දිනක් අනඳ හිමියන් සමඟ මහමඟ වඩින බුදුහු සොරුන් විසින් මහමග දමාගිය රන්කාසි පොදියක් දක්නේ අනඳ හිමියන් විමසන්නේ “ආනන්දයෟ සර්පයෙක් පෙනේද? අනඳ හිමියන් පිලිතුරු දෙන්නේ “ස්වාමීනී ඝෝර විෂ සහිත සර්ප පතකඩයෙක් පෙනේ.”
බුදුහු පුද්ගලික දේපොල ක්‍රමය තරයේ ප්‍රතික්ෂේප කලා පමනක් නොව සෑම විටම පෙන්වා දුන්නේ තවත් යම් මහත්වූ කායචිත්ත පීඩාකාරි දුක්ඛ වේදනාවකින් ගැලවීම අතිමහත් පරිශ්‍රමයෙන් සෙවූයේ නම් එය ඇතිවූයේ තෘෂ්ණාව ලෝලය නිසා බවය. උන් වහන්සේ එය තමන් වටා සෑම තැනකම රජයනු දුටහ. මේ තෘෂ්ණාව නැමැති වැවී එන වෘක්ෂය වැසී එන්නේ පුද්ගලික දේපල ක්‍රමය නැමැති මුලෙන් බව උන්වහන්සේ දත්හ.
තමන්ද වැඩවෙසෙන තමා වටා ඇති සමාජය තුල පුද්ගලික දේපල ක්‍රමය භයානක ලෙස මිනිසුන් පෙලන බව, පීඩිතයා මහා දුඛ දෝමනස්සයන්ගෙන් පෙලන බව, නමුත් පීඩකයා තුන්කලට මාලිගා තුනක්ද, දැසි දස්සන්ද අන්තඃපුරද තබාගෙන සුරසැප විඳින බව උන්වහන්සේ දුටුවත් එම සමාජක්‍රමය වෙනස් කිරීමේ බලයක් උන්වහන්සේට නොවීය. එහෙත් උන්වහන්සේ ඊට විකල්පයක් ලෙස පිහිටවූ සංඝ සමාජය තුල උන්වහන්සේගේ බලය අපරිමිතද උත්තරීතරද විය. මුදලේ, පුද්ගලික දේපලක්‍රමයේ බලයට සංඝයට කඩාවැදී ඊට බලපෑම් කිරීමට උන්වහන්සේ ඉඩ නොදුන්හ.
“කිසියම් භික්ෂුවක යම් රනක් හෝ රිදියක් ලදහොත් හෝ තමා වෙනුවෙන් ලබාගන්නට කිසිවෙකු හෝ යෙදවුවහොත් හෝ එය තමන් සඳහා තැන්පත් කර තබන්නට ඉඩ දුනහොත් හෝ එය “පාපත්තිය” නම් ඇවැතකි. ඒ අනුව රන් හෝ රිදී එමඟින් භික්ෂුවට අහිමි කෙරෙයි. යම් භික්ෂුවක රන් හෝ රිදී භාවිතා කෙරෙන යම් ගනුදෙනුවක යෙදුනහොත් එයද “පාවිත්තිය” නම් ඇවැතකි.” (බුද්ධචරිතය 421 පිටුව මහාචාර්ය සුචරිත ගම්ලත්)
භික්ෂුවක් විසින් දරුණු අපරාධයක් මේ ඇවැතින් ගැලවීම සඳහා විනය නීති දඬුවම් පනවා තිබින. එදා මිල මුදල් සහ පුද්ගලික දේපලක්‍රමය අව්යම ලූ කෙල පිඬක්සේ පිලිකෙ කල ශාස්තෘන් වහ්නසේගේ ශ්‍රාවකයින් යයි තමන් විසින්ම හඳුන්වා ගනු ලබන වත්මන් භික්ෂූන් නම්ලත් පිරිසක් මහජන මුදල් කෝටි ගනන් අවභාවිතාවේ යෙදවු සොරුන් පිරිසක් රකින්නට, ඔවුන් වෙනුවෙන් දඩ මුදල් ගෙවන්නට තමන්ගේ පාත්තරයට සර්පයා වැඩම වූහ. මිල මුදල් ඉල්ලා පාත්තරය පාමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වූහ. එදා පිලිකුලෙන් ඉවතලු සර්පයා තම අරම අස්සේම තබා වැඳුම් පිදුම් කරති. මොවුහූ බලය ධනය වෙනුවෙන් සිය භික්ෂු ප්‍රතිරූපය ඉතා පහත් අන්දමින් අවභාවිතාවේ යොදවති.
