වර්තමානයේ අපේ දරුවන්ට ඔවුන්ගේ ළමා කාලය මු`ඵමනින්ම අහිමි කර ඇති නිසා ඔවුන්ට අධ්‍යාපනයේ පීඩනයෙන් නිදහස් වී සෙල්ලම් කරමින් දුව පැන අවිදිමින් සතුටුවීමට සතියේ ඉරිදා දිනය වෙන්කර දීමට ඔබතුමාගේ මැදිහත්වීම අපේක්ෂාවෙන් මෙම ලිපිය ලියමු.
අවුරුදු තුන හතර දරුවන්ගෙන් පටන් ගන්නා මොන්ටිසෝරි අධ්‍යාපනය පවා අප රටේ ක්‍රියාත්මක වන්නේ ළදරු මනසට පීඩාකාරී වන අන්දමටය. ‘ගෙදර වැඩ පැවරෙන්නේ ඒ කාලයේ සිටමය.
දරුවන්ගේ ප්‍රාථමික අධ්‍යාපනය පටන් ගන්නේ පහේ ශිෂ්‍යත්ව විභාගයේ දැවැන්ත අභියෝගය ඔවුන් ඉදිරියේ තබමිනි. එහෙයින් දෙමවුපියෝ තම දරුවන්ට ක්‍රීඩා පමණක් නොව සියලු ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද අහිමි කර ඔවුන්ගේ මු`ඵ කාලයම ටියුෂන් පන්ති සඳහා යොදවති. එහි ප්‍රතිඵලයක් ලෙස වයස අවුරුදු එකොළහට අඩු දරුවන් අතර බර වැඩිවීම්, අක්මාවේ අධික ලෙස මේද තැන්පත් වීම් ආදිය වැඩිපුර වාර්තා වේ.
ගරු ජනාධිපතිතුමනි, ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසුව ද දරුවන්ට නිදහසක් ලැබෙන්නේ නැ. තරඟකාරී අධ්‍යාපනයේදී පාසල් කාලයෙන් පසුවත් නිවාඩු දිනවලත් ඔවුන්ට ටියුෂන් පන්ති කරා යාමට සිදුවේ.
මෙසේ දරුවන්ට සෙල්ලම් කාලය අහිමි වීමෙන්, ක්‍රිඩාව අහිමිවීමෙන් ඔවුන්ගේ මානසික වර්ධනයට හානිකර බලපෑම් ඇතිවේ. ඒවා අතර මනස විකෘතිවීම, ආත්මාර්ථකාමිත්වය වර්ධනය වීම, ජය පරාජය දරා ගැනීමට නොහැකිවීම, සමාජය තුළට අනුගත නොවීම, පරිසරයට ආදරය නොකිරීම වැනි දේවල් ප්රමුඛ වේ. ඒවා යහපත් පුරවැසියන් බිහි කිරීමේ බාධාවන්ය.
පීඩනය දරාගත නොහැකි වන විට එය දිවි නසා ගැනීම් මඟින් මුදා හරින තරමට ඛේදනීය තත්වයට පත්වුන දරුවන් ගැනද අතරින් පතර අසන්නට ලැබේ.
ජාතියේ මෙම අවාසනාවන්ත තත්වයට පිළියමක් ලෙස, දරුවන්ට මු`ඵ ඉරිදා දිනයම වෙන්කර දීමටත් අමතර පන්ති, ආගමික අධ්‍යාපනය සහ වෙනත් වැඩකටයුතු සඳහා ඉරිදා හැර වෙනත් දින යොදා ගැනීමටත් අවශ්‍ය පියවර ගන්නා මෙන් ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
★
★
★
★
★
★
★
★
★
★
මගේ ළමයි දෙන්නා කොම්පියුටර් ගේම් ගහනවා. දුවනවා. හැන්ගෙනවා.. කඩු සටන් කරනවා.. ළමයි නෙවෙයි.. ස්ක්‍රීන් එකේ ඉන්න ඇනිමේටඞ් මිනිස්සු. එක වැඩයි හිනා වෙනවා. විස්සෝප වෙනවා. උඩ පනිනවා. ‘ඕ ශිට්’ කියනවා. ’ඕ මයි ගෝඞ්’ කියනවා. කොල්ලා හිටපු ගමන් අමතක වෙලා අර ‘ඒෆ්’ එකෙන් එන වචනෙත් කියලා වට පිට බලනවා අම්මට ඇහුනද කියලා. බලා ඉන්නකොට පවු හිතෙනවා.
අපි ඇත්තට කරපුවා මේ අය TV ස්ක්‍රීන් එකක කරනවා. ඇඟ මහන්සිවෙන් නැතුව සෙල්ලම් කරනවා. අපි දාඩිය දාගෙන කරපු සෙල්ලම් මේ ලමයි කිසිම මහන්සියක් නැතුව කරනවා. සීමා, වැටවල් නොතිබිච්ච අපේ ලමා කාලේ ස්ක්‍රීන් එකෙන් ලබා ගන්නව.. අපි සොබාදමත් එක්ක කෙලින්ම ඩීල් දාගෙන හිටියේ. පලතුරු කෑවේ ගහෙන් කඩලා, සෙල්ලම් කරේ පිට්ටනියේ, ගස් ගල් වල නැග්ගා, සත්තු ඇල්ලුවා, මාලු ඇල්ලුවා, වැව් ඇල දොල වලින් නෑව, ගෙදර ඔක්තොටොම හදන බත් - එලවලු - කරවල කෑව. දැන් ඉන්න ළමයින්ට සොබාදමත් එක්ක කෙලින්ම වැඩකරන්න බෑ. අතරමැදියෝ ඉන්නවා. පලතුරු කඩන්නේ සුපර් මාකට් ගස් වලින්. නගින්න ගස් නැති හින්දා බිත්ති දිගේ බඩ ගාන්න හදනවා. දොරවල් වල එල්ලෙනවා. සෝෆා උඩ දුවනවා. ටැන්කියක මාලු දාගෙන උන්ව අල්ලනවා. බාත් ටබ් එකේ ස්විමින්ග් පූල් එකේ නානවා.
