වෙලඳාම හොරකමට කියන තවත් නමක් යැයි කියමනක් අප අසා තිබෙනවා. ඒ කෙසේ වෙතත් වෙලඳාම ලෝකය පුරා ම මිනිස් වර්ගයාගේ එදිනෙදා පැවැත්මේ අත්‍යවශ්‍ය අංගයක්. භාන්ඩ හුවමාරුවෙන් ඇරඹුනු ගනුදෙනු මුදල් භාවිත කොට භාන්ඩ මිලදී ගන්නා ක්‍රමයෙන් ඔබ්බට ද යමින් තිබෙනවා.
වැඩවසම් යුගයේ පැවති භාන්ඩ හුවමාරුවේදී පවා සමාන වටිනාකම් සහිත භාන්ඩ දෙකක් හුවමාරු වූවා යැයි සලකන්න ඉඩක් නෑ. එදා භාන්ඩයක වටිනාකම තීරනය වූයේ එහි ප්‍රයෝජ්‍ය වටිනාකම අනුව. ගෙවන මුදලට වටිනා භාන්ඩයක් වර්තමානයේදී පාරිභෝගිකයාට ලැබෙතැයි විශ්වාස කරන්න බෑ. නිෂ්පාදකයකුගෙන් රුපියල් සියයකට මිලදී ගන්නා භාන්ඩයක් වෙලඳපොලේ රුපියල් තුන්සියයක් පමන වෙනවා. හැම භාන්ඩයක්ම නිශ්පාදනයේ සිට වෙලඳපොල තුල අලෙවි වන අවස්ථාව දක්වා විවිධාකාරයෙන් අගය එකතු කිරීමකට ලක් වෙනවා. මේ අනුව වෙලඳපොල සූරාකෑම ඉහල අගයක් ගන්නවා. භාන්ඩයකට ‘අගය එකතු කිරීමේ’ ක්‍රියාවලියේ දී පරිපූර්න භාන්ඩයක් පාරිභෝගිකයාට ලැබුනත් නිශ්පාදකයා ඒ එකතු කරන අගයෙහි සබෑ වටිනාකමට වඩා වැඩි මිලක් නියම කරනවා. භාන්ඩයක එකතු කල අගය ලබා ගන්නේ කම්කරුවාගේ ශ්‍රමය ද භාවිත කරමින්. එහෙත් කම්කරුවාට වත්, පාරිභෝගිකයාටත් ඉන් මහඟු ප්‍රතිඵලයක් අත් වෙන්නේ නෑ. මේවා වෙලඳ විජ්ජා. වානිජ ව්‍යාපාර පවතින්නේම ප්‍රථම කොට ලාභය පදනම් කරගෙන. ඉහල ප්‍රමිතියක භාන්ඩයක් අඩු ආදායම් ලබන පාරිභෝගිකයෙකුට ලඟා කර ගැනීම පහසු නෑ. එහෙයින් අඩු ආදායම්ලාභී බහුතර ජනතාවගේ අවශ්‍යතා සපිරෙන්නේ ප්‍රමිතියෙන් අඩු භාන්ඩ වලින්.
වෙලඳ පොලේ හැමවිටම එකම භාන්ඩයක් විවිධ මිල ගනන් වලට තිබෙනවා. ඒ තමන් අත ඇති මුදලට මිල දී ගැනීමේ හැකියාවට ඉඩ දීම පිනිස. විවිධත්වයට ඇති කැමැත්ත මෙහිදී මතු කර දැක්වූවත් ඇත්ත කාරනය වෙනත් එකක්.
වෙලඳ දැන්වීම් ‘කලාවත් ධනවාදී සංවර්ධනයේ දියුනු අවධියේ දකින්නට ලැබෙන්නක්. නූතන තාක්ශනයේ වර්ධනයත් සමඟ දැන්වීම් ප්‍රචාරයත් දැවැන්ත ව්‍යාපාරයක් වෙලා. පුවත් පතින්, පත්‍රිකාවකින් ඇරඹුනු දැන්වීම් ප්‍රචාරය ඩිජිටල් තාක්ශනය ඔස්සේ ඇස් නිලංකාර කරන වර්ධනයක් අත්කර ගත්තා. භාන්ඩ අලෙවිය, අලෙවි ප්‍රචාරනය එකට අත්වැල් බැඳගෙන භාන්ඩ මිල තවත් වැඩි කරන්නට හේතු වෙලා.
වෙලඳ දැන්වීම් ද පාරිභෝගිකයා මුලා කිරීමේ කටයුත්ත යසට රඟ දක්වනවා. විමර්ශනශීලීව දැන්වීමක් දෙස හොඳින් බැලුවොත්, දැන්වීමක අකුරු අතර චිත්‍ර ඡායාරූප, හෝ වීඩියෝ දර්ශන අතර තිබෙන මිථ්‍යාව ඔබට මැනවින් වැටහේවි. මේ වෙලඳ විජ්ජාත් විමර්ශනශීලී චින්තනයට හසු කර ගත යුත්තක්.
මිනිස් ජීවිත පෙලන රෝගාබාධ විජ්ජා කාරයන්ට හොඳ ඉල්ලමක්. හොර වෙද්දු, කට්ටඩි, කපුවෝ ආදීන්ට අතිරේකව ගොඩ වෙද්දුත් වෙද නාමධාරී තක්කඩියනුත් මේ ඉල්ලම හොඳට ගරා ගන්නා උදවිය. වෙලඳ දැන්වීම් ඔවුන්ගේත් හොද්ද බොර ගර ගන්නට හොඳ මෙවලමක්.
වෙලඳ පොලේ රවුමක් දෙකක් ඇවිද්දත් සොයා ගන්න බැරි තක්කඩිකම් එමටයි. හැම භාන්ඩයකම, සේවාවකම පිටුපස වෙලඳපොල සූරාකෑම අතිශය දරුනු වී ඇති වග වටහාගන්න වෙලඳ පොලටම රිංගා දැනගන්න උනන්දු වෙමු.
•විමර්ශි.
Comments
Post a Comment