අපේ ගමේ රටේ මිනිසුන් උදයේ අවදිවෙන්නේ අවට ඇති පන්සල් - පල්ලි - කෝවිල්වල යකඩ කටවල් වලින් තෝරතෝචිංයක් නැතිව ඇසෙන පිරිත් සජ්ක්ඩායනා සහ යාඥාවල කරච්චලයෙනි. රැකියාවලට යන මිනිසුන්ටත්, පාසැල් දරුවන්ටත් පාන්දරම අවදිවන්නට මේ ශබ්ද පුජා හොඳ වුවත් විවේකය අවශ්‍ය රෝගීන්ටත්, මහලු මිනිසුන්ටත්, කුඩා දරුවන්ටත් මේ ආගමික ඝෝෂා මහත් කරදරයක් වී ඇත. බොහෝ පන්සල් වල තුන්සිය හැටපස් දවසේම ලව්ඞ්ස් පීකර් හඬ දෙන කුමන හෝ පිංකමකි. ඒ අවට පන්සල් හා තරඟයටය. මේ ඝෝෂා මැද්දේ විභාග කරන දරුවන් පාඩම් කරන්නේ, ධාරණය කරගන්නේ කෙසේදැයි මේ උත්තමයින්ට වගේ වගක් නැත.
රත්මලාන පෙදෙස් ජීවත්වන වයෝවෘධ එක් කාන්තාවක් 2015 දෙසැම්බර් මස දිනක “සන්ඬේ ටයිම්ස්” පුවත් පතේ කතෘට ලියුම් තීරයට ලියමින් අසා තිබුනේ හදවත් අබාධයකින් ඔත්පලවී සිටින සිය සැමියාට නිවස අසල ඇති පන්සල්වල ස්පීකර් වලින් නැගෙන කඨෝර ශබ්දය මහත් කරදරයක් බවත්, රෝගියෙකුට පවා තම විවේක සුවය අහිමි කරන කවිබණ, ස්පීකර් වලින් නැගෙන කඨෝර ශබ්දය මහත් කරදරයක් බවත් රෝගියකුට පවා තම විවේකී සුවය අහිමි කරන කවිබණ ස්පීකර් පිරිත් වලින් ශබ්ද දුෂණය ඇතිකරනවා හැර ඇති ඵලය කුමක්ද යන්නය. ආරණ්‍ය සේනාසනවල භාවනායෝගීව වැඩ වෙසෙන - හිමිවරුන්ට පවා අවට පන්සල් වලින්ද, දළදා මාලිගාවෙන්ද නැගෙන ශබ්ද ඝෝෂාව මහත් හිරිහැරයක් බව මීට ටිකකලකට පෙර මාධ්‍යට පවසා තිබුනේ මහනුවර වජිරබුද්ධි හිමියන්ය.
ශබ්දය මනින ඒකකය ඩෙසිබල්ය. යමෙකු යාම්තම් මුමුනන ශබ්දය පවා ඩෙසිබල් 20ක් 30ක් පරාසයක පවතින අතර රාත්‍රි කාලයේ අවට නිවෙස් වලට ඇසෙන සේ රේඩියෝවක් හඬනැංවීම පවා අවරගනයේ පාරිසරික අවභාවිතාවකි. (උ්‍යධ) ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගනනය කිරීම් වලට අනුව ශබ්ද විකාශන යන්ත්‍රයක අවම ශබ්දය පවා ඩෙසිබල් 80 ඉක්මවයි. ඩෙසිබල් 80 ක 90ක ශබ්දයක් පැයකට වැඩි කාලයක් ශ්‍රවණය කිරීම නිසා මිනිස් කන් බෙරයට හානි සිදුවන බවත්, එය දිගින් දිගටම සිදුවීම ශ්රවනේන්ද්රියට ඉතා අහිතකර බවත් පවසනුයේ කොළඹ ජාතික රෝහලේ - කන - නාසය උගුර පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍ර ජයසුරිය මහත්මියයි. ගමක් වටා පන්සල් කිහිපයක් ඇතිවිට මේ පන්සල් එකිනෙකා පරයා ලවඞ්ස් පිකර් යොදා ධාතු පුජා, බෝධි පුජා, නොයෙකුත් ශබ්ද පුජා දින තුන්සිය හැටපහේදිම පවත්වද්දී, ආගමේ නාමයෙන් නිවෙස්වල මාපිය වන්දනා - කවිබණ - විරිදු බණ හඬ තලද්දී, හන්දියක් ගානේ ඉදිකර ඇති බුදුකුටි වලින් ශබ්ද පූජා නිති පතා සිදුකරද්දී මේ අවට සිටින මිනිසුන් ශ්‍රවණ ආබාධිතයින් වීම නොවැළැක්විය හැකිය. ශ්‍රී ලංකා පුරවැසියන් වැඩිදෙනා බිහිරන් කිරීමේ ව්‍යාපෘතියක ආගමික ප්රභූවරන් සියලුදෙනා සම්මුතිගත වී ඇද්දැයි අපට නම් සැක සිතේ.
