තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි - තිලක් සේනාසිංහ


මිනිසුන් සහ වාසස්ථාන වලට අරක් ගන්නා යක්ෂයන් පලවා හැරීම පිණිසයක් තොවිල් පැවැත්වීම අප ජන සංස්කෘතියේ ප්‍රධානතම අංගයකි. මෙම යක් තොවිල් වල සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගත නොහැකි අද්භූත දෑ සිදුවන බවට ද ජන විශ්වාසයක් පවතී. මේවා සාර්ථක වන්නේ එම අද්භූත සිදුවීම් පිළිබඳ යශෝරාවය පැතිර යාමත් සමඟිනි. යක් තොවිලයක අ`ඵයම් යාමයේ යක්ෂයා එම ආතුරයා හෝ නිවස හැර ගිය බව හඟවන ප්‍රධාන සාධකයක් තිබේ. එනම් ‘ලකුණක් පෙන්වාගෙන පලයන්’ යනුවෙන් යකැදුරු තැන කරන විධානයට අනුව තොවිලය සිදු කළ රාත්‍රියේ අ`ඵයම් යාමයේදී එම නිවස අද්දර ඇති කිරි ගසක අත්තක් අද්භූත ලෙස කඩා වැටීමෙනි.

මෙම අද්භූතජනක සිදුවීම සාමාන්‍ය ලක් වැසියන්ගේ පමණක් නොව විද්වතුන්ගේ පවා මවිතයට හේතු වූ බවට සපයා ගත හැකි සාක්ෂි කිහිපයක් ඇත. ඒ අතරින් ශ්‍රී ලංකාවේ මිනින්දෝරු වෘත්තියේ යෙදුණු ඕලන්දසම්භවයකින් යුත් විද්වතෙකු සහ විශිෂ්ටතම මානව විද්‍යාඥයෙකු වන ආර්.එල්.බ්‍රෝහියර් ලියු Discovering Ceylon කෘතියේ එන එක් සඳහනක් මගේ මතකයට නැගේ. එහි සඳහන් අන්දමට චින්තා නමැති යුවතියකට ආරූඪ වූ ‘ක`ඵ කුමාර යක්ෂයා’ පළවා හැරීමේ ශාන්ති කර්මයක් බ්‍රෝහියර් විද්වතාගේ නිරීක්ෂණයට ලක් වී ඇත. සුමනසිංහ නම් යකැදුරෙකු විසින් කරනු ලැබූ එම ශාන්ති කර්මයේ එළිවන ජාමය ඔහු සිය කෘතියේ විස්තර කරන්නේ මෙලෙසිනි.

“තෙල් සහ දුම්මල දමා පන්දම් නැවත ආලෝකමත් කෙරිණ. සුමනසිංහගේ ආරූඪය උච්ච ස්ථානයකට පත් වූ බව ඔහුගේ හැසිරීම් වලට මනාව පසක් විණි. කස පහර මෙන් තියුණු ඔහුගේ වදන් ද ශීඝ්‍රයෙන් උච්ඡ වෙමින් තිබිණ. ‘ක`ඵ කුමාර යක්ෂයා, මට ලකුණක් පෙන්නපන් ලකුණක් ! ලකුණක්! හිමිදිරියට හෝරාවක් පමණ තිබීයදී ඔහුගේ මුවෙන් නැගී අණකිරීමක් බඳු මෙම ආයාචනාත්මක ඉල්ලීම හාත්පස රැව්පිළි රැව් දෙන්නට විය. එවිටම එහි සිටි සිය`ඵම දෙනාගේ සිත් භ්‍රාන්ත කරවන සිදුවීමක් සිදුවිය. එනම් යක්ෂයා බැඳ තිබූ කොස්ගසෙහි අත්තක් හිටි හැටියේ මහ හඬ නගමින් කඩා වැටීමයි. එම සිද්ධියත් සමඟම යක්ෂයා එළවීම අතිශයින් සාර්ථක වූ බව සියල්ලෝම වටහා ගත්හ. තමන් මින් පෙර මෙබඳු සුවිශේෂ අවස්ථාවක් දැක නොමැති බව එහි සිටි කවුරුත් කීහ. 
ඒ මොහොතේම චින්තා යක්ෂග්‍රහණයෙන් අත්මිදුණාය... මෙහි අතිශයෙන් විස්මය එළවන දෙය නම් විශාල කොස් අත්තක් හටි හැටියේ බිම ඇද වැටීමය. එය කපා නොදැමූ බව පැහැදිලිවම දක්නට ලැබිණ. නමුත් ඒ අත්භූත රහස වටහා ගැනීමට මටද නොහැකි විය."

