ලෙන්චිනා මගෙ නංගියේ
ඇයි? ගං තෙරට වී ගොම්මනේ
පෙත්තරේ ළඟ පැන් තොටේ
ගම්මානයේ පව් සෝදනා
රත්තරන් වී ක`ඵ වලාකු`ඵ
චන්ද්‍රයා සේ පායනා
ලෙන්චිනා ඇති වැඩ කළා
දැන් ගෙදර යං ක`ඵවර උනා
පින්වතුන් කැළ ඇන්ද ස`ඵ පිළි
සේදුවා නුඹ සේදුවා
තාම නෑ කිළිකුණු ගිහින්
ඒ කිම්ද නොදැනේ කාරණා
සේදිලා පරිශුද්ධ වීමෙන්
යුග දැත් නුඹෙ බබලනා
පද රචනය
- රත්න ශ්‍රී විජේසිංහ
ගායනය
- සුනිල් එදිරිසිංහ
බ්රාහ්මනයකු (කුලීනයකු) හෝ වසලයකු (කුලහීනයකු) වන්නේ උපතින් නොව ක්‍රියාවෙන් බව බුහුදු පෙන්වා දුන්හ. මානවයා එකම මූලයකින් හටගත් බවත්, පසුව ඔවුනොවුන් නියැලුන වෘත්තිය හෝ සේවාව අනුව කුල වශයෙන් බෙදීගිය බවත්, අග්ගඤ්ඤ සුත්‍රයේදී උන්වහන්සේ පැහැදිලි කළහ. සමාජයේ මුල්බැසගත් බ්‍රාහ්මණ දහම නිසා භාරතය දැඩි කුලභේදයෙන් (වර්ණ භේදයෙන්) බෙදී ගියද, බෞද්ධ පසුබිමක් තුළ මෙරට කුල භේදය භාරතයේ තරම් දැඩි නොවනු බව විද්වත් මතයයි. එසේ වුවද හින්දු කුල ක්‍රමයෙන් බිඳී ආ කුල ක්‍රමයක් මෙරට ඉතිහාසය තුළ ද පැවති බව මහාචාර්ය හේම එල්ලාවල, ඇම්.බී.ආරියපාල වැනි වියතුන්ගේ පර්යේෂණවලින් හෙළිවේ. ඒ අනුව රජ, බමුණු, වෛශ්‍ය, චණ්ඩාලි වැනි කුල ගැන සඳහන් වේ. කෙසේ වුවද මෙරටදී පහත් යයි සම්මත කුල භාරතයේ මෙන් දැඩි පීඩනයට ලක් නොවීය. රොබට් නොක්ස් මෙන්ම, ආචාර්ය ආනන්ද කුමාරස්වාමි වැනි පසුකාලීන සමාජ විශ්ලේෂකයන් 17,18 සියවස්වල උඩරට පැවති කුල ක්‍රමය ගැන පැහැදිලිව විස්තර කර ඇත. උඩරට කුල ක්‍රමය හුදෙක් වෘත්තිය පදනමක් මත ස්ථාපිත වී තිබුනි. මහනුවර යුගයේ වැඩවසම් ක්‍රමය තුළ විධිමත් වූ එකී කුලක්රමය සමාජයේ බෙදීමකට වඩා ඒකාබද්ධ කිරීමක් සිදු කළ බව පෙනේ. බි්රතාන්ය යුගයේදී වැඩවසම් ක්රමයේ පදනම බිඳී යාමත් සමඟ කුල ක්රමයේද දෙදරීමක් සිදුවිය.
දැනට දශක 5කට පමණ පෙර විශේෂයෙන් උඩරට ග්‍රාමීය ප්‍රදේශවල පැරණි කුල ක්රමයේ නටබුන් දක්නට ලැබුනි. ගැමියන්ට සුහදව සේවය සැපයූ ‘රිදි නැන්දා’ සහ ‘හේනෙමාමා’ ඒ අතරින් වැදගත් චරිතයක් විය. රටේ අධ්‍යාපන තත්වය කෙමෙන් දියුණුවීමත් සමඟ ඔවුන්ගේ ඊළඟ පරම්පරාවලට තම කුලය පිළිබඳ කිසියම් හීනමානයක් ඇති වූ බව පෙනේ. රත්න හ්‍රී ගේ ලෙන්චිනා ගීතය ලියැවෙන්නේ මෙවන් පසුබිමකය. තමා ලද අත්දැකීම්ද පදනම් කරගෙන එවන් ලෙන්චිනා කෙනෙකු පිළිබඳව සානුකම්පිතව බැලීමට ගත් උත්සහයකි ඒ.
ලෙන්චිනාද කුලීන ළඳුන් මෙන් ලෙයින් මසින් සැදි කතකි. වෙනසකට ඇත්තේ සමාජය විසින් ඇය පහත් යැයි සම්මත කිරීමයි. එවැනි සම්මතයක් පැනවී තිබු කතකට ලෙන්චිනා මගෙ නංගියේ යයි ඇමතීමට හැක්කේ මානවහිතවාදියෙකුටමය.
ලෙන්චිනා ගොම්මන් වනතුරු ගං තෙරට වී සෝදන්නේ ස`ඵ පිළි නොව ගම්මානයේ පව්ය. ජීවිකාව ලෙස අනුන්ගේ පව් සේදීම ලෙන්චිනාලාගේ සදාකාලික උරුමයද? එසේ නොවිය යුතුමය. සැඳෑ අහසේ ක`ඵවරව තිබු වළා ‘රත්තරන් ලෙස බබලන්නේ එසේ නොවිය යුතු බවට ඉඟි කරමිනි.
ලෙන්චිනා ලා වැනි කුලහීනයක් පාගා ගෙන සිටින ඊනියා කුලීනයන් පිළිබඳ යථාර්ථය කැටිකර දැක්වීමට රචකයා උපයෝගී කර ගන්නා යෙදුම අතිශයින් සාර්ථකය. උන් සඳහා යොදන පිංවතුන් යන වදන නූතන ව්‍යාජ බෞද්ධයන්ටද පොදුය. ඒ වංක, ව්‍යාජ පිංවතුන්ගේ කුණු සේදීම ලෙන්චිනාලාගේ උරුමය කර දී ඇත. ඒත් කොපමණ සේදුවත් උන්ගේ ධව වස්තුවල ඇති කිළි කුණු නොයයි. ඒවා සෝදන්නට සෝදන්නට ලෙන්චිනාගේ දෑත් තව තවත් පරිශුද්ධවී බබලයි. එවන් දෑතක් අල්ලා සිප ගැනීමට ශ්රාවකයාට නොසිතුනොත් අරුමයකි.
රත්න ශ්‍රී ගේ මානවහිතවාදී පැදි මාලාව සුනිල් එදිරිසිංහයන්ගේ සංවේදී හඬින් ගැයෙන මේ ගීය තුළින් ගාන්ධිලා, අම්බෙඞ්කාර්ලා ගත් මග යාමට අපට නොකියා කියන්නේද? ■
- කේ ඒ කුලතිලක
https://www.fiverr.com/creativebugsl/do-any-photo-editing-work-in-one-hour
Comments
Post a Comment