ඇමෙරිකානු මනෝ වෛද්‍ය විශේෂඥ රොයි අරන්දාට අනුව යමෙකු ඩෙසිබල් 80 ඉක්මවා කවර ශබ්දයකට වුව දිගින් දිගටම ගොදුරු වුවහොත් ඔහු හෝ ඇය සාංකාව - විශාදය - ස්නායු ආබාධ - හිසරදය - මානසික අසමතුලිතභාවය - ලිංගික බෙලහීනතාවය හා හිස්ටීරියාවටද ගොදුරු විය හැකිය. ඝෝෂාකාරි පරිසරයක හැදෙන - වැඩෙන ළමුන් කලහකාරි හැසිරිම් රටාවන්ට උරුමකම් කියන අතර ඔවුන් අනෙකා නුරුස්සන බව ඇමරිකානු රටගර්ස් සරසවිය මඟින් කල පරික්ෂණ මඟින් සොයාගෙන ඇත. ඩෙසිබල් 80 ඝෝෂාව මිනිසාගේ ස්නායු පද්ධතිය ඉමහත් පීඩනයකට ලක් කරයි. ගැබිනි මවක දිගින් දිගටම ඩෙසිබල් 80ක ස්පීකර් ඝෝෂාවකට නිරන්තරව නිරාවරණය වුවහොත් එමඟින් කුසතුල සිටින දරුවාගේ ශ්‍රවණ ඉන්ද්‍රියට දැඩි හානි සිදුවිය හැකි බව අනාවරණය කරන්නේ “මෙඞ්ස්කොප්” නම් ඇමැරිකානු වෛද්‍ය සඟරාවයි. ගමක් ගානේ නගරයක් ගානේ පාරක් ගානේ කරන ස්පීකර් ඝෝෂාව මහා පරිසර විනාශයක් වී සියලු මිනිසුන් ලෙඩුන් කරන්නට පෙර මෙම ශබ්ද ඝෝෂා වලට තිත තබන්නැයි දැනුවත් මිනිසුන් පාරට බැසිය යුතුය.
මෙම කාරණය පිළිබඳව සංවේදී බෞද්ධ භික්ෂුන් වහන්සේලා වැඩ වෙසෙති. උන්වහන්සේලා සඳහන් කරන්නේ අවට පන්සල්වල, පල්ලිවල ශබ්ද ඝෝෂා තමන්ටද මහත් කන් කරච්චලයක් බවයි. පුජ්‍ය හටන්ගල සුමේධ හිමියන් 2013 වසරේ ජුලි මස දිනෙක ‘fඩීලි මිරේ’ පුවත් පතට අදහස් දක්වමින් කියාසිටියේ පන්සල් - පල්ලි - කෝවිල් යන සියලු ආගමික ස්ථානයන් මඟින් සිදුකරන ශබ්ද විකාශනය විධිමත් නියාමනයකට පත්කල යුතු බවයි. ‘යම් ආගමික ස්ථානයක් තුල යම් ආගමික වැඩ සටහනක් පැවැත්වේ නම් එයට සහභාගිවන්නට පමනක් ඇසෙන සේ ශබ්ද වාහිනී යන්ත්‍ර හසුරුවන්නට ඒ තැන්වල බලධාරීන් වග බලා ගත යුතුයයි’ උන්වහන්සේ තවදුරටත් පවසයි. එවැනි පාලනයකින් තොර ඕනෑම දම් දෙසුමක්, සජ්ක්ඩායනයක් අවට පරිසරයට මහත් හානියක් කරන බව උන්වහන්සේ අවධාරනය කරයි. (රාවය පන්නරය 2015-12-05 දින)
භාවනායෝගී නෙදර්ලන්ත ජාතික ශූන තුසිත හිමියන් ශබ්ද දූෂණය ගැන කරන අවධානය අප රටේ ආගමික ප්‍රභූවරුන්ට දෙන අතුල් පහරකි. ඒ හිමියන් පවසන්නේ කුමක්ද? “බටහිර බෞද්ධයින් පලමු වතාවට ආසියාතික බෞද්ධ රටවල් විසිත්ත කරන අවස්ථාවන්හිදී ඒ රටවල ඇති ඝෝෂාකාරි පරිසරය දැක පුදුමයට පත්වෙනවා. ඔවුන් යන්ත්රාසයට