බ්‍රෝහියර් ශූරීන් එසේ කීව ද මෙම ශාන්ති කර්ම කලාවේ අප බොහෝ දෙනෙකුට එක්වරම නොවැටහෙන විධිමත් සවිමත් නිහඬ යාන්ත්‍රණයක් තිබේ. මේ සිය`ඵ සංසිද්ධීන් සිදුවන්නේ ඒ ඔස්සේය. මෙම යකැදුරුකම් සිදු කිරීමට ප්‍රධාන යකැදුරු, යකැදුරුගේ නායකත්වයෙන් යුතු අඩුම තරමින් පස් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එම නිවසට පැමිණෙති. ඒ එම ශාන්ති කර්මය සිදු කිරීමට දිනකට හමාරකට කලිනි. කොට්ටෝරුවන් හෙවත් ශාන්ති කර්මයේ ගබඩා බාරකරුවන් ඇතු`ඵ එම කණ්ඩාමේ කණිටු සාමාජිකයන් ලෙස හැඳින්වෙන කො`ඵ කුරුට්ටෙකු දෙදෙනෙක් නොවැරදීම පැමිණෙති.

බැලු බැල්මට ආවතේව කරුවන් සේ පෙනෙන මොවුන් නූතන ව්‍යාවහාරයට අනුව කිව හොත් එම ශාන්තිකර්මයේ ‘බුද්ධි අංශ සාමාජිකයන්ය.’ එම ශාන්ති කර්මය පැවැත්වෙන නිවසේ වට පිටාව සේම ඔවුන්ගේ පවුල් පසුබිම පුද්ගල විස්තර ආදීය සියුම් ලෙස නිරීක්ෂණය කරන ඔවුන් ඒවා ශාන්ති කර්මයට පෙර කාටත් රහසින් ප්‍රධාන ඇදුරාගේ කනේ තියති.

එවිට එම තොරතුරු අවශ්‍ය පරිදි කළමණාකරණය කර ගනිමින් ශාන්ති කර්මයේ දී ඒවා අවශ්‍ය පරිදි භාවිතයට ගැනීම යකදුරාගේ වගකීමකි. ඉහත සඳහන් කළ ආකාරයට යකදුරා ලකුණක් පෙන්නපන් ලකුණක් පෙන්නපන් යනුවෙන් යක්ෂයාට අණ දෙනුයේ එළිවෙන ජාමයේදීය. ඒ වන විට එම නිවැසියන් ඇතු`ඵ ශාන්ති කර්මයට එක් වූ සිය`ඵ දෙනා පසුවෙනුයේ දැඩි වෙහෙසකින් හා නිදිමතකිනි. ඒ අතර වාරයේ මා ඉහත සඳහන් කළ කො`ඵ කුරුට්ටන් දෙදෙනා මඳ වෙලාවකට දර්ශන පථයෙන් ඉවත්ව සිටීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්නොවේ. ඔවුන් එසේ ඉවත් වනුයේ එම ගෙවත්තේ ඇති කොස් ගසක් වැනි කිරි ගසක පොළවට අඩි 10ක් 15ක් උසින් යුතු අත්තක් සොයා එහි එල්ලී සිටීමටය. ඇදුරා ලකුණක් පෙන්නපන් ලකුණක් පෙන්නපන් යනුවෙන් කෑ ගසන්නේ ඒ මොහොතේ ඊට තරමක් දුරින් සිටින ඔවුන්ට ඇසෙන පරිදිය.

ඒ වන විට කොස් අත්තේ එල්ලී සිටින කො`ඵ කුරුට්ටන් දෙදෙනා එහි එල්ලී හැකි තාක් පදවමින් එය බිමට ඇද දමා සුරුස් ගා පස්ස දොරින් එම තොවිලය පැවැත්වෙන තැනට හීන් සීරුවෙම ළං විය යුතුය. මේ සඳහා තෝරාගන්නා කො`ඵ කුරුට්ටන් ගස් නැගීමේ කලාවේ විශාරදයින් විය යුතුය. නැතිනම් පොඞ්ඩ වැරදුනොත් යකාගේ පලායාම වෙනුවට ශාන්ති කර්මයේ සිටින්නවුන්ට අසන්නට ලැබෙනුයේ ගසකින් වැටී කොන්ද කඩාගත් කොලු කුරුට්ටකුගේ මර ලතෝනියකි.

කෙසේ හෝ යක්ෂාරූඨය නමැතිතත්වයක් ඇති බවත් මෙම ශාන්ති කර්මයේදී පිළිගැනෙන අතර ඉන් අත්මිදීම මෙසේ කොස් අත්තක් කඩා වැටීම ඔස්සේ සංකේතනය කිරීම නොවිධිමත් මනෝ චිකිත්සක ක්‍රමයකි. එමෙන්ම තමන්ට ආරූඨ වූ හෝ නිවසට අරක් ගත් යක්ෂයා පලවා ගියේය යන දැඩි විශ්වාසය එම සංකේතනය මඟින් වටහා ගන්නා නිවැසියන්ගේ මානසික ආතතිය, පීඩාව සහ විඝටනකාරී ස්වරූපය ඒ ඔස්සේම දුරු වීමේ හැකියාවක් තිබේ.

Comments