බුද්ධ කාලීන සංඝ සමාජයේ ශ්‍රාවකයින් වහන්සේ ආමිසය ගත්තෝ ජීවත්වීම සඳහා පමණි. ආමිසය ගන්නට බුදුන් අනුදැන වදාලේ ජීවිකාව ගැට ගසා ගන්නට පමනක් බව “ධම්මදායාද”සුත්‍රය පැහැදිලි කරයි. එදා ශ්‍රාවකයින් වහන්සේලා සතු එකම ධනය වුයේ ඉනට ඇඳි සිවුරත් අතදැරු පාත්‍රයත් පමනි. බුදුන් තම ජීවිතයේ මුල් කාලයේ අත්දුටු ඉන්දියානු ඝනසංඝය මහැදුරු සුචරිත ගම්ලත් ශූරීන් කියන ලෙස පොදු දේපල ක්‍රමයක් තිබු කොමියුනිස්ට් ආකෘතියක් විය. එම නිසා සංඝය අනුයමින් බුදුන් පිහිටවු සංඝ සමාජය දේපල අයිතිය, පුද්ගලිකත්වය පිටු දැක්කාවූ සැබැවින්ම කොමියුනිස්ට් ආකෘතියකැයි පවසනුයේ එල්ඩන් බර්ග් සහ රීස් ඬේවිඞ්ස් පඬිවරුන්ය. බෞද්ධ විනයෙහි සඳහන් ලෙස සංඝය සතු සියල්ල සියලු සංඝයා සතුය. කිසි තනි භික්ෂුවකට අයිති කිසිම දෙයක් නැත. “කිසියම් භික්ෂුවකට තම පරිහරණය සඳහා නාමිකව දෙන ලද නමුත් තම ඉන හැඳි සිවුර කෙරෙහි වත් පුද්ගලික අයිතියක් නොවීය. සැබැවින්ම ඔහුගේ සිවුරද පොදු අයිතිය පිළිබඳ නීති වලට යටත් විය. ”(420 පිටුව බුද්ධ චරිතය සුචරිත ගම්ලත්)
බත් පිඩක් ඉල්ලා ගනු පිනිස ගිහිදනන් වෙත පාන්නට හඳුන්වා දුන් පාත්තරයේ සැබෑම ශක්තිය බුදුහු තම ස`ඵවන්ට කියා දුන්හ. හොරකමින් මැරකමින් සමාජය පෙලන වංචනික රාජ රාජ මහා මැතිවරුන්ට ලොකුම දඬුවම දිය හැක්කේ පාත්‍රයෙන්ම බැව් බුදුහු තම ශ්‍රාවතයින්ට කියාදුන්හ. එහෙත් ඒ සඳහා පාත්‍රය තිබීම පමනක් සෑහුනේ නැත. කෙලින් තබාගත හැකි කශේරුකාවකුත්, ආත්ම ශක්තියකුත් අවශ්‍ය විය. වංචනික පවිටන් තමන්ට දන් බෙදන්නට පැමිනි විට ශ්‍රාවකයින් වහන්සේලා විසින් කල යුතු වුයේ දන් පිලිගන්වනවා වෙනුවට පාත්තරය මුනින් හැරවීමය. බුදුහු තම සව්වන් වෙත පිරිනමන ලද එම “දන්ඩ යෂ්ටිය” හැඳින්වූයේ “පත්තනික්කුජ්ජන කම්ම” කියාය.
එදා පාත්තරය මුනින් හරවා අද මිටු පාලකයින් දන්ඩ යෂ්ටියෙන් මෙල්ලකල එතරම් නිර්භයවු මෙත්තා - කරුණා - මුදිතා - උපේකඛා ගුණයෙන් ලෝ සතුන් හැමකෙකුටම සමසේ පිහිටවූ චාම්වුද - නිරහංකාරවුද - අල්පෙච්ඡවුද - ශ්‍රාවකයින් වහන්සේලා වෙනුවට අදවැනි භික්ෂු ප්‍රතිරූපකයින් සිවුරුදරාගත් රස්තියාදුකාරයින් බිහිවූයේ කෙසේද?
රජෙකුගෙන් රජෙකුට ලැබුන දහම් පණිවුඩය දහම ලෙස මුල් බසිනවා වෙනුවට ලෞකික අර්ථය මහත් කොට සැලකු ශ්‍රාවකයනුත්, තම බලය පිහිටුවා, පතුරුවා තරකර ගන්නට වෙහෙසුන රජමැතිවරුනුත් තම හුදු ලෞකික අපේක්ෂා වෙනුවෙන් ආගමක් නිර්මාණය කලහ. රජමැතිවරුන් පැවිදි පෙල තමන් වෙත දිනාගන්නට නොමසුරුව රාජ්‍ය දේපල ධන පරිත්‍යාග නිසා එදා මුල් බුදු සමයේ චාම්වුද සරලවූද පන්හල මහා පන්සල් ආරාම බවට පත්වී පුද්ගලික දේපල ක්‍රමයකටද මනා ධනස්කන්දයකටද හිමිකම කියන පූුජනීය ස්ථාන නමින් දහසින් බැඳි පියලි එකතුකරන ව්‍යාපාරික ස්ථාන සමූහයක් පසුතල බිහිවනු දක්නට ලැබින. ඉන් පසුව වෙළඳ පොල ආර්ථිකයත් සමඟ පාරිභෝජන වාදයේ ගිලෙන ගිනියන්ටත් එහා ගොස් කසාවතින් සසුන වසා දැමු කූට ලුම්පන් - ප්‍රභූන් සහ පිරිහුන දේශපාලකයින්ගේ ක`ඵ සල්ලි සුදු කරන ලොන්ඩරි බවට පත් මහා පන්සල් සහ නායකවරු පාත්‍රය අත දරන්නේම කහවනු පිණිසම විය. ආගම පෙරට විත් දහම පලාගිය තැන මිනිසුන් සදාචාරවත් කරනු වෙනුවට අදදින සමස්තයේම දිස්වනුයේ සදාචාරයේ පිලිකාවකි. එදා බුදුහිමියන් පෙන්වු සර්පයා මත අද ආගම කරනම් ගසයි.■
Comments
Post a Comment