පත්වන්නේ මේ මහා ඝෝෂාවට වැඩිපුරම දායකවන්නේ බොදු විහාරාරාමවල සවිකොට ඇති යකඩ කටවල් බව දුටුවාමයි. බුදුන් දෙසූ නිකලැල් දහම පොත පතින් ඉගෙන ලංකාව වැනි රටවල මහනවීමට පැමිනෙන බටහිර බොදුනුවන් සෑමවිටම සිතනුයේ පන්සලක් යනු දැඩි නිශ්ශබ්දතාවයක් රජකරන නිස්කලංක, සෞම්‍ය චාම් තැනක් බවයි. එහෙත් ගමේ පන්සල් හා නාගරික විහාරස්ථාන යනු ලොව භයංකාරම ශබ්ද දුෂකයන් යැය බැලූබැල්මට පෙනෙනවා. ලංකාවේදී අපට වැඩිපුරම ඇසෙන්නේ දිවා රෑ පුරා කන් බිහිරිකරවන ශබ්දයෙන් පටිගතකොට ප්‍රචාරය කෙරෙන පිරිත් සජ්ක්ඩායනාවනුයි.
ශ්‍රී ලංකාවේ මිනිසුන්ට උදෑසනින්ම අවදිවීමට එලාම් ඔර්ලෝසු අනවශ්‍ය බවත් උදෑසන 5ට අවට පන්සල්වල අරඹන ස්පීකර් බණ පිරිත් තිබෙන බවත් ශූණ තුසිත හිමියන් තවදුරටත් පවසනවා ගමේ රටේ ඝෝෂකාරීම දිනය පොහොය දිනය බවත් අවට පන්සල්වල යකඩ කටවල් එදාට පැය 24 පුරා මොරදෙන බවත් එයින් සිදුවන ශබ්ද දූෂණය පාඩුවේ ජීවත්වීමට ඇති මිනිස් අයිතිය පවා උදුරාගන්නා බවත් ඒ හිමියන් අවධාරණය කරනවා.
“තායිලන්තයේ සහ කාම්බෝජයේ බොදු විහාරස්ථානද තම සියලු ආගමික උත්සව අවස්ථාවල ඒවා සමරන්නේ ස්පීකර් මඟින් මහා ශබ්ද දූෂණයක් ඇති කරමිනුයි. ආසියාවේ වෙසෙන සියලු භාවනා යෝගීන්ට හා වෙනත් ආගම් අදහන අයට හා නිර්-ආගමිකයින්ට මෙම ලවුඞ්ස් පීකර් බුද්ධාගම මහත් පීඩාවකි. විපස්සනා භාවනාවේ යෙදෙන ආරණ්‍යවාසී හිමිවරුන්ගේ චිත්ත සමාධියට මේ ස්පීකර් ඝෝෂාව මහත් බාධාවකියි උන්වහන්සේ තවදුරටත් පවසනවා” (රාවය-පන්නරය 2015-12-05)
අනෙකා වෙනුවෙන්ම අනෙකාගේ හිතසුව පිනිසම තම දිවිය කැපකල උත්තමයෙකුවූ බුදුන් වහන්සේ එදා දඹදව තිබූ තිරස්චීන ගොර බිරම් සමාජය වෙනුවට බිහිකල සංඝ සමාජය සහ එහි ශ්රාවකයින් වහන්සේ ගමේද-නගරයේද-මහමගද හැසිරුනේ බහු ජනයාගේ හිතසුව පිනිසම විය. බුදුන් වහන්සේ නිහඬබව අගයකල උත්තමයකු බව අනෙකුත් ආගමිකයින් පිලිගත් බව ත්‍රිපිටකයේ නොයෙකුත් තැන්වල සඳහන්වේ. ශ්රාවකයින් වහන්සේලා “මුනිවත” රැකි පිරිසක්විය.
ධම්මපදයේ 49 වන ගාථාවේ
යථාපි හමරෝ පුප්පං - වණ්ණගන්ධං අනේට්ඨයං
පලේහි රසමාදාය - ඒවං ගමේ මුනී චරේ
“ඹඹරා මලිත් එහි පැහැය, සුවඳ නොතලා මල් රසය උරා බොන්නා සේ භික්ෂුවද ගම නොපෙලා ගමේ හැසිරිය යුතුය.” යි සඳහන් කර ඇත.
