තත්වයක් ලෙස නොසලකන්නේ. ඒ නිසයි දේශපාලකයින් අතීත රජුගේ කාර්යයක් වූ බුදු දහම රැකීම තම කාර්යයක් කියා හුවා දැක්වීම සඳහා වන වැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතු`ඵ කරන්නේ (සහ භික්ෂුන් අතර සමහර දෙනා එසේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එය ඇතු`ඵ වියයුතු යැයි හිතන්නේ).
දැන් බුදුදහම පැත්තෙන් බලමු, එයට රාජ්‍යය ආරක්ෂාව අවශ්‍යයයි කියා. දන්නා තරමින් බුදුන් බිහිවුනේ රජ පවුලක. බුදු වූ පසු අවශ්‍ය වුනා නම් උන්වහන්සේට රාජ්‍යය අනුග්‍රහය ගන්න තිබුණා ඉතාම පහසුවෙන්. නමුත් එවන්නක් ගත්තේ නෑ. රජුන් කළ අනුග්‍රහයන් මත රඳා පැවතියෙත් නෑ. අවසානයේ මියගියේ ගහක් යට. උදව්වට ළඟ හිටියේ එකම එක කෙනයි. ඒ ආනන්ද තෙරුන්, තමන් ළඟ මහණ වූ පිරිසට ධර්මය තේරුම් කර දීමෙන් පසුව ඔවුන්ට දුන් අවවාදය ඉතාම වැදගත්. ‘එකමඟ දෙදෙනෙක් නොගොහින් සාමාන්‍ය මිනිසුන් අතරට ගොස් ඔවුන්ගේ සතුට සැනසීම වෙනුවෙන් වැඩකරන්න’ මෙතන රාජ්‍යය ගැන කිසි සඳහනක් නෑ. ‘ගිහින් රජුන් පහදවා ගන්න, ඔවුන්ගේ උදව්වෙන් රටවැසියන්ද බෞද්ධ කරන්න, බෞද්ධ රාජ්‍යයක් ගොඩනගා බුද්ධාගම රැකගන්න’ මේ කිසිවක් එහි නෑ.
මූලික වශයෙන් මගේ අදහස රාජ්‍ය පූර්ණ ලෙස ලෞකික විය යුතුයි. එක් වාක්‍යයකින් සියලු රටවැසියන් සමානය කියා තව වැකියකින් ඒ රාජ්‍යය බුදු දහමට විශේෂ තැනක් දෙනවා කී විට පෙර කී වගන්තියෙහි කිසිම අර්ථයක් නැති වෙනවා යන්න මගේ අදහසයි. බුදු දහමේ එන දියුණු සංකල්ප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගන්නවාට මා විරුද්ධ නෑ. උදාහරණයකට සතර සංග්‍රහවස්තු අතර පෙන්වා ඇති ‘සමානාත්මතාව’ පිළිබඳ අදහස හොඳින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පුරාම පදනම් දර්ශනයක් ලෙස ක්‍රියාත්මක කළ හැකිය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කිසිම ආගමකට හෝ කිසිම ජන කොටසකට විශේෂයක් නොදැක්විය යුතුයි. එවිට බුදුදහමත් හොඳින් ආරක්ෂාවන බව මාගේ පුද්ගලික අදහසයි.
Comments
Post a Comment