මරණය පිළිබඳ හේතුවාදී අදහසක්


මරණාසන්නය සහ මරණය පිළිබඳව හේතුවාදීන් දක්වන අදහස් ඉතා පැහැදිලිය- එය බොහෝ දුරට වේදිකාවේ පහන් නිවීයාමත් සමග තිරය පහත වැටීමට සමානය- මරණින් පසු මට පැවැත්මක් නැත,  එමෙන්ම ඉපදීමට පෙරද මට පැවැත්මක් නොතිබුණි- මරණය සිදුවීමට නියමිත බැවින් එය ගැන වැඩි සැලකිල්ලක් දැක්වීම අත්‍යවශ්‍යය- මරණින් පසු මගේ මෘත ශරීරයට කුමක් කළ යුතුද? වෛද්‍ය විද්‍යාලයට ප්‍රදානය කිරීම, පුළුස්සා දැමීම හෝ පණුවන්ට ආහාරවීම විකල්පයන්ය- මගේ අවසන් මොහොත සාමකාමී හෝ වේදනාකාරී විය හැකිය- එය ගැන හෝ මගේ අවසන් සිතුවිලි හෝ අවසන් වචන ගැන සිතමින් වෙහෙසවීම අනවශ්‍යය- මගේ මරණ මොහොතට මගේ ජීවිතයේ අනෙක් කොටස්වලට වඩා වැදගත් යමක් ආරෝපණය කිරීම යුක්තිසහගතයද?- මෘත දේහයන්ට සමුදෙන්නට යොදා ගන්නා වටිනා මිනීපෙට්ටි, මල්වඩම් සහ අවමංගල උත්සව පැරණි මිථ්‍යාවන් මත පදනම් වූ සංකල්ප නොවේද? සිතා බලන්න ලොව පැවැත්ම ඇත්තේ තාරුණ්‍යය සහ අනාගතය මත මිස මරණය හෝ අතීතය මත නොවේ- මිතුරු කැල හා එක්වන්න, කා බී සතුටුවන්න, දේශන හෝ කඳුළු සැලීම් නොකරන්න- සොහොන් කොත්, ඵලක හෝ සිහිවටන වැනි දේවල් අනවශ්‍යය- සිහිවීම සඳහා රුක් රෝපණයන් නොකරන්න- මා පිළිබඳ මතකය මා සමගම අවසන් වීමට ඉඩ සලසන්න-

ජොනතන් රී (New Humanist ජූනි 2013 ඇසුරෙනි)

Comments