අපි පොඩි කාලේ බට්ට පැන්න හැටි අපේ කෙල්ලට ටෙලිෆෝන් එකෙන් විස්තර කරන්න ගිහින් මගේ හොඳ පණ ගියා. (ඉංග්‍රිසියෙන් බට්ට පනිනවට මොනවද කියන්නේ? බටිස් ජම්ප්ස් ද? කවුරු හරි පින්වතෙක් මට කියලා දීපල්ල ප්ලීස්) ඒ අය ඇඟට එක්සර්සයිස් කරන්න යන්නේ ජිම් එකට. අපි ගියේ වත්තට, කැලේට, පිට්ටනියට. අපි හොරෙන් පොල් කට්ටෙන් රා බොනකොට මේ අය කූල් බියර් ගහන්නේ කෑන් වලින්. අපි මයියොක්කා බයිට් කෑවට මේ අය කතන්නේ රෝස්ට් චිකන්. අපි වැස්සේ මඬේ සෙල්ලන් කරලා මඩ කරියෝ වගේ ගෙදර ඇවිල්ලා හෝදගෙන ඉස්කෝලෙ යනවා. දැන් එකෙක් තෙමුනොත් අම්මටත් උණ ගැනෙනවා. බෙහෙත් පෙත්තක් නොගිලපු අපේ ලොකුම බෙහෙත වුනේ කොත්තමල්ලි දැන් ඉන්න උන් කොත්තමල්ලි වලින් දවස් හතක් නෑව්වත් හරි යන්නෑ. වැටුනහම පේන් කිලර්ස් නොතිබුනාට පේන් ඉවසගන්න අපිට හයියක් තිබ්බා. දැන් ඉන්න උන් දවස් දහයක් අඬනවා, ඒ වැටුනු වැටිලි වැටුනනන්?
ස්වභාවධර්මය අපේ අයගෙන් ඈත් වෙනව. පොලොව පෑගෙන් නෑ. තණකොළ බොරලු පෑගෙන් නෑ. ගස් ගල් ඇඟේ වදින් නෑ. නිදිකුම්බා ඇනිල තියා දැකලත් නෑ. කොන්කිරිට් ලෝකෙ, මෙට්‍රස් උඩ ජීවිත. වයි ෆයි නැත්තන් හිස් ජීවිත එහා ගෙදර එකාට හෙණ ගැහුවත් කමක් නෑ. කොන්ක්රීරිට් ලෝකෙ, මෙට්‍රස් උඩ ජීවිත. එහා ගෙදර එකාට හෙණ ගෑහුවත් කමක් නෑ. සංස්කෘතියෙන්, ඉතිහාසයෙන් ඈත් වෙන ජීවිත. ප්‍රශ්නයක්ද? නෑ ප්‍රශ්නයක් නෑ. අරුමයක්ද? අරුමයක් නෑ. වැරැද්දකුත් නෑ. පරිණාමයේ විදිය.
‘Cyber Human’ හැදීගෙන එනවා. මුලු ලෝකෙම ස්ක්‍රීන් එකකට ගන්නව. මුලු ලෝකෙ එක්ක තත්පරෙන් සම්බන්ධ වෙනවා. ඒ කාලේ අපි දෙයක් ගැන දැන ගන්න පොත් හොයාගෙන දුවන්න ඕනෙ. අද ළමයෙකුට රොකට් සයන්ස්සුත් ඉගෙනගත හැකි ගූගල් කරල. (අපිත් ඉතින් වෙන ‘රොකට්’ ජාතියක් ගැනනන් හොඳට දැනගෙන හිටිය) ගල් යුගයේ මිනිසුන්ට වඩා කෘෂි යුගයේ අය වෙනස්. ඊට වඩා කාර්මික යුගයේ මිනිස්සු වෙනස්. අපි ඉපදුනේ ආතල් යුගයේ (ඒක මම හදාගත්ත යුගයක්.) අපේ ළමයි
Cyber යුගයේ අපි ජනරාල් කරගෙන කරපු වැඩ දැන් උන් කරන්නේ අන්තර්ජාලයෙන්. ‘ගැජට්’ වලින්. මොඉයිල් එකෙන් පෙම් හසුන් ලියන්නේ (ඒකෙන්, සෙල්ලන් කරන්නේ ටැබ් එකේ, පොත් කියවන්නේ ලැප්ටොප් එකේ, දවස් පහක් වයිෆයි නැතිවුනොත් උණ ගැනෙනවා. මාසයක් විතර නැතිවුනොත් දිවි නහගන්නත් බැරි නෑ.
Techno man දැන්
Cyber Man වේගෙන එනවා. මුලු ලෝකෙම මොබයිල් ෆෝන් එකට ගත්ත, ඒත් තනිවෙච්ච මිනිහා හැදීගෙන එනවා. ආගම්, සංස්කෘති, ජාති, කුල , ලිංග බේද නැති, ගහ කොළ සතා සීව්පා නොදකින අමුතුම මිනිසා බිහිවේගෙන එනවා. ප්‍රශ්නයක්ද? නෑ ප්‍රශ්නයක් නෑ. අරුමයක්ද? අරුමයක් නෑ. වැරැද්දකුත් නෑ. පරිණාමයේ විධිය. එහෙම නේද?
- විදාරන 2017 දෙසැම්බර්
නෑ ප්‍රශ්නයක් නෑ
ReplyDelete