සිරිපාල රනවක කම්කානම්ගේ (077-8049059)
ආහාර යනුවෙන් හඳුන්වන්නේ, සියලු ජීවීන්ගේ පැවැත්ම සඳහා අවශ්‍ය පෝශන කොටස් ලෙස දක්වන්න පුලුවන්. සොබාදාහම ඒ සියල්ල නිර්මානය කලා. ආහාර නැතිව කිසිදු ජීවියෙකුට ජීවත් වෙන්න පුලුවන් කමක් නෑ. නූතන විද්‍යා තාක්ශන දියුනුවේ ඵලයක් ලෙස වර්තමානයේ විවිධාකරයෙන් ආහාර වර්ග සකසාගන්නවා. අභ්‍යාවකාශ ගත වන්නට පවා සුසුදු ආහාර දැන් නිමවා තිබෙනවා.
වස යනුවෙන් හඳුන්වන්නේ, සියලු ජීවින් ලෙඩ කල හැකි, විනාශ කල හැකි, රසායන සංයුතීන්. ඒවා ස්වභාවිකවම නිර්මානය වී පවතින අතර, කෘත්‍රීමවත් නිශ්පාදනය කල හැකියි. ආහාර පෝශනය ලබාදීමට, වර්ධනයට පැවැත්මට වර්ගයා බෝකිරීමට උදව් වෙනවා. වස මගින් සිදුවන්නේ ජීවීන් විනාස කිරීම. ඒත් ඖශධ වශයෙන් අප සිරුරට ඇතුලු කරගන්නා දේත් එක්තරා ආකාරයක වස මිශ්‍රනයක්. සුදුසු මාත්‍රාවකින් භාවිත කිරීමෙන් ඉන් සිරුරට වන හානි වැලකෙනවා.
රස කාරක යනුවෙන් හඳුන්වන්නේ, අප ගන්නා ආහාර සැකසීමේදී රස වැඩි කරන්න භාවිත කරන ද්‍රව්‍ය. රස හඳුනාගන්නා දිව තෘප්තිමත් කරන්නේ විවිධ රස මගින්. පැනි රස, ඇඹුල් රස, තිත්ත රස, එවැනි රස කීපයක්. මේ රස වර්ග ආශ්‍රයෙන් තියුනු ලෙස දිව පිනවන්න පුලුවන් රස කාරක දැන් නිපදවා තිබෙනවා. සම්ප්‍රදායිකව ලංකාවේ ස්වභාවික රසයන් කුලුගැන්වූ ලුනු, මිරිස්, ගම්මිරිස්, කොත්තමල්ලි, සූදුරු, මහදුරු, කුරුඳු, කරපිංචා, ගොරකා, සියඹලා, දෙහි වැනි කුලුබඩු වලට අතිරේකව නිපදවෙන රසකාරක මගින් දිව පිවනවන්න කවුරුත් කැමතියි. පැනි බීම, රස කැවිලි, බිස්කට්, ආදී නිශ්පාදිත ආහාර වලට මේ රසකාරක එකතු කරනවා.
වැඩි රසයක් ඇති කරන්න මේ රස කාරක වැඩියෙන් යොදන අවස්ථා තිබෙනවා. එය පාරිභෝගිකයන්ට අනතුරුදායක විය හැකියි.
ආහාර නිශ්පාදනයේ දීත්, විවිධ රසායන සංයුතීන් ඇතුලත් ද්‍රව්‍ය පසට එකතු කෙරෙනවා. ඒවා පලතුරු එලවලු ධාන්‍ය ආදියට ඇතුලත් වී ශරීර ගත වෙනවා. මේ රස කාරක පිලිකා වැනි රෝගාබාධවලටද හේතු කාරක විය හැකියි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත රසකාරක වර්ග 20 ක් තහනම් කර තිබෙනවා. ඒ රස කාරක බරපතල ගැටලු ඇති කර තිබෙන බැවින්.
මේ ජවාරමේ මුදල් ඉපැයීම අරමුනු කරගෙනම සිදු වෙන්නක්. ලෙඩ රෝග ඇති කරන්නත්, ඒ රෝග වලට ඖෂධ නිශ්පාදනයත් දෙකම බොහෝවිට සිදුවන්නේ එකම බහුජාතික සමාගම් ආශ්‍රයෙන්. ඒ මගින් ඔවුන් දැවැන්ත ප්‍රාග්ධන සංචිත රැස් කර ගන්නවා.
මේවායේ හොඳ නරක පැහැදිලි කලයුතු වන්නේ විද්‍යාත්මක පදනමකින්. මිනිස් සිරුරේ ඉන්ද්‍රියයන්ට හානි සිදු කෙරෙන සැටි, ශාක හා සත්ව ජීවිතවලට වින කරන හැටි පමනක් නොව මුලු පරිසරයම දූශනය කරන හැටි එමගින් නිවැරදිව උගත හැකියි.
මිනිස් සිරුරේ ස්නායු පද්ධතියට, රුධිර සංසරන පද්ධතියට, මොලයට, සිරුර අභ්‍යන්තර අනෙකුත් ඉන්ද්‍රියයන්ට හානි සිදුවිය හැකි අයුරු එමගින් විද්‍යාත්මකව හඳුනා ගත හැකියි. වස සුලු ප්‍රමානයෙන් ශරිර ගත වූ අවස්ථාවේ සිට එමගින් ක්‍රමානුකූලව සිරුරට ඇති කෙරෙන හානි වර්ධනය වන හැටි විද්‍යානුකූලව දැන හඳුනාගෙන තිබෙනවා. ඒ විද්‍යාව හා තාක්ශනය ඇසුරෙන්.
Comments
Post a Comment