එහෙත් අද පන්සලත්, භික්ෂුවත් ගමේ හැසිරෙන්නේ මුනිවත කුමක්දැයි බුදුන් දෙසූ දහම තුට්ටුවකටත් මායිම්කර නොවේ. එසේ නොවේ නම් සෙසු ආගම් සමග තරඟයට පන්සල්, ආරාමවල ගොරහැඩි ශබ්ද ඝෝෂා පවත්වාවිද? මිනිසුන් බිහිරන් කරවන, ස්නායු ආබාධ - මානසික ලෙඩ ඇතිකරවන දරුවන්, රෝගීන්, වෘද්ධයින් පෙලන ශබ්ද දුෂණයට පෙළඹේවිද?
බුදුහු ශ්‍රාවස්තියේ මිගදායේ වැඩ විසු සමයෙක භික්ෂූන් සයනමක් මහා හඬකින් එකිනෙකා වාද කරමින් පිඩුසිඟා වැඩියේලු. අවට නිවෙස්වල නිවැසියන් මේ කච ඛචය ඉවසනු බැරිව බුදුන්ට පැමිණිලි කලේලු. එසේ ඝෝෂා කල භික්ෂු හයනම තමන් වෙත කැඳවු බුදුහු ඔවුන්ට අවවාද කලේ “අඥාන මිනිසුනි” බුදු පුතුන් පිඩු සිඟා වැඩිය යුත්තේ නිහඬතාවයෙනි. නිවෙසක් අසලට ගොස් උගුර පෑදීම වත් නොකල යුතුය. ඔබේ ඝෝෂාකාරි බව නිසා අපට අද සිටින ශ්‍රාවක පිරිස හීන කිරීමටත්, අ`ඵතින් එකතුවන පිරිස අඩුකිරීමටත් හේතුවන බව සලකන්න” ආරාමයේදී මෙන්ම මිනිසුන් වෙසෙන පෙදෙසේදීත් “මුනිවත” රැකීමට සිතට ගන්න”යනුවෙනි.
පරිසරයට පීඩාකාරි ශබ්ද දුෂණයට වැට බැදීමට අවශ්‍ය ප්‍රායෝගික නීති දියුණු රටවල පනවා ඇත. එම රටවල අනෙකාට හිරිහැරයක් වන ශබ්ද ඝෝෂා නැත. අපේ ජාතික චින්තන ඔස්තාර්ලාට නයාට අඳුකොල වැනි බටහිර ක්‍රිස්තියානි රටවලද එසේය.ශ්‍රී ලංකාවේදීද 1996 ජාතික පාරිසරික (ශබ්ද පාලන) රෙගුලාසි අනුව අනෙකාට පීඩාවක් ලෙස ශබ්ද නැගීම දඬුවම් ලබන වරදකි. එහෙත් 70%ක් බෞද්ධ ජනතාවක් සිටින අපේ රටේ නීතිය පොතට සීමාවේ. ආගමික බලධාරින්ට විරුද්ධව නීතිය කරවන්නට නායකයින් ඉඩදෙන්නේ නැත. අපේ අනුවන පාලකයින් කහ සිවුරටත් - ලෝගුවටත් බියවෙති. ආගමේ සිවිල් බලයට (සිවුරේ බලයට) නීතිය කරවන ආයතනත් බියෙන් තැති ගනිති. විනිසුරන් ආගමට අනුව නඩු විසඳති. අද රට පාලනය කරනුයේද - එදා පාලනය කලේද පිරිහුන ආගමික සහ දේශපාලන ප්‍රභූ සන්ධානයකි. ආගමටත් ප්රභූවරුන්ටත් නීතියක් නැතිවීම ඔවුන් නීතිය අවභාවිතාවේ යෙදවීම රට අන්ධකාරයකරා රැගෙන යාමකි. ලොව දියුණු රටවල් ආගම පුද්ගලික දෙයක් ලෙස රාජ්‍යයයෙන් ඉවත්කර තබා දියුණු මානව සමාජ බිහි කරද්දී අපි මධ්‍යතන යුගයට ආපසු ගමන් කරමින් සිටිමු. මුනිවත රැකි දහමකින් ශික්ෂණය වනු වෙනුවට පරිසරයට වින කරන ආගමක් අපි හිසමත තබාගෙන සිටිමු. උගත්-නැනවත් හිමිවරුන් පූජක තුමන් ඉදිරියට පැමින දහම මිනිසුන්ට තේරුම්කර දියයුත්තේ එබැවිනි.
Comments
Post a Comment